IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මැක්ලරන්ස් සමූහය සහ 3M නවෝත්පාදන ක්ෂේත්‍රයේ හවුල්කරැවන් අගයයි

3M සහ මැක්ලරන්ස් සමූහය “නවෝත්පාදනයෙන් කාර්යසාධනය බලගැන්වීම සහ හවුල්කාරීත්වය ඇගයීම” යන තේමාව යටතේ සුවිශේෂ උත්සවයක් පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් හිදී පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීම සහ සහයෝගී නවෝත්පාදනයේ අනාගතය ගවේෂණය කිරීමේ අරමුණින් පැවැත්වූ මෙම අවස්ථාව, එම ආයතනවල ප්‍රමුඛතම පාරිභෝගිකයන්, C තලයේ විධායක නිලධාරීන්, කර්මාන්ත පාර්ශ්වකරුවන් සහ 3M- මැක්ලරන්ස් ආයතනවල නායකත්වයේ සහභාගිත්වයෙන් පැවැත්වීය.

මෙම සුවිශේෂී උත්සව අවස්ථාවේදී 3M- මැක්ලරන්ස් ආයතනවල විශ්වාසවන්ත පාරිභෝගිකයන්ගේ අඛණ්ඩ විශ්වාසය සහ දායකත්වය ගෞරවයට පාත්‍ර කළ අතර, 3M සහ මැක්ලරන්ස් සමූහය අතර වසර හයක සහයෝගීතාවද සමරන ලදී. මෙම හවුල්කාරීත්වය ඔස්සේ ඉදිකිරීම්, මෝටර් රථ, පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික විසඳුම් යන ප්‍රධාන ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා ගෝලීය තලයේ සැබෑ නවෝත්පාදන සහ දිගුකාලීන බලපෑමක් ඇතිකර ගැනීමේ අවස්ථාව නිර්මාණය වී ඇත. 

මෙම විශේෂ අවස්ථාව සම්බන්ධයෙන් 3M- මැක්ලරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී - අධ්‍යක්ෂ ඩිලාන් සෙනෙවිරත්න මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “3M- මැක්ලරන්ස් විදිහට අපි නිරන්තරව අපේ පාරිභෝගිකයන් සහ ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ වෙත අපේ උසස්ම තත්වයේ නවෝත්පාදන හඳුන්වා දීමට යොමුවෙනවා. එමගින් ‍‍‍‍නිවාස, වැඩබිම් සහ යටිතල පහසුකම් යන අංශයන්ගේ ඉහළම කාර්යසාධනයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය අප විසින් නිර්මාණය කර දී ඇති අතර, ගෝලීය තාක්ෂණය වැළඳගැනීමේ අවස්ථාව ද මෙයින් හිමිකර දී තිබෙනවා.” 

තවද මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ දේශීය කර්මාන්තවල කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා සැලසුම් කර ඇති නව 3M- මැක්ලරන්ස් තාක්ෂණයේ සජීවී ආදර්ශන සහිත ආකර්ෂණීය නවෝත්පාදන ප්‍රදර්ශනයක් ද පැවැත්වීය. මෙමගින් මෙම සමාගම විද්‍යාත්මක නවෝත්පාදන සහ ප්‍රායෝගික විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය ඉදිරියට ගෙන යාමට දක්වන කැපවීම නැවත වරක් තහවුරු කිරීමට සමත් විය.



අදහස් (0)

මැක්ලරන්ස් සමූහය සහ 3M නවෝත්පාදන ක්ෂේත්‍රයේ හවුල්කරැවන් අගයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site