ශ්රී ලාංකකියන් අතරට නව ආරක ආහාර පෙළක් ඉදිරිපත් කරමින් 1994 වසරේ වෙළෙඳ පොළට පැමිණි නෝෆෝක් ෆුඩ්ස් පෞද්ගලික සමාගම මේ වන විට වසර 30 ට අධික කාලයක් සාර්ථකව ශ්‍රී ලංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත් වී ඇත. රසවත් නැවුම් ආහාර වර්ග හා නවෝත්පාදන ආහාර වර්ග රැසක් වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් එම වසර 30 කාලය පුරා නොකඩවා පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයකි. තවද ISO 22000:2018, GMP හා HACCP වැනි තත්ව සහතික ද, ජාත්‍යන්තරව පිළිගත් ආහාර සුරක්ෂිතතා හා ස්ථාවර ගුණාත්මකභාවයකින් යුත් ආහාර නිෂ්පාදන සඳහා ලබා දෙන FSSC 22000 තත්ව සහතික ද හිමි ශ්‍රී ලාංකේය සමාගම් අතලොස්ස අතරින් නෝෆෝක් ෆුඩ්ස් ආයතනය ඉහළින්ම සිටී.
රසවත්ව ගුණාත්මකව හා උපරීම සෞඛ්‍යාරක්ෂිතව පිළියළ කරනු ලබන ප‍්‍රණීත ආහාර පෙළක් ඔවුන් පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කර ඇති අතර, සියලුම උත්සව අවස්ථා හා ඕනෑම කෑම මේසයකට ගැළපෙන ආහාර වර්ග 300 කට වඩා ඉදිරිපත් කර ඇත.
නිර්මාංශ කෑම තෝරාගන්නා අයකුට ක්‍රසන්ට් පොටෑටෝ කිව්ස්, වෙජි ස්ප්‍රින් රෝල්ස්, වෙපි රෝල්ස්, වෙපි සමෝසා, වෙපි ඩම්ප්ලින්ග්ස් හා වෙපි කට්ලට්ස් වැනි නිෂ්පාදන රැසක රස විඳිය හැකි. බහුතරයකගේ කැමැත්ත වන මාංශ සහිත ආහාර අතර හොටි ඩොග් සොසේජස්, මීට් බෝල්ස්, චිකන් හැම්, පොප් කෝන් චිකන් හා චිකන් බොක්වර්ස්ට් ඇතුළු විවිධ රස එකතු වූ සොසේජස් වර්ග ද, චිකන් මිනි කීව්ස්, චිකන් රෝල්ස්, කොච්චි බයිට්ස්, නගට්ස්, චිකන් ෆින්ගර්ස්, ගෝල්ඩන් ඩ්‍රමර් ඇතුළු නිෂ්පාදනද මිලදී ගත හැක.
රාමදාන් උත්සව සමය වෙනුවෙන් නොෆෝක් ආයතනය, ක්‍රසන්ට් සන්නාමය යටතේ නවතම නිෂ්පාදන පෙළක් නිකුත් කර තිබේ. ඒ අතර සුවිශේෂී වන්නේ විශේෂ රාමදාන් ඇසෝටඩ් ඇසුරුමයි. මෙම නිෂ්පාදන ඇසුරුම තුළ නිෂ්පාදන වර්ග 6 කින්, ආහාර අයිතම 68 ක් අන්තර්ගත වේ.
එම නිෂ්පාදනයට අමතරව නොෆෝක් ආයතනය විසින් තවත් නිෂ්පාදන රැසක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. ඒ අතර විකන්, බීෆ් හා මට්න් සමෝසා වර්ග 3 ක් ද, චිකන් ස්ට්‍රප්, කොච්චි මිශ්‍ර චීස් ෆිටර්ස්, ස්පයිසි චීස් ස්ප්‍රින්ග් රෝල්ස්, චිකන් හා ෆිෂ් ප්‍රීමියම් පැටීස්, මට්න් කෙබාබ් හා මට්න් රෝල්ස් වැනි උසස් නිෂ්පාදන රැසක් ඇතුලත් ය. නත්තල් උත්සවය, රාමදාන් උත්සවය මෙන්ම ඉදිරියේදී එන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන්ද නවතම නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ක්‍රසන්ට් බලාපොරොත්තුවෙන් සිටී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නෝෆෝක් ෆුඩ්ස් සමාගමෙන් නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට