IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


මුද්‍රණ කඩදාසිවල මිල ඉහළ යෑමෙන් පුවත්පත් කර්මාන්තය අර්බුදයක

(හර්ෂණ තුෂාර සිල්වා)

ආනයනික මුද්‍රණ කඩදාසිවල මිල ගණන් ඉහළ යෑමත් රුපියල අවප්‍රමාණය වීමත් නිසා පුවත්පත් කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඬේෂන් මහතා පැවැසීය.

ජනතාවට නිරවද්‍ය පුවත් සැපයීමේදී පුවත්පත් අන් මාධ්‍යවලට වඩා ඉදිරියෙන් සිටින බවත් එම කාර්ය ඉදිරියටත් අපහසුතාවකින් තොරව කරගෙන යෑම සඳහා බදු පිළිබඳ නැවත වරක් සැලකිලිමත් වන්නැයි ඉල්ලා සිටින බවත් කුමාර් නඬේෂන් මහතා කීය.

මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව නිල වශයෙන් ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ පැවැති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මහතා ඊයේ (27) පස්වරුවේ ඒ බව සඳහන් කළේය.

උත්සව සභාව ඇමතූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඬේෂන් මහතා මෙසේ ද කීය.

     “පුවත්පත් කවුන්සිලය සහ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් කරන්නැයි මා මෙහිදි සිහිපත් කරනවා. මාධ්‍යවේදීන්ට එරෙහිව දියත් වූ පරීක්ෂණ සම්බන්ධයෙන් මා සිහිපත් කරන්න කැමැතියි. ඒ ගැන නැවත වරක් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

ඒ වගේම මාධ්‍ය නිදහස වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා තරුණයකුව සිටියදී ආරම්භ කරන ලද සටන අඛණ්ඩව කරගෙන යන ලෙස ද ඉල්ලා සිටිනවා. 

ආනයනය කරන මුද්‍රණ කඩදාසිවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. රුපියල අවප්‍රමාණය වෙමින් තිබෙනවා. මේ තත්ත්වය නිසා කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

මේ පනවා තිබෙන බදු පිළිබඳ නැවත සලකා බැලීමක් කරන්නැයි මා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සෙස් බද්ද, වැට් සහ වරාය අධිකාරිය මගින් පනවන ලද බදු පිළිබඳ නැවත සලකා බැලීමක් කරන්නැයි මා ඉල්ලා සිටිනවා. පුවත්පත් අනෙක් මාධ්‍ය වේදිකාවලට වඩා ගුණාත්මකභාවයෙන් ඉහළ පුවත් සැපයීමක් කරනවා. ජනතාවට විශ්වාසනීය ආකාරයෙන් පුවත් සපයනවා.

ඒ නිසා මේ බදු පිළිබඳ නැවත සලකා බැලුවහොත් අපට අපේ කාර්යය වඩාත් පහසුවෙන් කරන්න පුළුවන්.

ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ද කැනේඩියානු පුවත්පත් මුද්‍රණ කඩදාසිවලට පනවා තිබූ සියලු බදු අඩු කළ බව මම මෙහිදි සිහිපත් කරනවා”.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (1)

මුද්‍රණ කඩදාසිවල මිල ඉහළ යෑමෙන් පුවත්පත් කර්මාන්තය අර්බුදයක

ananda Sunday, 30 September 2018 07:47 AM

මොකටද අර්බුදයකට යන්නේ මිල වැඩිකරන්න කොහොමත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1678 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1411 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site