IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පළමු කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 4.8ක වර්ධනයක්

භානුක අමරසිංහ 

මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 3,477,088ක් ලෙස සටහන්ව ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය 2024 පළමු කාර්තුවේදී වාර්තා කළ රුපියල් මිලියන 3,318,769 ක දළ දේශීය නිෂ්පාදිතය හා සැසඳීමේදී සියයට 4.8ක වර්ධනයකි. 

2025 පළමුවැනි කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තුව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කරයි. 

මෙහිදී 2025 පළමු කාර්තුවේදී කෘෂිකර්මාන්තය සියයට 7.6කින්ද, කර්මාන්ත සියයට 26.7 කින්ද, සේවා සියයට 57.4 කින්ද දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දී තිබේ. ඒ අනුව 2024 පළමු කාර්තුව හා සැසඳීමේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතු සියයට 0.7 ක ඍණ වර්ධන වේගයක්ද, කාර්මික සහ සේව ආර්ථික කටයුතු පිළිවෙළින් සියයට 9.7 ක සහ සියයට 2.8ක ධන වර්ධන වේගයක් වාර්තා කර තිබේ.



අදහස් (0)

පළමු කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 4.8ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site