IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


නීල ආර්ථිකයේ විභවතා අනාවරණය කෙරෙන “VOYAGE SRI LANKA 2025” සමුද්‍රීය සමුළුව කොළඹදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් දෙවැනි වරට පවත්වනු ලබන සමුද්‍රීය සමුළුව “VOYAGE SRI LANKA 2025”, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (16) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.

”‍ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවය අනාවරණය කිරීම”‍ යන තේමාව යටතේ නීල ආර්ථිකය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සහ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස එහි විභවයන් ඉස්මතු කිරීම මෙම සමුළුවේ අරමුණ විය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ, නවෝත්පාදනය, මානව ප්‍රාග්ධන සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් ගෝලීය තරගකාරීත්වයෙන් යුත් සමුද්‍රීය හා අක්වෙරළ සේවා අංශයක් පෝෂණය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටින බවයි.

“VOYAGE SRI LANKA 2025”  සමුද්‍රීය සමුළුවට එක්වෙමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ භූගෝලීය ලෙස ශ්‍රී ලංකාවේ පිහිටීම සමුද්‍ර කර්මාන්තයට වාසිදායක බවයි. ඒ සඳහා යටිතල පහසුකම් සංවර්ධනයේදී වැදගත් කාර්යයක් ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

සමුද්‍ර කර්මාන්තයෙන් ජාත්‍යන්තරය ජයග්‍රහණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට අමාත්‍යාංශය කටයුතු කරන බව ද ඔහු පැවසීය. සමුද්‍ර කර්මාන්තයේ ආයෝජනය සඳහා ජාත්‍යන්තරයට ආරාධනා කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය සියලු‍ම පහසුකම් සම්පාදනය කරන බව ද ප්‍රකාශ කළේය.
කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා තිරසාර සමුද්‍රීය ආයෝජන සහ ආර්ථික පරිවර්තනය හරහා ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය විවෘත කිරීම පිළිබඳව ප්‍රධාන දේශනය පැවැත්වීය.

ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකාෆුමි කඩොනෝ මහතා ශ්‍රී ලංකාවේ නීල ආර්ථික පරිවර්තනයේදී ආසියානු සංවර්ධන බැංකුවේ උපායමාර්ගික හවුල්කාරිත්වය සහ උගත් පාඩම් සහ අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව දේශනයක් පැවැත්වීය.

වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, අනෙකුත් ආයතන ප්‍රධානීන්, කර්මාන්ත ප්‍රමුඛයන්, හවුල්කරුවන් සහ ශ්‍රී ලංකාවේ සහ විදේශීය නියෝජිතයන් විශාල පිරිසක් සමුළුවට එක්ව සිටියහ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත මණ්ඩලය, Colombo Dockyard,GAC Group  Sri Lanka යන ආයතනවල නියෝජිතයෝ සමුළුවට එක්ව සිටියහ.

ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන සහකරුවන් මෙන්ම මොරටුව විශ්වවිද්‍යාලය සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය විශේෂඥයන් සහ දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් රැසක් මෙම උත්සවයට සම්පත් දායකයෝ ලෙස සහභාගී වූහ.

Lanka Marine Services, Seylan Bank PLC, Lanka IOC PLC, Hayleys Advantis Limited, ශ්‍රී ලංකා සමුද්‍රීය කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙම සමුළුවට අනුග්‍රාහකයන් ලෙස සහාය දැක්වීය.



අදහස් (0)

නීල ආර්ථිකයේ විභවතා අනාවරණය කෙරෙන “VOYAGE SRI LANKA 2025” සමුද්‍රීය සමුළුව කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1038 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1075 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 415 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site