IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


මියන්මාරය - ශ්‍රී ලංකාව අතර වන්දනාකරුවන්ට වට්ටම් සහිත සංචාරක පැකේජයක්

 


(තිළිණි ද සිල්වා)

 
මියන්මාරය හා ශ්‍රී  ලංකාව අතර වන්දනාකරුවන්ට වට්ටම් සහිත සංචාරක පැකේජයක් අලුතින් හඳුන්වා දීමට අවදානය යොමුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
 
ඒ අනුව මියන්මාර සංචාරකයින් ඉදිරියේදී මෙරටට පැමිණීම දිරිගැන්වීම සඳහා වට්ටම් සහිතව මහනුවර, තිරියාය, අනුරාධපුර, පොළොන්නරුව  වැනි  සැලකිය යුතු ආගමික ස්ථාන ද ඇතුළුව සකස් කළ සංචාරක පැකේජ හඳුන්වා දීමට කටයුතු කළ යුතු බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය නලින් ද සිල්වා මහතා කියා සිටී.
 
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය නලින් ද සිල්වා මහතා ඉකුත්  04 වැනිදා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් සමඟ අන්තර්ජාලය හරහා පැවැත්වූ රැස්වීමකදී මේ බව සාකච්ඡා වූ බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
 
ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර දීර්ඝ කාලීන ඓතිහාසික හා ආගමික සම්බන්ධතාවය පදනම් කර ගනිමින්, වන්දනා සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා භාවිතයට නොගත් විශාල අවස්ථාවක් පවතින බව ද ශ්‍රී ලංකා තානාපතිවරයා මෙහිදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ බලධාරීන්ට පෙන්වා දෙන ලදී.
 
පශ්චාත් කොවිඩ් කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවේ දී වාර්තා චිත්‍රපට නිෂ්පාදනය කිරීමට මියන්මාරයේ ජාතික රූපවාහිනී නාලිකාවට ආරාධනා කිරීම හා මියන්මාර ජාතිකයන් ඉලක්ක කර ගනිමින්, දෙරට අතර ආගමික සම්බන්ධතාවය පිළිබඳ වීඩියෝවක් නිපදවීමට ද මෙම සාකච්ඡාවේදී  යෝජනා කෙරිණි.
 
තවද දෙරට අතර සෘජු ගුවන් සම්බන්ධතාවය ඇති කිරීම කෙරෙහි සැලකිය යුතු අවදානයක් යොමු වූ අතර, ඊට පවතින විකල්පයන් පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කෙරිණ.
 
මෙම අන්තර්ජාල රැස්වීමට ගුවන් හා අපනයන කලාප සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් එම්. දේවසුරේන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් සහ යැන්ගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශකවරිය ද සහභාගී විය.



අදහස් (1)

මියන්මාරය - ශ්‍රී ලංකාව අතර වන්දනාකරුවන්ට වට්ටම් සහිත සංචාරක පැකේජයක්

Karunaratna easinhe Thursday, 07 March 2024 11:45 AM

ඉතාමත්ම අගය කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 653 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site