IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ප්‍රමිති ආයතනයට ක්ෂණික අන්තර්ජාල ගෙවීම් කිරීමට කොම්බෑන්ක් ඩිජිටල් පහසුකම්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ‘කොම්බෑන්ක් ඩිජිටල්’ පද්ධතියට ඒකාබද්ධ කරගනිමින් එම ආයතනයට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කිරීමට අවස්ථාව උදාකළ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබේ.

මේ තුළින් ගනුදෙනුකරුවන්ට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගෙවිය යුතු ගාස්තු ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට ගෙවිය හැකි යැයි. කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

මේ අනුව, www.combankdigital.com වෙබ් අඩවිය සහ එහි IOS සහ Android ජංගම දුරකතන අයදුම් මෙන්ම Huaweiජංගම දුරකතන අයදුම මගින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පෞද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට ඒ මොහොතේම අන්තර්ජාල ගෙවීම් කිරීමට බැංකුව විසින් අවස්ථාව ලබාදී තිබේ.

ගනුදෙනුකරුවන් කොතනක සිටියත් ඔවුන්ට පහසු සහ ආරක්ෂිත ඩිජිටල් බැංකු කරණ අත්දැකීමක් ලබාදීම සඳහා මෙම පද්ධතිය කර්මාන්තයේ ඉහළම මට්ටමේ ආරක්ෂිත ප්‍රමිතීන්ගෙන් සුරක්ෂිතභාවයට පත්කර තිබෙන බව බැංකුව සඳහන් කරයි. කඩදාසි භාවිතා නොකරන මෙම ක්‍රියාවලිය සඳහා ගනුදෙනුකරුවෙකුට තම ගනුදෙනු සිදුකිරීමට බැංකු ශාඛාවකට හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්යාලයට යෑමට අවශ්‍ය නොවේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග ඇති කරගත් මෙම ඒකාබද්ධතාවය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී, හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොම්බෑන්ක් ඩිජිටල් පද්ධතියට එක්කළ නවතම රජයේ ආයතනය වන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි. තාක්ෂණය විසින් උදාකර දී තිබෙන සෑම අවස්ථාවක්ම ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා යෙදවීමට බැංකුව කටයුතු කරනවා. මේ තුළින් ගනුදෙනුකරුවන්ගේ පහසුව වර්ධනය කරමින් ඔවුන්ට තිබෙන පෞද්ගලික ඩිජිටල් උපකරණ මගින් කරදරයකින් තොරව කාලීනව දෛනික බැංකු කටයුතු කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ඩිජිටල් බැංකු කරණ ධාරිතාව කොමර්ෂල් බැංකුව විසින් අඛණ්ඩවම වර්ධනය කරනවා.’

595



අදහස් (0)

ප්‍රමිති ආයතනයට ක්ෂණික අන්තර්ජාල ගෙවීම් කිරීමට කොම්බෑන්ක් ඩිජිටල් පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 348 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site