

|
බොරැල්ල Magazlne Fancy & Shoe Palace |
![]() |
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී බොරැල්ල වෙළෙඳ නගරයේ පාවහන් ව්‍යාපාර කටයුතුවල නිරතවන Magazlne Fancy & Shoe Palace වෙළෙඳ ආයතනයේ හිමිකරුවන අජිත් උඩවත්ත මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q මේ දවස්වල බිස්නස් කොහොමද?
මේ දවස්වල නම් බිස්නස් එකක් ඇත්තෙම නැති තරම්. මේ රාක්ක දිහා බැලුවම ඔබතුමියන්ලටම පේනවනේ බිස්නස් එකේ තත්වය කොහොමද කියලා. අවුරුදු සීසන් එකෙත් අන්තිම සති දෙකේ තමයි බිස්නස් එකක් තිබුණේ. ගිය වසරට සාපේක්ෂව ගත්තහම මේ වසරේ බිස්නස් හොඳටම කඩාවැටිලා තියෙන්නේ.
Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
මෙම ව්‍යාපාරය පටන් ගත්තේ මගේ තාත්තා. තාත්තගෙන් පස්සේ මම වසර හතළිහක කාලයක ඉඳන් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යනවා. ඒ කාලේ වෙළෙඳ සහයකයන් හය හත් දෙනෙක් අපේ වෙළෙඳසැල්වල වැඩ කළා. එහෙත් දැන් මමයි පුතයි තනියම මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. මේ වෙළෙඳසැලට අමතරව අපිට තවත් වෙළෙඳසලක් තිබුණා. බිස්නස් කඩා වැටීමත් එක්ක අපිට ඒක වහන්න වුණා. මේ වෙද්දී මමයි මගේ පුතයි තමයි බිස්නස් එක කරගෙන යන්නේ.
අපි වෙළෙඳපොළට බඩු ගෙනාවට ඒවා මිලදී ගන්න පාරිභෝගිකයෝ එන්නේ නෑ. අපි කොහොමද මේ බිස්නස් එක පවත්වාගෙන යන්නේ. මේ වෙද්දී සෑම බඩුවක මිල ඉහළ යාමත් එක්ක පාරිභෝගිකයෝ භාණ්ඩ මිලදී ගන්න එන්නේ නැහැ. ඒ දේම තමයි අපේ බිස්නස් වලටත් සිදුවෙලා තියෙන්නේ. රුපියල් 300 පාවහන් යුගලක්වත් ගන්න කෙනෙක් එන්නේ නැහැ. එහෙම භාණ්ඩයක් ගන්න ආවත් ඒ මිලත් අඩු කරන්න බැරිද කියලා පාරිභෝගිකයෝ අපෙන් අහනවා. එහෙම වුණාම පාරිභෝගිකයෝ වගේම වෙළෙඳාම් කරන අපිත් අපහසුතාවට පත්වෙනවා. පාරිභෝගිකයෝ අතේ මුදල් නැතිකම තමයි මේ බිස්නස් කඩාවැටෙන්න හේතුව. මෙහෙම ගියොත් අපිට වෙන්නේ මේ ව්‍යාපාර වහලා දාන්න.
මනීෂා වීරසිංහ
ඡායාරූප - ඉසුරු පෙරේරා
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිස්නස් එකක් ඇත්තෙම නැති තරම්