හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සියයට 4ත් 4.5ත් අතර ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (6) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සියයට 5ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළ අතර එය තරමක විශාල අපේක්ෂාවක් යැයි ද මහ බැංකු අධිපතිවරයා පැවැසීය.
වසරේ සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංක මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (6) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු කීවේය.
ඉකුත් වසර හා සැසඳීමේදී මේ වසරේ පළමු කාර්තුවේදී ආර්ථිකය වර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 3.2කින් වර්ධනය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉකුත් ද නිවේදනය කළේය.
ඒ අනුව මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථිකය වර්ධනය අඩු මට්ටමක පැවැති බව කී මහ බැංකු අධිපතිවරයා වසරේ ආර්ථික වර්ධන වේග පදනම සංශෝධනයකට ලක් කරන බව ද කීය.
ආනයන වැඩිවන සහ ජංගම ගිණුම පුළුල් වන තත්ත්වයක් තුළ පොළී අනුපාත කපා හැරීමට උත්සාහ කළහොත් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවනු ඇතැයි ද අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය.
“මැතිවරණ පැමිණෙද්දී ආර්ථික කටයුතු ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති ලිහිල් කිරීමට විශාල පීඩනයක් එල්ල වෙනවා. ආනයන ඉහළ යෑමේ ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවක ආර්ථිකයට මුදල් පොම්ප කිරීම බුද්ධිමත් තීරණයක් නෙවෙයි”
ඇමෙරිකා එක්සත් ජනපදය පොළී අනුපාත ඉහළ යෑම නිසා විදේශිකයන් නැගී එන වෙළෙඳපොළවලින් අරමුදල් නැවත ගැනීම හේතුවෙන් වර්ධනය පීඩනයකට පත්ව ඇතැයි මහ බැංකු අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් පෙන්වා දුන්නේය.
COMMENTS
දේශපාලනය පැත්තක තියලා හරියට මුල්‍ය පාලනය කරන්න. ආර්ථික වර්දනය හොදටම අඩුවෙලා කියල බැලූ බැල්මටම පේනවා ඩොලරයට සාපේක්ෂව රුපියල පහල යන්නේ එක හේතුවක් රටේ අපනයන දුර්වල වෙනකොට.. වෙළද පරතරය එන්න එන්නම වැඩි වෙනවා.. මේකට තියෙන එකම විසදුම අපේ අපනයන සහ සේවා වැඩි කරන්න ඕනේ. ලංකාවට ගැලපෙන්නේ සේවා ආර්ථිකයක්.. ලංකාවේ විශ්වවිද්‍යාල දියුණු කරන්න ඕනේ.. තොරතුරු තාක්ෂණය, දත්ත කළමනාකරණය වගේ දේවල් සහ දියණු තාක්ෂණික උපකරණ නිෂ්පාදනය වගේ දේවල් කරන්න ඕනේ.. ඒ ගමන්ම කෘෂිකර්මය දේශීය ඉල්ලුමට ගැලපෙන විදියට හදල සහන දීලා ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න ඕනේ.. එතකොට මේ රටට ආයෝජකයෝ ඒවි. අඩු ජීවන වියදමත්..දැනුමෙන් සන්නද්ද ශ්‍රම බලකායත් තියෙනවනම් ආයෝජකයෝ එනවා.. ස්ථාවර රටකට. වෙන පම්පෝරි කතා වැඩක් නැ
මම කිවේ කට්ටියම ප්‍රාදේශීය සභා ඡන්දෙට බැහැල වැඩකොරනකොට මේ වර්ෂයේ මුල් කාර්තුවේ බලාපොරොත්තු වුණ ඉලක්ක සපුරගන්න බැහැ කියා.
මම දැක්ක සැම්බියා වල නිව්ස් එකක් යනවා මේ පත්තරේ ඒකම නේද මේ වෙන්නේ.ලගදීම මෙහෙටත් වෙන්නේ ඒ ටිකම තමයි.කිසිම දැක්මක් නැතුව රට ගමන් කරනවා.පාලකයෝ හොරා කකා ඉන්නවා