IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිවසේ සිට ඉගෙන ගන්න Samsung Tabs

අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන පන්ති මගින් පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ට නිසි සාධාරණයක් ඉෂ්ට කිරීමේ අරමුණෙන් Samsung සමාගම S pen හඳුන්වා දී තිබේ.

Samsung Tab S පෙළ සහ එහි S Penවිශේෂාංගය සමගින් ශිෂ්‍යයන්, ගුරුවරුන් සහ කළමනාකාරිත්වය අතර මනා සහයෝගිත්වයක් ගොඩනැංවීම සඳහා සහය ලබා දීමට Samsung සමාගමට හැකියාව ලැබී ඇති බවත් මෙමගින් ගුරුවරුන්ට විශාල උපකාරයක් ලැබෙන බැවින් එහි ප්‍ර‍තිඵලයක් ලෙස ශිෂ්‍යයන්ට ඉතා ඉහළ ප්‍ර‍මිතියෙන් යුතු අධ්‍යාපනයක් ලැබීමට හැකි වනු ඇති බවත් සැම්සුන්ග් සමාගම සඳහන් කරයි.

සියලු‍දෙනාගේ ජීවන රටාව සිර කර දැමූ මෙම වසංගතය, පාසල් දරුවන්ට පාසල වෙත ගොස් අධ්‍යාපනය ලැබීමේ සාමාන්‍ය චර්යාව ද මේ වන විට අහිමි කර තිබේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට කිසිදු බාධාවක් නොවී අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගුරුවරුන්ට තමන් සිටින වටපිටාවෙන් සොයාගත හැකි සම්පත් උපරිමයෙන් භාවිත කිරීමට සිදු වී ඇත. මෙයට විසඳුමක් වශයෙන්, අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීමේ දී උද්ගත වන අපහසුතා අවම කරගැනීමට ඔවුන්ටSamsung Galaxy Tab එකක් සහ එහි S Pen පහසුකම ලබාගත හැකිය.

S Pen විශේෂාංගය මගින් ගුරුවරුන්ට සාමාන්‍යයෙන් හුරු පුරුදු ලිවීමේ පහසුකම, අන්තර් ජාලය ඔස්සේ ඉගැන්වීම් ක්‍ර‍මයට එක් කරයි. S Pen භාවිත කර ගුරුවරුන්ට ඍජුවම තිරය මත ලිවීමට හැකියාව ලැබේ.

Knox සමගින් බලගැන්වුණු Galaxy Tab උපකරණවල ඇති දත්ත සඳහා දැවැන්ත ආරක්ෂාවක් හිමිවන අතර Smart දුරකථන දුරස්ථව මෙහෙයවීම සඳහා toolset එකක් ද මෙය සතු වේ.

ටැබ්ලට් පරිගණකයක් මගින් ගුරුවරුන්ට පුළුල් පරාසයක විහිදී ගිය වර්ණ මාලාවක් ලබා දෙයි. ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන්ට මෙම වර්ණ භාවිතය ඉතා වැදගත් වන්නේ, දෘශ්‍ය අධ්‍යාපනය ඔවුන්ගේ සංවර්ධන ක්‍රියාවලියට අත්‍යාවශ්‍යම අංගයක් වන බැවිනි.

Galaxy Tab S6 Lite, Tab S7/S7+ හි අන්තර්ගත විශේෂාංගයක් මගින් නෝට්බුක් පිටුවෙහි රටාව, පසුබිම (backgrond) ලෙස ද යොදාගත හැකිය.

 



අදහස් (1)

නිවසේ සිට ඉගෙන ගන්න Samsung Tabs

Riyas Wednesday, 09 June 2021 11:01 PM

මාදිලි අංකය සහ මිල කීයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site