ප්ලාස්ටික් ආශ‍්‍රිත කර්මාන්ත තේමා කරගත් ප‍්‍රදර්ශනයක් අගෝස්තු 10-12 දිනයන්හිදී කොළඹ ලේක්හවුස් මන්දිර අසල ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන හා වෙළෙඳ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට යයි. මෙම ප‍්‍රදර්ශනය ශ්‍රී ලංකා රබර් හා ප්ලාස්ටික් ආයතනය, ප්ලාස්ටික් ඉංජිනේරු හා තාක්ෂණ ආයතනය (ඉන්දියාව), ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය හා ඉන්දියාවේ එන්ටර් ප‍්‍රයිසින්ග් ෆැරිස් සමාගම සංවිධානය කරයි. ඉන්දියාව, චීනය, තායිවානය, දකුණු කොරියාව හා ඉතාලිය යන රටවලින් ප‍්‍රදර්ශනකරුවන් 100කට ආසන්න පිරිසක් ඊට සහභාගි වීමට නියමිතය. ප්ලාස්ටික් කර්මාන්තය ආශ‍්‍රිත නවීනතම යන්ත‍්‍ර සූත‍්‍ර, අමුද්‍රව්‍ය හා නිමැවුම් පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් කර්මාන්තකරුවන් දැනුම්වත් කිරීම ප‍්‍රදර්ශනයේ අරමුණයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්ලාස්ටික් කර්මාන්ත දැක්මක් කොළඹදී
නිත්‍යා Saturday, 12 January 2013 11:56 AM
සාර්ථක වේවායි පතමි (ස)