IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මයික්‍රෝ සහ නැනෝ අංශුවලින් සමන්විත මුඛ ආවරණයක්

මෙරට ඉතිහාසයේ පළමු වරට වයිරස නාශක මයික්‍රෝ සහ නැනෝ අංශුවලින් සමන්විත මුඛ ආවරණයක් නිර්මාණය කිරීමට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහචාර්යවරු ඇතුළු කණ්ඩායමක් සමත්ව සිටිති.
 
එම මුඛ ආවරණය අද (2) වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීය.
 
මෙම නව මුඛ ආවරණය විෂබීජ නාශක පෙරණයකින් සමන්විත අතර ඊට අමතරව තවත් පෙරණ දෙකක් ද එයට ඇතුළත් ය. සේදුම්වාර 20ක් දක්වා භාවිත කළ හැකි මෙම පෙරණය කිසිදු සේදීමකින් තොරව මාසයක කාලයක් සඳහා භාවිත කළ හැකි යැයි ද පැවසේ.
 
වයිරස අංශු වෙන් කරවා එය කිසිදු ආකාරයකින් ශරීරගත වීමකට ඉඩ නොතබමින් වයිරසය විනාශ කිරීම මෙමඟින් සිදු වන අතර මුඛ ආවරණ නිපදවීම සඳහා භාවිතා කරන රෙදි වර්ග සඳහා ද සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම්වල කොලරය, අත් දෙකෙහි මැණික් කටුව ආශ්‍රිත ආවරණ සඳහා ද මෙම තාක්ෂණය යොදාගත හැකි බව පර්යේෂණ කණ්ඩායම පෙන්වාදෙයි.
 
එමෙන්ම වායු සමීකරණ යන්ත්‍ර සඳහා පෙරණයක් වශයෙන් යෙදිය හැකි මෙම වයිරස නාශකය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පෙන්වා දුන් කරුණු අනුව මෙම නිෂ්පාදනය දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොල සඳහා අපනයනය කිරීමේ ධාරිතාවයක් දක්වා වැඩිදියුණු කළ යුතු ක්‍රමවේද පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
 
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය ගාමිණි රාජපක්ෂ, කණ්ඩායම් සාමාජිකයන් වන වෛද්‍ය චමින්ද හේරත්, ගයාන් තිලකරත්න සහ රුවන් නානායක්කාර සහ දේශීය ඇඟළුම් සංසදයේ සභාපති හේමන්ත කුමාර යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
 
055



අදහස් (4)

මයික්‍රෝ සහ නැනෝ අංශුවලින් සමන්විත මුඛ ආවරණයක්

kamal Tuesday, 03 November 2020 04:46 AM

කාට නැතත් ඉහළම ගණයේ මුඛ ආවරණයක් සදාකාලිකවම පැළදවිය යුතු කෙනෙක්...

:       0       4

mahinda Tuesday, 03 November 2020 05:54 AM

පර්යේෂණ මහාචාර්ය තුමා ඇත්ලු කන්ඩායමේ අප්‍රහිත උත්සාහයට මුලු මහත් මානව වර්ගයේම උපහාරය පිදේ. ඒත් රටේ බහුතරයක් ජනතාව පරිභෝජනය කහ මේ භූමියේ වැවේනතුරු තහනම් කර ඒ වෙනුවට කූට ව්‍යාපාරකයයි, රටවැසියන්ටයි ඩයිවර්ග විකුණද්දී රටේ සහල් අතිරික්තයක් තිබියදී වගේම සහල් පර්යේෂණ ආචාර්‍යවරු බාස්මතී වෙනුවට කීරීසම්බා නිපදවා තිබියදී බාස්මතී සහල් පකිස්තානයෙන් ආනයනය කිරීමට කැබිනට් පත්‍රිකා හදන ඇමැට්ටකුට මෙවන් අති විශිෂ්ට පර්යේෂණයක් පුද කිරීම සුන්කයකුගේ පුටුපස මී පැණි බැදීමක් වැන්නකුයි මට සිතේ... ගරු පර්යේෂණ උතුමන්ලාට මින් යම් සිත්තැවුලක් වේ නම් සමාජ භජනය කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

:       0       4

kamalTuesday, 03 November 2020 08:44 AM

දේශපාලුවන්ට කඩෙ යන උගත්තු සැබෑ උගත්තුද?

:       0       0

sena Tuesday, 03 November 2020 11:13 AM

දැනට තියෙන එකවත් දන්නේ නැති මිනිස්සු ඔක දායිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site