IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘මිට්සුබිෂි’ සමුද්‍ර එන්ජින් ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ‘හේලීස් පවර්’

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් විවිධාංගිකරණය වූ සමාගම වන හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ‘හේලීස් පවර්‘ සමාගම සහ ලොව ප්‍රමුඛ පෙළේ ජපන් බහුජාතික සමාගමක් වන ‘මිට්සුබිෂි හෙවී ඉන්ඩස්ට්‍රිස්‘ අතර හවුල්කාරිත්වයක් පසුගිය දා ආරම්භ කළේය. මෙම හවුල්කාරිත්වය ඔස්සේ, ‘මිට්සුබිෂි‘ සමුද්‍ර එන්ජින් සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා බවට ‘හේලීස් පවර්‘ සමාගම පත්විය. 
මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අංශය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර ලොව පිළිගත් සමුද්‍රීය ප්‍රචාලන සහ බලශක්ති විසඳුම් ලාංකීය වෙළෙඳපොළට ලබාදෙන්නේ ජපානයේ උසස් ඉංජිනේරු තාක්ෂණය මෙන්ම ‘හේලීස් පවර්‘ විශ්වසනීයත්වය සහ ඉංජිනේරු විශේෂඥතාවද සමගිනි. රාජ්‍ය අංශය, සමුද්‍රීය කර්මාන්ත අංශ සහ අනෙකුත් අදාළ රාජ්‍ය අංශයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වූහ.
සුවිශේෂී ඉන්ධන කාර්යක්ෂමතාව ශක්තිමත් (robust) ක්‍රියාකාරිත්වය සහ දිගුකල් පැවැත්ම සඳහා ‘මිට්සුබිෂි‘ සමුද්‍ර එන්ජින් ලොව පුරා ඉතා ඉහළ පිළිගැනීමක් සහ ප්‍රසිද්ධියක් ලබා සිටියි. සෑම ගමන්වාරයක්ම විශ්වසනීයත්වය මත රඳා පවතින සමුද්‍ර කර්මාන්තවලදී ඕනෑම දරුණු සමුද්‍ර පාරිසරික තත්වයකට ගැළපෙන ආකාරයෙන් මෙම එන්ජින් නිමවා ඇති අතර, ප්‍රශස්ත බල ප්‍රතිදානයක් සනාථ කරයි. වාණිජ යාත්‍රා, ධීවර යාත්‍රා සිට ටග් යාත්‍රා (Tug Boats) සහ ගැඹුරු මුහුදේ සිදු කෙරෙන මෙහෙයුම් දක්වා විහිදුණු පුළුල් පරාසයක අවශ්‍යතා මෙම නිෂ්පාදන පෙළ මගින් සපුරාලනු ලැබේ. ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ඉහළ දායකයත්වයක් දක්වන ගැඹුරු මුහුදු ධීවර කර්මාන්තය, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත ‘මිට්සුබිෂි‘ එන්ජින් මගින් විශාල ප්‍රතිලාභ රැසක් ලබනු ඇත. අඩු මෙහෙයුම් පිරිවැය, එන්ජිමේ දිගුකල් පැවැත්ම සහ යාත්‍රාවේ සමස්ත කාර්ය සාධනය සහ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු වීම ‘මිට්සුබිෂි‘ එන්ජින් භාවිතයෙන් යාත්‍රා හිමියන්ට අත්විඳිය හැකි වාසි අතර වේ.
මෙම සහයෝගීතාව හරහා ආර්ථික ස්ථාවරත්වය වැඩිදියුණු කරන අතර ආයෝජකයන්ගේ විශ්වාසය ශක්තිමත් කරමින් ප්‍රධාන කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකාව සතු හැකියාව මෙමඟින් පිළිබිඹු කරයි. මෙරට ආර්ථිකය නැවත යථා තත්වයට පත්වෙමින් වර්ධනය කරා ගමන් කරන මෙම අවස්ථාවේදී ‘මිට්සුබිෂි‘ ශ්‍රී ලංකා ආගමනය තව තවත් විදෙස් ආයෝජන සහ ව්‍යාපෘති සඳහා මඟ විවර කරනු ඇත. ‘හේලීස් පවර්‘ සතු පුළුල් සේවා ජාලය සහ ‘මිට්සුබිෂි‘ සුප්‍රසිද්ධ ඉංජිනේරු තාක්ෂණයේ සුසංයෝගය, ශ්‍රී ලංකාවේ සමුදුර ආශ්‍රිත කර්මාන්ත සඳහා නව මිනුම් සහ ප්‍රමිතීන් සකස් කරනු නොඅනුමානය. පුළුල් පරාසයක විහිදුණු අභ්‍යන්තර ප්‍රචාලන එන්ජින් සහ සමුද්‍ර ජෙනරේටර් යන්ත්‍ර, යාත්‍රා මෙහෙයුම්කරුවන්, යාත්‍රා නිපදවන්නන් සහ නාවික ඉංජිනේරුවන් අතට පත්වන්නේ, ‘හේලීස් පවර්‘ විශේෂඥ මෙහෙයුම් සහ නඩත්තු සේවා, අලු‍ත්වැඩියාව, නැවත බලගැන්වීම් සහ නියම අමතර කොටස් ලබා ගැනීමේ පහසුව ද සමගිනි.
‘හේලීස් පවර්‘ කළමනාකාර අධ්‍යක්ෂ වසභ ජයසේකර සිය අදහස් එකතු කරමින් මෙසේ සඳහන් කළේය.”‍ මෙම සහයෝගීතාව, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සිදුකරනු නොඅනුමානයි. ‘මිට්සුබිෂි‘ ලොව සුපතල, උසස් සමුද්‍ර එන්ජින් මෙරට නෞකා සහ යාත්‍රා මෙහෙයුම්කරුවන්ට ලැබෙන්නේ, විශිෂ්ට, ඉන්ධන කාර්යක්ෂම තාක්ෂණයෙන් පමණක් නොව, ‘හේලීස් පවර්‘ අනර්ඝ අලෙවියෙන් පසු සේවා ද සමඟයි. සෑම මුහුදු ගමන් වාරයකම විශ්වසනීයත්වය තහවුරු කිරීමට එය ඉතා වැදගත්. තාක්ෂණයෙන් උසස් මෙන්ම තිරසාර සමුද්‍ර කර්මාන්ත ක්ෂේත්‍රයක් ඇති කිරීම පිළිබඳ අපගේ පොදු දැක්ම ශක්තිමත් කරමින් තව තවත් දියුණු විසඳුම් හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා.”‍



අදහස් (0)

‘මිට්සුබිෂි’ සමුද්‍ර එන්ජින් ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ‘හේලීස් පවර්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site