
නිපෝන් පේන්ට්, ශ්‍රී ලංකාවට VirusGuard+ තාක්ෂණය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් සහිත මෙම තාක්ෂණය සහිත තීන්ත මීට පෙර 2020 වසරේ අගභාගයේදී සිංගප්පූරුව හා මැලේසියාව යන රටවලට හඳුන්වා දෙන ලද අතර, එහිදී එම තීන්ත පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ බව එම සමාගම කියයි.
Copper (Cu+) ION සහිත මෙම තීන්ත වර්ගය, දැනට පැතිර යමින් පවතින Covid-19 ප්‍රබේද වලින් ඉහළ ආරක්ෂාවක් ලබාදෙයි. අඩු VOC (Volatile Organic Compounds) මට්ටමක් සහිත එම තීන්ත ආලේප කළ පසු, පහසුවෙන් සෝදා පිරිසුදු කළ හැකි ය. එමෙන්ම VirusGuard+ තීන්ත වල හානිකර ද්‍රව්‍ය අඩංගු නොවන නිසා ඒවා වාණිජ හා පොදු ගොඩනැගිලිවලට මෙන්ම නිවාස වලටත් ඉතාමත් සුදුසු වේ.
නිපෝන් පේන්ට් හඳුන්වා දෙන මෙම VirusGuard+ බැක්ටීරියා නාශක තීන්ත, බාහිර ස්වාධීන පරීක්ෂණාගාරවලදී සායනිකව පරීක්ෂා කර ඇති අතර, මානව Coronavirus වර්ග සහ සත්ව Calicivirus වර්ග වලට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවට තහවුරු කර ඇත. එමෙන්ම සිංගප්පූරුවේ Green Building (SGBC) මගින් මෙම තීන්ත පරිසර හිතකාමී බවට තහවුරු කර තිබේ.
මෙම නව හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිපෝන් පේන්ට් සමාගමේ විකිණුම් ප්‍රධානී මිහිරාන් ඕපාත මහතා මෙසේ පැවසී ය. ‘‘වයිරස් වලට එරෙහිව ක්‍රියාකරන තීන්ත වර්ග දෙකක්ම (3-in-1 MediFresh සහ VirusGuard+) හඳුන්වා දුන් එකම සන්නාමය බවට පත්වීමට හැකිවීම අපට සතුටක්. නවෝත්පාදනයක් ලෙස බෙහෙවින් ඇගයීමට ලක් වූ MediFresh තීන්ත වර්ගය මගින් පොදුවේ ක්ෂුද්‍ර ජීවී වර්ග වලින් ආරක්ෂාව ලැබෙන අතර, නව VirusGuard+ නිෂ්පාදනය කර ඇත්තේ විශේෂයෙන්ම Covid-19 රෝගය ඇතිකරන වයිරසයට එරෙහිව ක්‍රියාකරන ආකාරයටයි.
‘‘එදිනෙදා ගැටලුවලට තීන්ත නිෂ්පාදන ඔස්සේ ප්‍රායෝගික, සාර්ථක සහ ලාභදායී විසඳුම් හඳුන්වාදීමට අප සෑමවිටම උත්සාහ කරනවා. ඒ සඳහා අවශ්‍ය වන විශිෂ්ට මට්ටමේ පර්යේෂණ හා සංවර්ධන හැකියාවන් අප සතුයි. දැනටමත් තීන්ත ආලේප කර ඇති ඕනෑම මතුපිටක VirusGuard+ ආලේපනය කිරීමට පුළුවන්. එය වැඩි බිත්ති ප්‍රමාණයක ආලේප කළ හැකි අතර ‘Curated Matte’ වර්ණ 23ක් අතරින් තමන් කැමති වර්ණය තෝරාගත හැකියි. මෙම නිෂ්පාදනය වෙළඳපොළේ පෙරළියක් ඇතිකරනු ඇතැයි කියා අප සිතනවා.”
2025 දෙසැම්බර් මස 18
164
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිපෝන් පේන්ට් වෙතින් VirusGuard+