IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බිස්නස් එකකට එකක් අඩු වෙලා

 

  • සියයට 75ක් බිස්නස් අඩුයි
  • අවුරුදු 16ක අත්දැකීමෙන් මේ අවුරුද්දේ අඩුවීම කියන්න පුළුවන්

පිටකොටුව යනු ඕනෑම අයකුට ඕනෑම භාණ්ඩයක් ඉතා පහසු මුදලට ලාබයක් සහිතව මිලදී ගත හැකි ස්ථානයකි. පිටකොටුවේ ඇති මල්වත්ත පාර, චීන වීදිය, හෙට්ටි වීදීය, හරස් වීදී, ප්‍රධාන වීදීය මෙන්ම එහි ඇති පීපල්ස් පාර්ක් සංකීර්ණයෙන්ද සහනදායි මිලට භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව පවතී. පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණයේ සාප්පු සංකීර්ණ 380 කට වඩා අධික ගණනක් පවතී. එම කඩ සාප්පු මගින් පාසල් ළමයින්ට අවශ්‍ය පාසල් උපකරණ, ගෘහණියන්ට අවශ්‍ය ප්ලාස්ටික් භාණ්ඩ ආදි ගෘහ උපකරණ, ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ද්‍රව්‍ය ආදීය මිලදී ගැනීමේ හැකියාව පවතී. පීපල්ස් පාර්ක් සංකීර්ණයට ඇතුළු වූ අපට පාසල් උපකරණ අලෙවිසල් විශාල සංඛ්‍යාවක් දැකගත හැකිය. ඒ අතරින් අප ගොඩ වූයේ ඒ. බී. පොලිතීන් නම් වෙළෙඳසල වෙතයි. එම වෙළෙදසලේ හිමිකරු වන ත්‍යාගරාජ වශීගරම් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
අපි විකුණන්නේ පාසල් උපකරණ. පාසල් ළමයින්ට අවශ්‍ය කරන සියලු‍ම පාසල් උපකරණ අපි ළග තියනවා. අපි තොග වෙළෙඳාම වගේම සිල්ලර වෙළෙඳාමත් කරනවා. සේවකයොත් 18 ක් සේවය කරනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් එහෙම් පිටින්ම අඩුයි. එකකට එකක් අඩු වෙලා තියෙන්නේ. සියයට 75 ක් ම බිස්නස් අඩුයි. 


Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
අපි කරන්නේ පාසල් උපකරණ. සාමන්‍ය විදියට කලින් තිබ්බේ දෙසැම්බර් මාසේ පාසල් නිවාඩු දීලා ජනවාරි මාසේ පාසල් නැවත ආරම්භ කරන ක්‍රමයක්. ඒත් කොවිඩ් වසංගතය ආවට පස්සේ හරියට නියමිත විදියට පාසල් නිවාඩු කාලයක් නෑ දැන් අවුරුදු 4 ක ඉඳලා. පාසල් නිවාඩුව කඩින් කඩ තමයි තියෙන්නේ. ඒ නිසා අපිට බිස්නස් සීසන් එකක් කියලා කාලයක් දැන් නෑ.  කලින් අවුරුදුවල නම් දෙසැම්බර් ඉඳලා පෙබරවාරි වෙනකන් හොදට බිස්නස් තියනවා. මේ අවුරුද්දේ ජනවාරි 10 න් පස්සේ බිස්නස් නෑ. මම අවුරුදු 16 ක් දැන් බිස්නස් කරන්න පටන් අරන්. ඒ අවුරුදු එක්ක බලද්දී මේ අවුරුද්දේ හොඳටම බිස්නස් අඩුයි. බිස්නස් අඩු වෙන්න බඩු මිල වැඩි වීමක් බලපාන්නේ නෑ. 
ගිය අවුරුද්දට වඩාත් මේ අවුරුද්දේ බඩු මිල අඩුයි. ඉස්සරහට එන සිංහල අලු‍ත් අවුරුද්දට බිස්නස් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අවුරුදු උත්සවවලට පාසල් උපකරණ තෑගි භාණඩ සඳහා මිලදී ගන්නවා. ගිය අවුරුද්දේ නම් මේ වෙද්දී සිංහල අවුරුද්දට බිස්නස් තිබ්බා. මේ අවුරුද්දේ ඒකත් තාම නෑ. 

ශෂිකා අබේරත්න
ඡායාරූප-ළහිරු හර්ෂණ



අදහස් (0)

බිස්නස් එකකට එකක් අඩු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 208 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site