රංජන් කස්තුරි
වහලය මත සවි කර තිබෙන සූර්ය පැනල සඳහා බැටරි බල ශක්ති ගබඩා පද්ධති (BESS-Battery Energy Storage Systems ) සවිකිරීමෙන් පසුව විදුලි ඒකකයක් සඳහා රුපියල් 45.80 ක මිලක් ගෙවීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.
වහලය මත සවිකර ඇති සූර්ය පැනල සඳහා ප්‍රථම වතාවට මෙම බැටරි ගබඩා පද්ධති සවිකිරීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබෙන අතර දැනටමත් සූර්ය පැනල හිමියන්ට එම බැටරි සවි කිරීමෙන් පසුව විදුලි ඒකකයක් සඳහා වන රුපියල් 45.80 ක ඉහළ මිලක් විදුලි බල මණ්ඩලයෙන් ලබා ගත හැකි බවද එම මණ්ඩලය සඳහන් කරයි.
දිවා කාලයේදී සූර්ය පැනල මගින් නිපදවන බලශක්තිය එම බැටරිවල ගබඩා කර තැබෙන අතර ඒවා අධික විදුලිය ඉල්ලුමක් පවතින රාත්‍රී කාලයේදී ජාතික පද්ධතියට මුදාහැරීමෙන් විශාල ප්‍රතිලාභක් ලබා ගැනීමේ අවස්ථාව උදාවී තිබෙන බවද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලය මෙම නව ඉහළ ගාස්තු ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේ දැනටමත් Net Accounting - Net Plus Net Plus Plus යන යෝජනා ක්‍රම යටතේ ක්‍රියාත්මක වන වහලය මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති සඳහාය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බැටරි බලශක්ති ගබඩා පද්ධති ඇති සූර්ය විදුලි ඒකකයකට රුපියල් 45.80 ක මිලක්
ගුණරත්න Tuesday, 14 October 2025 05:49 PM
ඔය බැටරි ඉතා මිල අධිකයි, චාජින් කොන්ට්‍රෝලර් සහ අවශ්‍ය වයර ආදී මුළු ඉන්වෙස්ට්මන්ට් එක හොයාගන්න ඔය ගෙවන මුදලෙන් බැහැ....