IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


නිදහස් වෙළෙඳ කලාපයන්හි හි කර්මාන්ශාලා 217 ක් විවෘතයි

( තිළිණි ද සිල්වා )

දිවයින පුරා නිදහස් වෙළද කළාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30,269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ,සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (22) පැවසීය.
 
රජයේ  නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිත  ක්‍රමවේද අනුගමනය කරමින් මෙම කර්මාන්ත ශාලා වල සේවා කටයුතු නැවත මෙලෙස නැවත ආරම්භ කළ බවද අමාත්‍යවරයා පෙන්වා දේ.

ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් සිය සේවා කටයුතු ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින කර්මාන්ත ශාලා වලට ඒ සදහා අවසර ලබා දීමට රජය පසුගියදා තීරණය කළේය. 
 
ඒ අනුව මේ වන විට මෙම කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වන බවත් සේවක සංඛ්‍යාවෙන් සියයට 20 ක පමණ වූ පිරිසක් යොදවා ගනිමින් හා කොරෝනා වසංගතය පාලනය කිරීමට අදාල සියලු සෞඛ්‍ය උපදෙස් අනුව මෙම කර්මාන්ත ශාලා සිය නිශ්පාදන කටයුතු ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක් යැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
 
ඒ අනුව කටුනායක  නිදහස් වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 48ක නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. සේවක සේවිකාවන් 3971 එහි සේවය කරන අතර ආයෝජන මණ්ඩල සේවකයන් 60 දෙනෙකු සේවය කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පෙන්වා දේ.
 
බියගම නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලා 35ක කටයුතු වෙනුවෙන්  සේවිකාවන් 6938 ක් මෙහි සේවය කරන අතර ආයෝජන මණ්ඩල සේවක සේවිකාවන් 61 දෙනෙකු සේවය කරති. සීතාවක පුර කර්මාන්ත පුරයේ ආයතන 18 ක සේවක සේවිකාවන් 1489 ක් සේවක කරති. එහි සේවය කරන ආයෝජන මණ්ඩල සේවකයන් සංඛ්‍යාව 33කි. 
 
කොග්ගල කර්මාන්ත පුරයේ  කර්මාන්ත ශාලා 19 ක සේවක සේවිකාවන් 4092 ක් සේවය කරන අතර හොරණ කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 17 ක කටයුතු ආරම්භවී තිබේ. සේවක සේවිකාවන් 865 දෙනෙකු එහි සේවය කරති. වගවත්ත කර්මාන්ත උද්‍යානයේ කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලා 04 ක සේවක සේවිකාවන් 342 සේවය කරති.
 
වතුපිටිවල කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 10ක් හා මාවතගම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 04ක් දැනටමත් සිය සේවා කටයුතු ආරම්භ කර තිබේ. පොල්ගහවෙල වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 05ක් දැනට සේවා කටයුතු  ආරම්භ කර ඇත. මල්වතුහිරිපිටිය නිදහස් වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 06ක් වැඩ ආරම්භ කර ඇති අතර මිරිස්සවල වෙළද කලාපයේ කර්මාන්ත ශාලා 03ක වැඩ කටයුතු ආරම්භ කර ඇත.
 
නුවර කර්මාන්ත උද්‍යානයේ කර්මාන්ත ශාලා 20 සේවක සේවිකාවන් 2689 දෙනෙකු සේවය කරනු ලබයි.  

අමතරව උතුරු හා නැගනහිර පළාතේ කර්මාන්ත ශාලා 12ක සේවා කටයුතු ආරම්භ කරතිබේ.
 
සෑම කර්මාන්ත ශාලාවක්ම දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ පරීක්ෂාවට ලක්කරන බවයි. එහිදී සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ දැයි දැඩි ලෙස පරීක්ෂා කෙරෙන අතර  ඊට අමතරව ආයෝජන මණ්ඩලවල මෙම කර්මාන්ත ශාලා නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කන්නේ දැයි දැඩි අවධානයෙන් පසුවන බවත් විශේෂ පරීක්ෂාවන්ට ලක්කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.
 

 



අදහස් (4)

නිදහස් වෙළෙඳ කලාපයන්හි හි කර්මාන්ශාලා 217 ක් විවෘතයි

thilak Wednesday, 22 April 2020 01:03 PM

ප්‍රේමදාසගේ කාලෙ කර්මාන්තශාලා නේද ?

:       119       85

indikaThursday, 23 April 2020 03:13 AM

මොන ලෝකෙද ඉන්නේ. කොපමණ දුර ඇවිත්ද ලංකාව දැන්.

:       0       0

Kumar Wednesday, 22 April 2020 04:00 PM

මේ කර්මාන්තශාලාවල වැඩට එන්නේ ආදායමක් ලබාගැනීමට වෙන පහසු ක්‍රමයක් නැති නිසානේද? එසේ නැතිනම් නිවෙස්වලට වෙලා ඉන්නවනෙ. ලංකාවට විදේශීය අදායමක් උපයාදෙන අයට ගරුකරන්න ඕනෙ.

:       0       161

ranaThursday, 23 April 2020 10:44 AM

අපේ ඈයෝ ගරහන්න මිස ගරු කරන්න දන්නේ නැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 359 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2160 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1639 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site