IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පෙබරවාරියේ නිෂ්පාදන-සේවා අංශවල වර්ධනයක්

යොහාන් භාසුර


මෙරට නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය’ පසුගිය පෙබරවාරි මස 56.8 ක අගයක් වාර්තා කළ බවත් සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශනය පෙබරවාරි මස 56.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.

මෙම වර්ධනය සඳහා සියලු‍ම උපදර්ශක ධනාත්මක ලෙස දායකවී ඇති බවත් ආහාර පාන නිෂ්පාදනයේ නියුතු සියලු‍ම සමාගම් එළඹෙන උත්සව සමය සඳහා සූදානම් වෙමින් සිටීම නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකය ප්‍රවර්ධනය වීමට බලපෑ බවත් මහ බැංකුව කියයි.

ඉහළ යන ඉල්ලු‍මට මුහුණදීම සඳහා සේවා නියුක්තිය සහ තොග මිලදීගැනීම් ඉහළ ගොස් ඇති බව කියන මහ බැංකුව සැපයුම්කරුවන්ගේ කාර්යබහුලත්වය පිළිබිඹු කරමින් පෙබරවාරි මස ඇණවුම් සැපයීමේ කාලය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කරයි.

ව්‍යාපාර ක්‍රියාකාරකම් ඉහළ යෑමට බොහෝ අංශවල වූ වර්ධනය ප්‍රධාන හේතුව බවත් ණය දීම ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව වර්ධනය වීමෙන් තොග සහ සිල්ලර වෙළෙදාම සහ අධ්‍යාපනය ආශ්‍රීත ව්‍යපාර ක්‍රියාකාරකම් ද පෙරවාරි මස වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව කියන මහ බැංකුව දේපළ වෙළෙදාම, වෘත්තීය සේවා, නවාතැන් හා ආහාරපාන සැපයීම, රක්‍ක්‍ෂණ හා අනිකුත් පෞද්ගලික සේවාවලට සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් ද ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ද සඳහන් කරයි.



අදහස් (0)

පෙබරවාරියේ නිෂ්පාදන-සේවා අංශවල වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site