IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බිස්නස් දුවන්නේ ඉතා අමාරුවෙන්

ව්‍යාපාරිකයා යනු ලාබය අරමුණු කරගත් අයකුම නොවේ. ඔහු තම නිෂ්පාදන විකුණා ලාබයක් ලැබුවත් ඔහුගෙන් සමාජයට සිදුවන සේවාව අනිත් පැත්තෙන් අසීමිතය. ටෙක්නෝ ට්‍රේඩින් ආයතනයේ සම්මුගනාදන් මහතාද මුදල් අරමුණු කරගෙනම ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයකු නොවේ. තම සේවාව පාරිභෝගිකයාට අලෙවි කිරීම හරහා ඔහු අසීමිත තෘප්තියක්  ලබන බව ඔහු පවසයි. 
දැනට වසර 10ක පමණ සිට නාදන් මහතා සිය ව්‍යපාරය පවත්වාගෙන එයි. ඔහු අලෙවි කරන්නේ පාරිභෝගිකයාට වසරේ සෑම කාලයකම අවශ්‍ය වන ඉලෙක්ට්‍රික් උපකරණ හා තීන්ත වර්ගය. මේ දවස්වල බිස්නස් කොහොමදැයි විමසා  යන ගමනේ ඔහු අපට මුණ ගැසුණි. 


Q මේ දවස්වල බිස්නස් කොහොමද?  


ඇත්තටම කිවුවොත් මේ දවස්වල නම් බිස්නස් ඉතාම අමාරුවෙන් තමයි දුවන්නේ. ඒකට හේතුව ජනතාවට අපේ බඩු ගන්නවාට වඩා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම දරුණු විදියට බලපාලා තියෙනවා. මොකද ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යනවා කියන්නේ නිවසේ අනිත් වැඩ කටයුතු කරන්න මුදලක් ඉතුරු වෙන්නේ නැහැ.
අනිත්  කාරණය තමයි ජනතාවට ලැබෙන වැටුප ඉතාම අඩුයි. පසුගිය කාලයේ රජයේ සේවකයන්ගේ පඩි වැඩි වුණාට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පඩි වැඩිවීමක් සිදුවෙලා නැහැ. ඒ හේතු අපේ ව්‍යාපාර උඩ යනවද පහළ යනවාද කියන කාරණාවට සෘජුවම බලපානවා. ඉස්සර මිනිස්සු අපේ වෙළෙඳ සැලකට ආවට බ්‍රෑන්ඩ් බලලා තමයි ගන්නේ. ඒත් දැන් එහෙම නැහැ. බසාර් එකේ තිබෙන අඩුම මිලට තමයි ගන්න බලන්නේ. මම ඉස්සර ඉලෙක්ට්‍රික් අයිටම්  විතරයි කළේ. පස්සේ ව්‍යාපාරය දියුණු වීම එක්ක තීන්ත නිෂ්පාදන අලෙවි කිරීමටත් එකතු වුණා. 
අපි ව්‍යාපාර පටන් ගන්න කොට එන්න එන්න දියුණු වීම නිසා තමයි අලුත් බිස්නස්වලට අත ගැහුවේ. ඒත් දැන් ඒ තත්වය වෙනස් වෙලා. දැන් අලුත් ඒවා පටන් ගන්නවා තියා මේවා පවත්වා ගෙන යාමත් අමාරුයි. මිනිස්සු ගාව සල්ලි තිබුණොත් තමයි හොඳ බිස්නස් එකක් තියෙන්නේ. දැන් බිස්නස් කරලා අපෙත් බලාපොරොත්තුව කාලා බීලා ඉන්න එක විතරයි. දැනට මං ළඟ සේවකයෝ 06ක් ඉන්නවා. ඒ අයට පඩි ගෙවන්නත් ඕනේ. ජපානයෙන් ආනයනය කරලා තමයි සමහර නිෂ්පාදන විකුණන්නේ.


Q බිස්නස් අඩුවෙන්න හේතුව මොකක්ද?


බිස්නස් අඩුවෙන්න හේතුව අපිම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. මට හිතෙන්නේ තව අවුරුද්දක් විතර යනකොට මේ තත්වය තව පොඩ්ඩක් වෙනස් වෙයි. අපේ බිස්නස් අඩුවෙන්න හේතුව තමයි දැන් අලුතෙන් ගෙවල් හැදීම ඉතාම අඩුයි. අලුතෙන් ගෙවල් හැදුනොත් තමයි අපේ නිෂ්පාදන මිනිස්සු ගන්නේ. 



අදහස් (0)

බිස්නස් දුවන්නේ ඉතා අමාරුවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 219 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site