IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


පාකිස්තාන අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකිකයන්ට දොර ඇරේ

ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට, ඇගලුම් නිෂ්පාදකයන්ට සහ වෙළෙඳුන්ට පාකිස්තානයේ පළමු අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයට නොමිලේ ලියාපදිංචි විය හැකි යැයි කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය සළකා බලමින් පාකිස්තාන වාණිජ අමාත්‍යාංශයේ අනුග්‍රහාය ඇතිව පාකිස්තාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය මෙම අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කරයි.

පාකිස්තානය අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයක් සංවිධානය කරන පළමු අවස්ථාව මෙය වන අතර එය ලබන මස 1 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම අන්තර්ජාල ප්‍රදර්ශනය පැය 24 මුළුල්ලේ විවෘතව පවතී. ලොවපුරා සිටින පාරිභෝගිකයන්ට තමන්ගේ කාර්යාල සහ නිවෙස්වල සිටිමින් මෙම අවස්ථාවට සහභාගී වීමට හැකි ය.

පාකිස්තානයේ ඇගලුම් නිෂ්පාදනය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ගෘහ ඇඳුම්, ඉහළ විලාසිතා ඇඳුම් සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ වලින් මෙම ප්‍රදර්ශනය සමන්විත වේ.

මෙම ප්‍රදර්ශනයේ, වීඩියෝ සහ ශ්‍රව්‍ය තාක්‍ෂණය තුළින් ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට පාකිස්තාන නිෂ්පාදකයන් සමඟ සම්බන්ධ විය හැක. මෙම ප්‍රදර්ශනයේ, ඩිජිටල් ව්‍යාපාර හුවමාරුව, ප්‍රදර්ශන කණ්ඩායම සමඟ අන්තර් ක්‍රියා කිරීමේ හැකියාව සහ වීඩියෝ සහ ඡායාරූප තාක්‍ෂණය තුළින් සියලු වර්ගවල නිෂ්පාදන සවිස්තරාත්මකව ප්‍රදර්ශනය කිරීම අඩංගු වේ. ගෝලීය ඇගලුම් වෙළෙඳපොළේ ප්‍රධාන ප්‍රවණතා ඉස්මතු කරමින් ඇගලුම් කර්මාන්තය සහ විලාසිතා සංදර්ශන පිළිබඳ තොරතුරු සම්මන්ත්‍රණ ද මෙහිදී පැවැත්වේ.

 

055



අදහස් (0)

පාකිස්තාන අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකිකයන්ට දොර ඇරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 654 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site