
අපි සෑම විටම බිස්නස් එකක් කරලා එතනින් ඒ පාරිභෝගිකයා අත්හරින්නේ නැහැ. මොනවා හරි අඩුපාඩුවක් අපි අතින් වෙලානම් විකිණීමෙන් පස්සෙත් ඒක නිවැරැදි කරන්න කටයුතු කරනවා. මොකද ගොඩක් අය පාරිභෝගිකයාට එහෙම සර්විස් එකක් දෙන්නේ නෑ. අපේ ව්‍යාපාරයේ රහස තමයි පාරිභෝගිකයාට රජෙකුට වගේ සැලකීම.
ප්‍රසාද් බාත්වෙයා අධිපති
ආර්. ප්‍රසාද්
මොහුගේ ව්‍යාපාර ජීවිතයට බොහෝ කාලයක් ගත වී තිබේ. ආර්. ප්‍රසාද් වන ඔහු තමන්ගේ ව්‍යාපාර ජීවිතය ගැන සෑමවිටම සුබවාදීව බලන්නෙකි. ප්‍රසාද් බාත්වෙයා නමින් පවත්වානෙ යන මෙම ව්‍යාපාරය ඔහු කරගෙන යන්නේ රට රටවලින් ඉහළම නිෂ්පාදන මෙරට පාරිභෝගිකයාට හඳුන්වා දෙමිනි. මේ දවස්වල බිස්නස් කොහොමදැයි සොයාගෙන යන ගමනේ අපි ඔහු මුන ගැසුණෙමු. අපගේ පළමු ප්‍රශ්නයටම සිනාමුසු මුහුණින් ඔහු අපට පිළිතුරු බැන්දේය.
Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
ගිය මාස කීපයේ ඒ කියන්නේ නත්තල් මාසේ එහෙම අපට හොඳට බිස්නස් තිබුණා. මිල ගණන් තව ටිකක් අඩුවුණා නම් තව බිස්නස් හැදෙයි. අපි ඔක්කොම ආනයනික නාන කාමර උපාංග බිස්නස් තමයි කරන්නේ. ඉන්දියාවෙන් සහ චීනයෙන් නාන කාමර උපාංග අපි ගෙන්නනවා. අවුරුදු 20ක්ම ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉදපු නිසා තමයි අපේ ව්‍යාපාරය සාර්ථක වෙලා තියෙන්නේ.
Q: බිස්නස් සාර්ථක වෙන්න මොකක් ද හේතු වුණේ?
තව අලුත් අලුත් දේවල් එනවනම් මීට වඩා අපට සාර්ථක වෙන්න පුළුවන්. සමහරු ඇවිල්ලා මිල ගණන් එහෙම සසඳලා බලනවා. සමහරු කොලිටි එක අඩු කරලා මිල ගණනුත් අඩු කරලා විකුණන්නේ. අපි එහෙම නැහැ. අපි ළඟ තිබෙන්නේ ගුණාත්මක නාන කාමර උපාංග කට්ටල පමණයි. අපි SLS සහිත හැදේම හරියටම බලනවා. ටැක්ස් එක තව පොඩ්ඩක් අඩු වුණානම් මීට වඩා සාර්ථකත්වයක් ගන්න පුළුවන්. අපි සෑම විටම බිස්නස් එකක් කරලා එතනින් ඒ පාරිභෝගිකයා අත්හරින්නේ නැහැ. මොනවා හරි අඩුපාඩුවක් අපි අතින් වෙලානම් විකිණීමෙන් පස්සෙත් ඒක නිවැරැදි කරන්න කටයුතු කරනවා. මොකද ගොඩක් අය පාරිභෝගිකයාට එහෙම සර්විස් එකක් දෙන්නේ නෑ. අපේ ව්‍යාපාරයේ රහස තමයි පාරිභෝගිකයාට රජෙකුට වගේ සැලකීම.
අමිල චින්තක ගමගේ
ඡායාරූප | ඉසුරු පෙරේරා
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බදු අඩුවුණා නම් බිස්නස් තව සරුවෙයි