පැල්වත්ත කිරි සමාගම විසින් තම සමාගමේ අඛණ්ඩ දියුණුව සහ වර්ධනය වෙනුවෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයන් දෙදෙනකු ප්‍රධාන තනතුරු දෙකක් සඳහා අලුතින් පත් කර ගන්නා ලද බව පසුගිය දා නිවේදනය කරන ලදි. මෙහිදී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරි (GCFO) ලෙසත්, තුෂාර ජයලත් මහතා සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි (GCOO) ලෙසත් පත්වීම් ලබන ලදි. ඔවුන්ගේ අත්දැකීම්වලින් සහ නිපුණතාවලින් සමාගම තවදුරටත් ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගනු ඇතයි සමාගම අපේක්ෂා කෙරේ.
ඩිලන්ත ප්‍රනාන්දු මහතාට විවිධ ක්ෂේත්‍රවල මූල්‍ය නායකත්වය සම්බන්ධයෙන් දශක දෙකකට වැඩි පළපුරුද්දක් ඇති අතර, ඔහු ව්‍යාපාර සැලසුම්කරණය, ලාබ අලාභ කළමනාකරණය, මූල්‍ය වාර්තා සැකසීම සහ ආයෝජක සබඳතා යන අංශවල ප්‍රවීණයකු ලෙස සැලකිය හැකිය. ඔහු මින් පෙර චීනයේ මැක්සිම් සමූහයේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිස්ටල් මාර්ටින් සිලෝන් සමාගමේ මූල්‍ය කටයුතු සහ මූල්‍ය සැලසුම් පිළිබඳ ඉහළ තනතුරක් හොබවා ඇත. සංකීර්ණ මූල්‍ය තත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ඔහුට ඇති හැකියාව, පැල්වත්ත කිරි සමාගමේ අනාගත දියුණුවට විශාල පිටිවහලක් වනු ඇත.
තුෂාර ජයලත් මහතා නිෂ්පාදන සහ මෙහෙයුම් ක්ෂේත්‍රයේ වසර 25 කට වඩා වැඩි අත්දැකීම්වලින් පරිපූර්ණ ප්‍රවීණ වෘත්තිකයෙකි. ඔහු මින් පෙර දිවයිනේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන හා පාරිභෝගික නිෂ්පාදන සමාගම් වන යුනිලීවර්, ෆොන්ටෙරා සහ ඒවරි ඩෙනිසන් වැනි සමාගම්වල නිෂ්පාදන හා සැපයුම් අංශයන්හි සේවය කර විශාල පළපුරුද්දක් හිමි අයෙකි. ජපානයේ ශාඛා කළමනාකරණ ආයතනයේ සහතිකලත් සමස්ත මූල්‍ය නඩත්තු කිරීමේ (TPM) උපදේශකවරයකු ද වන ඒ මහතා, මින් පෙර විවිධ නිෂ්පාදන ආයතනවල ඵලදායිතාව ඉහළ නැංවීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර ඇත. ඔහුගේ නිපුණතාව මත පැල්වත්ත කිරි සමාගමේ නිෂ්පාදන හා සැපයුම් අංශය වඩාත් කාර්යක්ෂම කරගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පැල්වත්ත කිරි සමාගමේ ප්‍රධාන තනතුරු දෙකකට නව පත්වීම්