IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘බොඩිලයින්’ ඇඟලුම් ආයතනය 30 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන ඇඟලුම් නිෂ්පාදකයෙක් වන එම්.ඒ.එස්. හෝල්ඩින්ස් අනුබද්ධ හොරණ බොඩිලයින් ඇඟලුම් ආයතනයේ 30 වැනි සංවත්සර පසුගියදා එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී සැමරීය.

එම්.ඒ.එස්. හෝල්ඩින්ස් සභාපති මහේෂ් අමලීන් සහ එහි උප සභාපති ෂෙරාඩ් අමලීන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.

1992 වසරේ නොවැම්බර් මස 16 වැනිදා ආරම්භ කළ එම ආයතනය වර්තමානයේ ලොව දියුණුම තාක්‍ෂණයෙන් යුත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් සමන්විත වන අතර ලෝක ප්‍රසිද්ධ වෙළෙඳනාම 14 ක් සඳහා කාන්තා ඇඳුම් සහ ක්‍රීඩා ඇඟලුම් අපනයනය කරයි.

බොඩිලයින් ආයතනය නිෂ්පාදනය කරන ක්‍රීඩා ඇඳුම් යුරෝපය සහ ඇමරිකාව ඇතුළු ලෝකය පුරා රටවල්වල ජනතාව භාවිතා කරන අතර ලොව සුප්‍රසිද්ධ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද එම ආයතනය නිෂ්පාදනය කරන ක්‍රීඩා ඇඳුම්වලින් සැරසී තරගවල සහභාගි වෙති.  

හොරණ පිහිටි බොඩිලයින් ආයතනයේ 30 වැනිදා සංවත්සර වන විට සමස්ත කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව 6000 කට අධික අතර එම ආයතනයේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සෘජු රැකියා 60,000 ක් පමණ බිහිකර තිබේ.

එම ආයතනය කළුතර දිස්ත්‍රික්කයට ආලෝකයක් බවට පත්වෙමින් ව්‍යාපාරික අරමුණ එහා ගිය පාසල්, පන්සල් සහ රාජ්‍ය ආයතන සමඟ එකතුව සමාජ සුබසාධන ව්‍යාපෘති 30 ක් ක්‍රියාත්මක කළේය.

මාවක් ඔය ගං ඉවුර දෙපස කුඹුක් ගස් 1000 ක් රෝපණය කිරීම, පළමු ශ්‍රේණියේ සිසුන්ගේ සැපයුම් සඳහා අරමුදල් රැස්කිරීම, ඉංගිරිය රෝහලට ගොඩනැගිලි ඇතුළු පහසුකම් රැසක් ලබාදීම, ‘රණවිරුගම’ හරහා ත්‍රිවිද හමුදාවේ රණවරුවන්ට නිවාස ඉදිකිරදීම සහ හොරණ විද්‍යාරත්න විශ්වවිදයාල පීඨයට බොක්සිං වළල්ලක් ඉදිරිකර දීම එම ව්‍යාපෘති 30 අතරින් කීපයකි.

බොඩිලයින් ආයතනය 30 වැනි සංවත්සරය වෙනුවෙන් එම පරිශ්‍ර භූමියේ අක්කර දෙකක වනාන්තරයක් රෝපණය කිරීමේ සහ හොරණ පාරේ ඩිජිටල් බස් නැතුම්පළ දෙකක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති දෙකක් ද සම්පූර්ණ කළේය.

බොඩිලයින් ඇඟලුම් ආයතනය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලා අතරින් ‘කොවිඩ් 19’ වසංගතයට සාර්ථකව මුහුණ දුන් ආයතනයක් ලෙස පිළිගැණෙන අතර එම ආයතනය ‘කොවිඩ් 19’ අභියෝගයට මුහුණ දුන් ආකාරය සම්බන්ධයෙන් රචිත ‘අපේ කතාව’ ග්‍රන්ථය ද එදින එළිදැක්වීය.

මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව සමරු මුද්දර කවරයක් ද නිකුත් කළේය.  

-සටහන- යොහාන් භාසුර

 



අදහස් (0)

‘බොඩිලයින්’ ඇඟලුම් ආයතනය 30 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site