IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

  • ණය මුදල ගෙවීමට ශ්‍රී ලංකාවට 2028 වසර දක්වා සහන කාලයක්

  • ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම මෙරට ණය තිරසරභාවය නැවත ඇතිකිරීමට වැදගත් පියවරක්

  • ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ආයෝජක විශ්වාසය ගොඩ නැගීමටද සහායක්


විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව සහ නිල ණය හිමියන්ගේ කමිටුව පසුගිය වසරේ ජූනි මාසයේදී එකඟ වූ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කොන්දේසිවල අනුව ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුමට අත්සන් තැබූ බවත්, ඒ අනුව ලබාගත් ණය මුදල සඳහා පොලී ගෙවීම වහාම ශ්‍රී ලංකාව නැවත ආරම්භ කරනු ඇති බවත්, මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේය.

එහිදී එක්සත් රාජධානියෙන් ලබාගෙන ඇති ණය මුදල ගෙවීමට ශ්‍රී ලංකාවට 2028 වසර දක්වා සහන කාලයක් හිමිවනු ඇති බවද මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.

එක්සත් රාජධානිය සහ මෙරට මුදල් අමාත්‍යාංශය ඇතිකර ගත් ගිවිසුමට එක්සත් රාජධානිය වෙනුවෙන් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා අත්සන් තැබූ බවත්, මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අත්සන් තැබූ බවත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

එක්සත් රාජධානිය සහ පැරිස් ක්ලබ් ණය හිමියන්ද ඇතුළත් ප්‍රංශය, ඉන්දියාව සහ ජපානයේ සම සභාපතීත්වයෙන් රැස්වුණු මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව පසුගිය වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාව සමග එළැඹි ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම අත්සන් තැබුණු බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර අත්සන් තැබුණු ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම මෙරට ණය තිරසරභාවය නැවත ඇතිකිරීම සඳහා වැදගත් පියවරක් බවත්, ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත්ය.

එසේම අත්සන් තැබුණු ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම මෙරට ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ආයෝජක විශ්වාසය ගොඩ නැගීමටද සහායක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා පැවැසුවේය.

ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව වහාම ලබාගෙන ඇති ණය සඳහා පොලී වාරික එක්සත් රාජධානි මූල්‍ය කාර්යාලයට ගෙවනු ඇති බවත්, ණය මුදල ගෙවීම සඳහා 2028 තෙක් සහන කාලයක් හිමිවන බවත් පැට්‍රික් මහතා ප්‍රකාශ කළේය. පළමු පොලී වාරිකය ගෙවීම ආරම්භ කිරීමත් සමග එක්සත් රාජධානි මූල්‍ය කාර්යාලය ශ්‍රී ලංකාවේ ස්ථාවරය නැවත ඇස්තමේන්තු කරනු ඇති බවද ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමත් සමග මෙරට ණය තිරසරභාවය නැවත ඇතිවන බවත්, ඒ සමග ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ආයෝජන සඳහා නැවත වරක් ප්‍රවේශය හිමිවනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (0)

බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14410 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 416 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 252 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site