IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


බෝට්ටු කර්මාන්තයේ වර්ධනයට පුළුල් නියාමන රාමුවක්

යොහාන් භාසුර


ශ්‍රී ලංකාවේ බෝට්ටු තැනීමේ සහ බෝට්ටු කර්මාන්තයේ වර්ධනයට දායක වීම සඳහා පුළුල් නියාමන රාමුවක් සංවර්ධනය කිරීම සඳහා මූලික පියවරක් ලෙස ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය දැනුවත් කිරීමේ සැසියක් පසුගියදා පැවැත්වීය.
එම ක්ෂේත්‍රයේ විභවය වැඩි දියුණු කිරීම, ජාත්‍යන්තර තරගකාරිත්වයකින් එය ඉදිරියට ගෙන යාම එම සැසියේ අරමුණ බවත් එම ක්ෂේත්‍රයේ ඵලදායී අවබෝධය සහ සහයෝගීතාව සහතික කිරීම, නියාමන රාමුව පිළිබඳ මෑතකදී නිකුත් කරන ලද ගැසට් නිවේදනය පිළිබඳව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් දැනුවත් කළ බවත් අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය.
බෝට්ටු සහ නැව් තැනීම වේගයෙන් නැගී එන අපනයන අංශයක් පමණක් නොව, ශ්‍රී ලංකාවට නව ආර්ථික අවස්ථා විවෘත කිරීමේ විභවයක් සහිත මිලියන ගණනක ඩොලර් ඉපයිය හැකි කර්මාන්තයක් ද වේ. කුලියට ගැනීම සහ නාවික කටයුතු සඳහා යාත්‍රා තැනීමට සහ ක්‍රියාත්මක කිරීමට ජාතියට ඇති හැකියාවත් සමඟ, විදේශීය යාත්‍රා සහ ශ්‍රී ලංකා මුහුදු තීරයට අමුත්තන් ආකර්ෂණය කරගැනීමෙන් නාවික සංචාරක කර්මාන්තයේ අවස්ථා වැඩි දියුණු කිරීමට අද්විතීය අවස්ථාවක් තිබේ. කෙසේ වෙතත් එම කර්මාන්තය සැබවින්ම සාර්ථක වීමට නම්, සමස්ත වටිනාකම් දාමය ආවරණය වන පරිදි හොඳින් ස්ථාපිත නියාමන රාමුවක් අවශ්‍ය වේ. එබැවින්, මෙම අංශයේ විභවය සහ මෙම අංශය සංවර්ධනය කිරීමේ වැදගත්කම හඳුනාගෙන, රජය ශක්තිමත් නියාමන රාමුවක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් වෙන් කර ඇත.



අදහස් (0)

බෝට්ටු කර්මාන්තයේ වර්ධනයට පුළුල් නියාමන රාමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site