IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


බ්ස්නස් හොඳයි වරදක් නෑ

දෙවැනි හරස් වීදියේ නිව් සිටි පොයින්ට්හි ව්‍යාපාරික
මොහොමට් ෆාස්කාන්


ලංකාවේ පමණක් නොව ලෝකයේ කොහේවත් නැති අඩු ගාණට නිවසකට සරිලන ඕනෑම භාණ්ඩයක් කොටුවෙන් ලබාගත හැකිය යන්න බොහෝ දෙනාගේ අදහසයි. එහි වැරැද්දක් නැත. බොහෝ භාණ්ඩ ඉතා අඩු මිල ගණන් යටතේ පිටකොටුවෙන් ලබා ගත හැකිය. මේ දිනවල වෙළෙදාමේ තතු දැනගැනීමට අපි දෙවැනි හරස් වීදිය වෙත ගියෙමු. දෙවැනි හරස් වීදිය හාලිමාර් වීදිය නමින් ද අතීතයේ හඳුන්වා ඇත. දෙවැනි හරස් වීදියට යන්නෝ රෙදි සොයන්නෝ ය. එපමණක් නොවේ. සුවඳ විලවුන්, රූපලාවණ්‍ය උපකරණ, මැහුම් උපකරණ සොයන්නට ද සමහරු දෙවැනි හරස් වීදියට යති. දෙවැනි හරස් වීදියේ නිව් සිටි පොයින්ට් වෙළෙදසැලෙහි අලෙවිකරුවකු වූ මොහොමට් ෆාස්කාන් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි. 

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
අපි ළඟ තියෙන්නේ මංගල උත්සව ඇඳුම්. ලෙහෙන්ගා සලවාර් තමයි වැඩියෙන් තියෙන්නේ. ඒ ඇඳුම් අපි ආනයනය කරන ඒවා. අපි තොග සිල්ලර දෙකම කරනවා. සේවකයෝ 15 ක් වගේ සේවය කරනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් හොඳයි වරදක් නෑ. කලින් අවුරුදුවල වගේම බිස්නස් තියනවා. ගිය අවුරුද්දට සාපේක්ෂව බැලු‍වාම නම් ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ බිස්නස් වැඩියි.


Q: බිස්නස් හොඳ වීමට බල පෑ හේතු මොනවාද?
රාමසාන් උත්සවය සහ සිංහල අලු‍ත් අවුරුදු උත්සවය නිසා මේ කාලේ කොයි කාගේත් බිස්නස් වැඩියි. මිනිස්සු කියන තරම් බිස්නස් අඩුවක් නෑ. රාමසාන් නිසා අපෙත් බිස්නස් වැඩි වෙලා තියෙන්නේ. මොකද සල්වාර් එහෙම වැඩිපුර වෙළෙදාම් වෙනවා. එහෙත් අපිට සීසන් එකක් කියලා නෑ හැමදාම බිසනස් තියනවා. ඒකට හේතුව තමයි අපි සුළු ලාබ තියාගෙන ඇඳුම් සහනාදායි මිලට විකුණන නිසා. අනිත් දේ තමයි ඇඳුම් බිස්නස් කරද්දි විශේෂයෙන්ම කාන්තා ඇඳුම් බිස්නස්වලදී තෝරාගැනීමට ලොකු එකතුවක් තියෙන්නෙ ඕන. මොකද කාන්තාවන් ඇඳුමක් ගන්න ගියාම තෝරලා බලලා ගන්න කැමැතියි. අපි ළඟ ලොකු ඇඳුම් එකතුවක් තියන නිසා අපිට පාරිභෝගිකයෝ වැඩියි. ඉන්දියාවෙන්, සිංගප්පූරුවෙන් වගේම චීනෙන් තමයි ඇඳුම් ආනයනය කරන්නේ. ඒ නිසා විවිධ පාටවලින් ඩිසයින්වලින් විවිධ මිල ගණන් යටතේ ඇඳුම් අපි ළග තියනවා. ඒ නිසා හැමදාම අපිට හොඳට බිස්නස් තියනවා. 

ශෂිකා අබේරත්න
ඡායාරූප- ලහිරු හර්ෂණ



අදහස් (0)

බ්ස්නස් හොඳයි වරදක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 30 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 55 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 72 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 16 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 22 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 19 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 777 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 204 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1243 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site