IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිසි මිලක් නොමැතිකමින් ගෝවා වගාකරුවෝ කබලෙන් ලිපට

(ඉන්දික අරුණ කුමාර)
 
ගෝවා අස්වැන්න සඳහා නිසි මිලක් නොමැතිකමින් නාඋල ප්‍රදේශයේ තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි නාඋල ගෝවා වගකාරුවෝ පවසති.
 
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගෝවා කිලෝවක තොග මිල රුපියල් 30 ක් පමණ වන බව බව කී ඔවුහු මෙම මිල තත්ත්වයේ අවමවීම හේතුවෙන් විශාල මුදලක් වැයකර වගාබිම් කිහිපයක සාර්ථකව වගාකර ඇති ගෝවා අස්වැන්නෙන් තමාට ආර්ථික වාසියක් නොලැබෙන බව ඔවුහු කියති.
 
අස්වනු නෙළීමේ තත්ත්වයේ පවතින බොහෝ ගෝවා වගාකරුවන්ගේ අස්වනු මේ වන තෙක් නෙළා අවසන් කර නැත්තේ නිසි මිලක් නොමැතිකමින් බව ගෝවා වගාකරුවකු වන ඩී. එම්. සීලරත්න මහතා කියා සිටියේය. 
 
බීජ, කෘෂි රසායන මෙන්ම පොහොර සඳහා වැය කළ මුදල හෝ සිය වගාව අලෙවියෙන් ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ගෝවා වගාකරුවෝ වැඩිදුරටත් පවසති.

 



අදහස් (9)

නිසි මිලක් නොමැතිකමින් ගෝවා වගාකරුවෝ කබලෙන් ලිපට

Perakum Tuesday, 09 April 2019 06:11 AM

කෘෂිකර්ම බලධාරීන් තමන්ගේ සුඛ විහරණය සලසා ගන්නවා පමණයි. ගොවියාගේ දුක් ගැනවිලි ඔවුන්ට නොඇසේ, නොපෙනේ. කාගේ අවාසනාවද?

:       107       154

Rohitha Tuesday, 09 April 2019 12:51 PM

අධික ලෙස කෘමිනාශක පාවිච්චි කරන නිසා මිනිස්සු ගෝවා කන්න කැමති නෑ

:       6       2

පාල ගාල්ලගේ Tuesday, 09 April 2019 02:54 PM

අද (09) ගාල්ලේ සතිපොලවල ගෝවා 500 රුපියල් හතලිහයි- පනහයි...

:       0       6

Sumith Tuesday, 09 April 2019 07:22 PM

ගොවීන්ට සෙතක් නැහැ ගොඩනැගිලිවලට කුලී ගෙවාගෙන කට්ටියට සැප

:       0       0

sarath Wednesday, 10 April 2019 02:19 AM

බහුතර ක්ෂේත්‍ර නිලධාරින් පැසසිය යුතු රාජකාරියක් කරනවා. වෙළඳපොල පාලනය රජය භාර ගතයුතුයි .

:       1       0

Perakum Wednesday, 10 April 2019 02:34 PM

වෙළඳපළ පමණක් නොව කෘෂි වගා රටාවද රජය විසින් දැඩි ලෙස පාලනය නොකළහොත් ගොවියා මෙලෙසින් අසරණ වීම වැළැක්විය නොහැකිය...

:       0       73

Perakum Thursday, 11 April 2019 07:41 AM

අපිත් ගෝව කෑම නවත්තල ටිකක් කල්. දැන් ගොවියෝ ගෝව කඩන දාට කලින්දා වගාව කෘමි නාශක වලින් නාවන්න පුරුදු වෙලා.

:       0       8

Sumith Friday, 12 April 2019 02:24 PM

සුපිරි වෙළඳසැල්වල ගෝවා ග්‍රෑම් 500 රුපියල් 60යි. ගොවියන්ගේ තොග මිල රුපියල් 15යි. ලංකාවේ ගොවියන්ගේ ආර්ථිකය කොහොමද?

:       0       1

PerakumMonday, 15 April 2019 08:35 AM

රජයකින් විය යුතු සේවය සිදු නොවන බවට අපි කොච්චර කීවත් වැඩක් නෑ. දියවන්නාවේ 225 ටම මේවා පේන්නෙත් නෑ ඇහෙන්නෙත් නෑ. අපේම අවාසනාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site