භානුක අමරසිංහ
නවලෝක රෝහල අයත් නවලෝක සමූහය හැටන් නැෂනල් බැංකුවට HNB ගෙවීමට තිබූ ණය සම්බන්ධයෙන් සමථයකට පැමිණි බව එම සමූහයෙහි සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පවසයි. 2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන එම සමාගමේ වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව මෙම සාර්ථකත්වය මගින් සිය සමූහයෙහි මූල්‍යමය පදනමේ ශක්තිමත් පෙන්නුම් කරන බවත් සභාපතිවරයා පවසා සිටියි. “මෙම ණය සම්බන්ධයෙන් හැටන් නැෂනල් බැංකුවත් සමගින් ඇතිකරගත් සාර්ථක එකඟතාව මගින් නවලෝක රෝහල සම්බන්ධයෙන් පවතින විශ්වාසය සහ පැහැදීම තවදුරටත් පැහැදිලි වෙනවා. මේ හරහා අපගේ දිගුකාලීන ක්‍රමෝපායික බලාපොරොත්තු සාර්ථක කරගැනීමට ශක්තිමත් වේදිකාවක් සපයාවි,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
2025 වසර වනවිට නවලෝක සමූහය මෙරට මූල්‍ය ආයතන හරහා ලබාගෙන ඇති සමස්ත ණයෙහි වටිනාකම රුපියල් බිලියන 6.68ක් පමණ වෙයි. ඒ අතරින් රුපියල් බිලියන 3.29ක ණය ප්‍රමාණයක් ඇත්තේ හැටන් නැෂනල් බැංකුව සමගයි.
නවලෝක සමූහය, කොළඹ 02, ශ්‍රී ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නවලෝක රෝහල් පරිශ්‍රය උගසක් ලෙස තබමින් මෙම ණය මුදල් ලබාගෙන තිබේ. මෙහිදී නවලෝක හොස්පිටල්ස් පීඑල්සී, නිව් නවලෝක හොස්පිටල්ස් (පෞද්) සමාගම, නිව් නවලෝක මෙඩිකල් සෙන්ටර් (පෞද්) සමාගම යන සමාගම් සඳහා ණය ලබාගෙන තිබේ.
නවලෝක සමූහය සඳහන් කරන ආකාරයට නිව් නවලෝක මෙඩිකල් සෙන්ටර් (පෞද්) සමාගම ඇතුළුව සමූහයේ සමාගම් සතුව 2023 මාර්තු 31 වනවිට පැවැති මෙම ණය මුදල් සහ බැංකු අයිරා පහසුකම් ආපසු ගෙවීම සම්බන්ධයෙන් හැටන් නැෂනල් බැංකුව ලිපියක් මගින් දැනුම් දී තිබේ. එසේම අදාළ ණය ලබා ගැනීමට උගස් තැබූ දේපළ පරාටේ නීතිය යටතේ බැංකුව වෙත අත්පත් කරගැනීමේ අවස්ථාව සම්බන්ධයෙන් දැඩි කතාබහක් ද මතුව තිබුණි.
කෙසේ වෙතත් අදාළ ණය මුදල් සහ හිඟ මුදල් සම්පූර්ණයෙන්ම පියවා දැමීම සම්බන්ධයෙන් 2025 මාර්තු 31 වනවිට එම බැංකුවත් සමගින් එකඟතාවකට පැමිණි බව නවලෝක සමූහය වැඩිදුරටත් සඳහන් කරයි. එහිදී ලංකා බැංකුව මගින් ලබාගත් ණය පහසුකමක් හරහා එය සිදුකර තිබේ.
“2025 මැයි 23 වැනිදා වනවිට හැටන් නැෂනල් බැංකුව වෙත ගෙවීමට තිබූ ණය සහ හිඟ මුදල වන රුපියල් මිලියන 3,350ක මුදල ලංකා බැංකුව මගින් ලබාගත් ණය මුදලකින් සම්පූර්ණයෙන් සමථයකට පත් කරගැනීමේ එකඟතාවකට පැමිණීමට හැකියාව ලැබුණා,” සමූහය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නවලෝක-HNB ණය සමථයකට පත්කර ගනී