කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
ගාලු දිසාව සමග බද්ධවූ පෞරාණික කර්මාන්ත රැසකි. වර කර්මාන්තයට ඒ අතරින් ලැබෙන තැන ඉහළය. බොහෝ අය මුහුදු ගියහ. තවත් සමහරු ගංගාවල ධීවර කර්මාන්තයේ නිරතවූහ. ගාලු දිසාවේ ධීවර කර්මාන්තය කළ ප්‍රධාන ගංගා ද කිහිපයකි. ඒ අතරින් මාදු ගඟ හා මාදම්පා ගඟ ගැන කතා නොකරම බැරිය. ඒ තරමටම මේ ගංඟා දෙක පාදක කරගනිමින් ප්‍රදේශ ගණනාවකම අය ධීවර කර්මාන්තයේ නිරතවූහ.
යම් යම් ගැටලු හා බාධක තිබුණද මාදු ගඟේ ධීවර කර්මාන්තය තවමත් සක්‍රීයව කෙරීගෙන යයි. එහෙත් මාදම්පා ගඟේ ධීවර කර්මාන්තය කිරීම අද ප්‍රශ්න වැළකි. ප්‍රශ්න නිසාම මාදම්පා ගඟේ ධීවර කර්මාන්තය දිනෙන් දිනම පිරිහෙමින් තිබේ.
මාදම්පා ගඟේ ධීවර කර්මාන්තය දිනෙන් දිනම පිරිහී යනුයේ එමගින් ජීවත්වූවන්ටද දිනෙන් දිනම මහ මඟ උරුම කරමිනි. මේ හේතුව නිසාම ධීවර කර්මාන්තය කළ මාදම්පා ගඟේ ධීවරයන් රැසකටම රැකියාව අහිමිව ගොස් තිබේ. අපට කළ නොහැක්කකි. කළ හැක්කේ අදාළ බලධාරීන්ට සහ නිලධාරීන්ට පමණි. මේ ඔවුන් සඳහාය.
මාදම්පා ගඟ පළාත් පාලන ආයතන දෙකකට මැදිව පිහිටා තිබේ. එකක් නගර සභාවකි. අනෙක ප්‍රාදේශීය සභාවක්ය. ප්‍රාදේශීය සභාව රත්ගමය. නගර සභාව අම්බලන්ගොඩය. මේ නිසාමදෝ මේ ගඟේ ධීවරයන්ට මේ නස්පැත්තිය සිදුව තිබෙනුයේදැයි අපි නොදනිමු. මාදම්පා ගඟේ ධීවරයන්ට සිදුව ඇති ව්‍යසනය විසඳන්න සෘජු ආයතනයක් නැත්තාසේය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මාදම්පා ගඟ අභය භූමියක් ලෙස නම් කර එහි නොකළ යුතු අනීතික කාර්යයන් ඇතුළත් කර ඇතත් එම ආයතනය දැනුවත්වම හෝ නොදැනුවත්වම එහි සඳහන් සියලුම අනීතික කාර්යයන් මේ ගඟ තුළ සිදුවෙමින් පැවතීම කණගාටුදායකය.
මේ ගඟට ආගන්තුකව බෝවී ඇති සත්ව විශේෂයකි. මේ සත්ව විශේෂය වැරටි නමින් මාදම්පා ගඟේ ධීවරයෝ හඳුන්වති. මේ වැරටි අද මුළු මාදම්පා ගඟටම වදයක්වී අවසානය.
මාදම්පා ගඟට අද සිදුව ඇති නස්පැත්තිය පිළිබඳව එම ගඟ පාදක කොට ගෙන ජීවත්වූ කිහිපදෙනෙක්ම අප සමග අදහස් දැක්වූහ.
ආර්.එම්.මහී මහතා:-
එදා මාදම්පා ගඟේ ඉස්සෝ, කලිස්සෝ වැහිවැහැලා හිටියා. මම විතරක් නෙමෙයි මේ ගඟේ ධීවර රස්සාව කළ බොහෝ දෙනෙක් මේ විදියට එදා ඉස්සන් නෙළාගෙන ජීවත්වුණා. එදා කොච්චරනම් මේ ගඟේ ධීවර රස්සාව කරලා ජීවත්වුණාද? අම්බලන්ගොඩ නගර සභා වගේම රත්ගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල දෙපිරිසම මෙහි ධීවර රැකියාව කිසිම කරදරයක් නැතිව කර ගෙන ගියා. ඒත් දැන් ගඟ පාලුවෙලා. ඉස්සන්,මසුන් ගඟේ නැහැ.
මේ හැමදේකටම හේතුව තමයි ගඟ දූෂණයවීම. අම්බලන්ගොඩ නගරයේම වැසි ජලය බසින්න සලස්වලා තියෙන්නේ මාදම්පා ගඟටයි. ප්‍රධාන කාණු කිහිපයක්ම හරවලා තියෙන්නේ ගඟට.ඒ කාණුවලින් නිවෙස් වලින් ඉවත් කරන හැම අපද්‍රව්‍යයක්ම එන්නේ ගඟට. අපි නගර සභාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ගඟට හරවලා තියෙන කාණුවලින් වැසි වතුර විතරක් බස්ස වන්න කියලා.එහෙත් මේ දේවල් අහන බලන සොයන නිලධාරීන් නැහැ.
