IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නව ආනයන පර්යන්තයක් සමගින් ශ්‍රී ලංකන් කාගෝ මෙහෙයුම් සියයට 70 කින් පුළුල් කෙරේ

  • නව පර්යන්තයත් සමග තවත් අමතර ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 177,000 ක් පමණ හැසිරවීමට හැකියාව
  • වර්තමානයේ ශ්‍රී ලංකන් කාගෝ වර්ග අඩි 16,500 ක් පුරවාට ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 250,000 ක් පමණ හසුරවයි

විමුක්ති එස් රුද්‍රිගු


නව ආනයන පර්යන්තයක් සමගින් ශ්‍රී ලංකන් කාගෝ ගුවන් භාණ්ඩ මෙහෙයුම් සියයට 70 කින් පුළුල් කර ගැනීමට සිය ගුවන් සේවය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකන් කාගෝ ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පෙරේදා (20) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකන් කාගෝ සතුව ගුවන් භාණ්ඩ මෙහෙයුම් සඳහා පර්යන්ත පහක් තිබෙන බවත් වර්ග අඩි 10,000 නව පර්යන්තයත් සමග තවත් අමතර ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 177,000 ක් පමණ හැසිරවීමට හැකියාව ලැබෙනු ඇතැයිද ඔහු පැවැසුවේය. වර්තමානයේ ශ්‍රී ලංකන් කාගෝ වර්ග අඩි 16,500 ක් පුරවාට ගුවන් භාණ්ඩ මෙට්‍රික් ටොන් 250,000 ක් පමණ හසුරවන බව ඔහු ප්‍රකාශ කළේය.
පර්යන්ත පුළුල් කිරීම මගින් 2030 වසර වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 30 අපනයන ඉලක්කයක් සපුරා ගැනීමේ රජයේ ඉලක්කයට දායකවීමට හැකියාව ලැබෙන බවද ඔහු පැවැසුවේය.
මාධ්‍යවේදීන් සඳහා ශ්‍රී ලංකන් කාගෝ සංවිධානය කළ සංචාරයක් අතරතුරදී චමින්ද පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.



අදහස් (0)

නව ආනයන පර්යන්තයක් සමගින් ශ්‍රී ලංකන් කාගෝ මෙහෙයුම් සියයට 70 කින් පුළුල් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16882 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site