IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බේබි ෂෙරමි-ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය වාර්ෂික සම්මේලනයේදී අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ළදරු සත්කාරක සන්නාමයක් වන බේබි ෂෙරමි, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ 27 වැනි වාර්ෂික විද්‍යාත්මක සම්මේලනය 2025 දී සහයෝගීතාවක් ඇති කර ගනිමින් ළදරු පෞද්ගලික සත්කාරක ක්‍ෂේත්‍රයේ සිය නායකත්වය සහ ළදරුවන්ගේ සුරක්ෂිතබව, යහපැවැත්ම සහ සංවර්ධනය කෙරෙහි ඇති කැපවීම යළිත් තහවුරු කළේය. ශ්‍රී ලංකාව පුරා සිටින ළමා රෝග විශේෂඥයන් සහ වෛද්‍ය සිසුන් මෙම සම්මේලනයට එක්විය. 
ළදරු සත්කාරක ප්‍රමිති පිළිබඳ සංවාදයේ ප්‍රධාන දායකයකු ලෙස බේබි ෂෙරමි කැපී පෙනුණු අතර, සෞඛ්‍යය වෘත්තිකයන් සමග සම්බන්ධ වීමට, තනි තනි වශයෙන් උපදේශන ලබා දීමට, නවතම නවෝත්පාදන සහ නිෂ්පාදන වර්ධන ඉදිරිපත් කිරීමට හා සමාජ වගකීම් සහිත ආයතනික පුරවැසියකු ලෙස සන්නාමයේ ගමන්මග තියුණු කරන එහි අරමුණ මූලික කරගත් අඛණ්ඩ කාර්යභාරය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා ගත්තේය. වෙළෙඳපොළ ප්‍රමුඛයකු ලෙස බේබි ෂෙරමි උසස් තත්වයේ, ආරක්‍ෂිත සහ සායනිකව පරීක්‍ෂා කරන ලද ළදරු සත්කාරක නිෂ්පාදන, ප්‍රමිතිමත් විය යුතු බව දීර්ඝ කාලයක් තිස්සේ විශ්වාස කර ඇත. සම්මේලනය තුළ බේබි ෂෙරමි සන්නාමයේ නියෝජනයෙන් මෙම විශ්වාසය තවදුරටත් තහවුරු කළ අතර, වෛද්‍ය වෘත්තිකයන් සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාවේ දරුවන් සඳහා ආරක්‍ෂිත ලෝකයක් සඳහා වන සිය දැක්ම බෙදා ගැනීම එහි අරමුණු විය. 
Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්‍ෂ ශියාන් ජයවීර මහතා මෙසේ පැවසීය. ‘‘සෑම දරුවකුම ජීවිතයේ ආරක්‍ෂිතම ආරම්භය ලැබීමට සුදුසු බව බේබි ෂෙරමි නිතරම විශ්වාස කළ දෙයක්. මෙම වාර්ෂික විද්‍යාත්මක සම්මේලනයේ දී, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ අපගේ සහයෝගීතාවෙන් මෙම අරමුණ වෙනුවෙන් බේබි ෂෙරමි සන්නාමයේ කැපවීම ශක්තිමත් කරනවා. වෙළෙඳපොළ ප්‍රමුඛයකු ලෙස, අප විසින්ම උසස්ම ප්‍රමිති ඇති කර ගන්නවා. හුදෙක් ආරක්ෂිත නිෂ්පාදන පමණක් නොව, අප කරන සෑම දෙයකම පිටුපස අරමුණක් ද තිබෙනවා.



අදහස් (0)

බේබි ෂෙරමි-ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය වාර්ෂික සම්මේලනයේදී අත්වැල් බැඳ ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site