දිලිප් චන්දලාල් මහතා:-
මාදම්පා ගඟට කවදාවත්ම නැති වසංගතයක් බෝවෙලා. වැරටි කියන සත්තු ජාතිය මාදම්පා ගඟට මහාම මහ වදයක් වෙලා. මීට වසර දෙක තුනකට කලින් මේ වැරටි හිටියේ ගඟේ තොටුපොළවල් දෙක තුනක විතරයි. මේ වනවිට මාදම්පා ගඟේ හැම තොටුපොළකම මේ වැරටි බෝවෙල. මේ වැරටි ගං ඉවුරුවල මසුන් දමන බිත්තර ආහාරයට ගන්නවා. මේ නිසා ගඟේ අලුතින් මාළු බෝවීමක් සිදුවෙන්නේ නැහැ.
ඇතැම් අය තමන්ගේ ඉඩම් ලොකු කර ගන්න ඒ වගේම සංචාරක මධ්‍යස්ථාන ඉදිකරන්න ගඟ ගොඩ කරලා. එවිට ගං ඉවුරු නැතිවෙලා ගිහිල්ලා. ගං ඉවුරු තමයි මසුන්ගේ වාසස්ථාන. වාසස්ථාන අහිමිවිමත් සමගම ගඟේ මසුන් නැතිවෙලා ගියා. මේ මෑතක ඉඳලා තවත් සමහර අය මාදම්පා ගඟේ සංචාරක ව්‍යාපාරය කරන්න යොදාගෙන තියෙන මෝටර් බෝට්ටු. ඒ අය ඉන්ධනයක් ලෙස භාවිත කරන්නේ ගඟට විෂ සහිත භුමිතෙල්. මාළු නැතිවෙලා යනවා.
ඇතැම් අය ගං ඉවුරුවල තියෙන කඩොලාන ශාක පද්ධති කපා විනාශ කිරීමත් මෙයට තවත් හේතුවක්. මේ මොනදේවල් සිද්ධවුණත් අභය භූමියක්ව නම් කර ඇති මාදම්පා ගඟ දිහා වන ජීවී දෙපාර්තමේන්තුව ඇහැක් ඇරලා බලන්නේ නැහැ. බොහෝ ජාවාරම්කාරයන්ගේ තෝතැන්නක් වෙලා තියෙනවා අද මාදම්පා ගඟ.
ජේ.පී.ජගත් මහතා:-
ඉස්සර අපේ ගඟේ හැම තොටුපොළකම ඉස්සෝ ඇති තරම් හිටියා. අද මාදම්පා ගඟේ තොටිපොළවල්වල ඉස්සෝ නැහැ. කටිල්ලෝ කොච්චර හිටියද, කකලුවන් කොච්චර හිටියද. කකුළුවන් අද ගගේ ඉන්නවනම් කකුළු අස්වැන්න නෙළන්නන් කෝටිපතියන් වෙලා. කකුළුවන් ඉන්නවනම් මෙහේ හෝටල්වලට ඇති තරම් දෙන්න පුළුවන්.
මාදම්පා ගඟට වැරටි බෝවෙන්න ප්‍රධානතම හේතුව තමයි ගඟේ ජලය කිවනොහැකි තරම් අපවිත්‍රවීම. ගඟට ගඟ ආසන්නයේ ඇති බොහෝ නිවෙස් වල නාන කාමරයේ වතුර හරවලා තියෙන්නේ ගඟට. මේ නිසා ගඟට සබන් වතුර, සබන් කුඩු වතුර, ෂැම්පු වර්ග එකතු වෙලා. මේ ආගන්තුක, විෂ සහිත වතුර මසුන්ගේ වර්ධනයට මෙන්ම බෝවීමට යෝග්‍ය නොවන නිසා මසුන් බෝවීම නැතුව ගියා. මාදම්පා ගඟේ මත්ස්‍ය සම්පත බේරා ගැනීමට තවමත් ප්‍රමාද නැහැ. මත්ස්‍ය සම්පත වඳවීයාමත් සමගම ධීවරයන්ද වඳවී ගියා. ඔවුන්ට වෙන රස්සාවල්වලට යන්න වුණා.
මාදම්පා ගඟට සිදුව ඇති අනර්ථය පිළිබඳව මේ ගඟ දෙපැත්තේ ඇති අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අසේල ගොඩහේවා සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති දුලාජ් තරංග යන මහත්වරුන්ගෙන් විමසීමක් කළෙමු.
අම්බලන්ගොඩ නගරාධිපති අසේල ගොඩහේවා මහතා:-
මමත් ජීවත් වෙන්නේ මාදම්පා ගඟ පෙනෙන දුරින්. ගඟට යම් දෙයක් වුණානම් වුණේ අපේ අයගේ ස්වයං විනයක් නැති කමයි. ඒ සම්බන්ධයෙන් අපිට ගත හැකි ක්‍රියා මාර්ග ගන්නවා. අනෙක් අනීතික ක්‍රියා සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගන්නවා. අපි ගඟ දෙපස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ගඟ ආරක්ෂා කර ගන්න කියලා.
රත්ගම ප්‍රාදේශීය සභාපති දුලාජ් තරංග මහතා:-
සංචාරක ව්‍යාපාරයත් රටට අත්‍යවශ්‍යම දෙයක්. එහෙත් එහෙමෙයි කියලා මාදම්පා ගඟ විනාශ වෙන්න දෙන්න බැහැ.මේ ගඟෙන් ජීවත්වූ අපේ ධීවර ජනතාව ආරක්ෂා කර ගන්න ඕන. එබැවින් අපිත් වෙනදට වඩා වැඩි අවධානයක් මාදම්පා ගඟට යොමු කරවන්න කටයුතු කරනවා. ඒ වගේම මාදම්පා ගඟට අලුතින් මසුන් දැමීමට අදාළ බලධාරීන් දැනුම්වත් කිරීමටත් කටයුතු කරනවා.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාදම්පා ගඟේ ධීවර කර්මාන්තයට මොකද වුණේ