IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


පැවති ණය පියවීමට අලු‍තින් ණය නොගත්තා නම් රට බංකොලොත් වන්නේ මීට කලින්

භානුක අමරසිංහ
ශ්‍රී ලංකා ජාතන්තර ස්වෛරීත්ව බැදුම්කර හරහා සිදු කළ ණය ගැනීම් සිය ධුර කාලයේදී ඉහළ ගිය බවටත්, එය රටේ විදේශ විනිමය අරබුදයට හේතුවක් වූ බවටත් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු මහ බැංකු අධිපතිවරයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. 
මෙහිදී අදාළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබා ගත් ණය, ණය කළමනාකරණයට සහ රට මීට පෙර මූල්‍යමය කඩාවැටීමකින් වළක්වා ගැනීමට යොදා ගත් බවත් ඒ මහතා සඳහන් කරයි.
ආචාර්ය කුමාරස්වාමි මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ පළමු මහජන සංවාදමය අවස්ථාව වූ “A new Paradigm in macroeconomic management” හි ප්‍රධාන දේශනය කරමිනි.


ඒ අනුව පසුගිය කාලසීමාවේදී ක්‍රියාත්මක කළ මෙම ණය ගැනීමේ ක්‍රමෝපාය රට සතු ණය ගෙවීමේ හැකියාව පවත්වාගෙන යාම සඳහා යොදා ගත් අත්‍යවශ්‍ය යක්ෂයකු බවත් ඒ මහතා මෙහිදී පැහැදිලි කර දී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හිටපු මහ බැංකු අධිපති කුමාරස්වාමි මහතා, 2015 වසරේදී ශ්‍රී ලංකාව සතු වූ ඩොලර් බිලියන 5ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර ප්‍රමාණය 2019 දී ඩොලර් බිලියන 15ක් දක්වා තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි පෙන්වා දී තිබේ. එහෙත් මෙම ඉහළ යාමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්ම අලු‍ත් ණය ගැනීම් නොවන බවත්, කෙටි-කාලීන ඉහළ අවදානම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යොදා ගත් ඒවා බවත් ඔහු සඳහන් කරයි.
“මේ ඉහළ ඩොලර් බිලියන 10න්, ඩොලර් බිලියන 5ක්ම යොදා ගෙන තිබෙන්නේ ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමටයි. 2015 දී ශ්‍රී ලංකාව සතුව තිබුණේ ඩොලර් බිලියන 3.5ක වටිනාකමක් ගන්නා රුපියල් සුරැකුම්පත් පමණයි. පසුව අපි එය ඩොලර් මිලියන 600ක් දක්වා පහළට ගෙන ආවා. ඒ වගේම එවකට තිබූ ස්වැප් පහසුකමත් ඩොලර් බිලියන 2.5 සිට ඩොලර් මිලියන 500ක් දක්වා පහතට ගෙනාවා. මේ විදියට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවට විකල්ප ඉදිරිපත් කිරීම හරහා අපි සැලසුම් කළේ පිරිවැය අඩු කරමින් මූල්‍යමය ස්ථාවරත්වය දියුණූ කිරීමයි.” යනුවෙන්ද හිටපු මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැහැදිලි කර තිබේ.
මේ අතර 2019 වසරේ ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙරාතුව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර ප්‍රමාණය ඩොලර් බිලියන 4.5කින් ඉහළ දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඒ මහතා, එම අවස්ථාවේදී නව රජයක් යටතේ සිදුවන ප්‍රතිපත්තිමය වෙනස්වීමකට මුහුණදීම සඳහා වන ස්වාරක්ෂකයක් ලෙස එය යොදා ගැනීම අරමුණ වූ බවත් පවසා තිබේ. එම අවස්ථාවේදී නව රජය මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත්වීමත් සමගින්ම ප්‍රාග්ධන වෙළෙඳ පොළ වෙත ප්‍රවේශය අහිමිවීමේ අවදානමක් පැවතීම ඊට හේතු වූ බවත් ඔහු සඳහන් කරයි.



අදහස් (0)

පැවති ණය පියවීමට අලු‍තින් ණය නොගත්තා නම් රට බංකොලොත් වන්නේ මීට කලින්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6112 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 313 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 340 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1272 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site