IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ප්‍රයිම් සමූහයෙන් ‘Prime Premier’ නමින් සුවිශේෂී පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක කීර්තිමත් උරුමයක් හිමි ප්‍රයිම් සමූහ ව්‍යාපාරය  ‘Prime Premier’  නමින් සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කළේය. ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් සමාගමක් විසින් මෙබඳු මධ්‍යස්ථානයක් විවෘත කළ ප්‍රථම අවස්ථාව මෙයයි. 

අංක 226, ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 යන ස්ථානයේ  ‘Prime Premier’  මධ්‍යස්ථානය පිහිටා තිබේ. ප්‍රයිම් සමූහයේ සම-සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීතුමන් විසින් මෙය විවෘත කරන ලද අතර, සමාගමේ නියෝජිතයන් සහ ආරාධිතයන් ඇතුළු තවත් පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ. ප්‍රයිම් සමූහයේ 30 වන සංවත්සර සැමරුම් මාලාවේ එක් අදියරක් වන මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පාරිභෝගිකයන් හා සමාගම් අතර ගනුදෙනු සිදු වන ආකාරය මුළුමනින්ම වෙනස් කරනු නිසැකය. 

දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ගනුදෙනු කිරීමේදී පහසුව, සුහදත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය වැනි ගුණාංග අතිශයින් වැදගත්ය. මෙම පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානයේ ප්‍රධානතම අරමුණ වන්නේ ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සලසමින්, ඔවුන්ට සුහදශීලී සේවාවක් ලබාදෙන අතරම ප්‍රයිම් සමූහය සහ පාරිභෝගිකයන් අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමයි. 

‘Prime Premier’  විවෘත කිරීම අපගේ දශක තුනක ගමන් මග තුළ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ප්‍රයිම් සමූහය තම පාරිභෝගිකයන්ට ලබාදෙන වටිනාකම කෙතරම්ද යන්න මෙමගින් මැනැවින් පිළිබිඹු වනවා. මෙය සුඛෝපභෝගී දේපළ මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට පෙර නොවූ විරූ අත්දැකීමක් වේවි. අප කවදත් සාම්ප්‍රදායික දේපළ ගනුදෙනුවලින් ඔබ්බට ගොස් සැබෑ වෙනසක් සිදුකිරීමට උත්සාහ කළා.  ‘Prime Premier’  යනු එම උත්සාහයේ තවත් සුවිශේෂී ප්‍රතිඵලයක්.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසීය. 

සාම්ප්‍රදායික කාර්යාලවලට වඩා හාත්පසින්ම වෙනස් ලෙස, පාරිභෝගික තෘප්තියට මුල් තැන දෙමින් සැලසුම් කර ඇති  ‘Prime Premier’‘ මධ්‍යස්ථානය තුළදී පාරිභෝගිකයන්ට හිමි වනුයේ ඔවුන් ඊට පෙර කිසිදා අත් නොවිඳි ආකාරයේ අත්දැකීමකි.  ‘Prime Premier’ වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට ඉතාමත් සැහැල්ලු‍වෙන් යුතුව තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට හැකි වනු ඇත. මෙම මධ්‍යස්ථානය නවීනතම පහසුකම්වලින් සමන්විත වන අතර, පාරිභෝගිකයන්ට සහය වීම සඳහා පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් එහි සේවයෙහි යෙදී සිටිති.



අදහස් (0)

ප්‍රයිම් සමූහයෙන් ‘Prime Premier’ නමින් සුවිශේෂී පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site