IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්

යොහාන් භාසුර


නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරි මස 59.0 ක දර්ශක අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සේවා ක්‍රියාකාරකම්වල සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් ජනවාරි මස දර්ශනාංකය 58.5 ක් ලෙස වාර්තා වන බව එම බැංකුව පවසයි.

නිෂ්පාදන අංශයේ වර්ධනය සඳහා සියලු‍ම උප දර්ශක ධානාත්මක ලෙස දායක වී ඇති බවත් රෙදිපිළි සහ ඇඟලු‍ම් නිෂ්පාදන අංශයේ බොහෝ දෙනෙක් ජනවාරි මාසයේදී ක්‍රියාකාරකම් වර්ධනය කර ඇති බවත් මහ බැංකුව කියයි.

එය නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්ති සහ තොග මිල ගැනුම් උප දර්ශකවල වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වූ බවත් දෙසැම්බර් මාසයේ උත්සව සමය නිමවීමෙන් අනතුරුව ආහාර සහ පාන නිෂ්පාදන අංශයේ තවදුරටත් යහපත් ක්‍රියාකාරීත්වයක් පැවැති බවත් එම බැංකුව සඳහන් කරයි.

නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ යෑමත් සමඟ ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ද ජනාවාරි මස තවදුරටත් ඉහළ ගොස් ඇති බවද කියන ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාරික වාතාවරණය තවදුරටත් වර්ධනය වනු ඇති බවට පවතින අපේක්‍ෂා හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිරි දැක්ම ධනාත්මක මට්ටමක පවතින බවද සඳහන් කරයි.

සේවා අංශයේ ණය දීම ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩ වර්ධනයක් ප්‍රදර්ශනය කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. 

 



අදහස් (0)

නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site