කරන්දෙණිය එම්. සුසිල් පියන්ත සහ හික්කඩුව ඥාණදාස රම්මුතු
බෞද්ධයන්ගේ මහා මංගල්‍යය වෙසක් මංගල්‍යයයි. සමහරු තොරණ ගසති. දන්සල් දෙන ඇත්තෝද වෙති. දාන, ශීල, භාවනා වැඩසටහන්වල නිරතවන්නෝද හිඟ නොවෙති. වෙසක් සැරසිලි කරන්නෝද සුළු පටු නොවෙති. ඔවුහු සිය නිවෙස්වල මෙන්ම මහා මාර්ග වෙසක් සැරසිලිවලින් සරසති. මේ සැරසීමට ගෙන ආ වෙසක් සැරසිලිවලින් බොහොමයක්ම මෙරට කලා පුරයෙන් නිෂ්පාදනය කෙරුණු ඒවාය. මෙරට කලා පුරය ලෙස විරුධාවලි ලබා ඇත්තේ අම්බලන්ගොඩය.
විවිධ ප්‍රදේශවල බෞද්ධයෝ මේ දිනවල අම්බලන්ගොඩට නෙත් යොමාගෙන සිටිති. ඒ ළඟ ළඟ එන වෙසක් මහා මංගල්‍යයට සැරසීමට වෙසක් සැරසිලි එන තෙක්ය. ඒ වෙසක් මංගල්‍යයට සිය නිවස, ආයතනය, මග තොට වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමටය. ඒ තරමටම අම්බලන්ගොඩ වෙසක් සැරසිලිවලට ප්‍රසිද්ධය.
වේනමුල්ල, දිඹුල්දූව, මැදදූව ආදී ගම් නියම්ගම් වෙසක් පහන් සැරසිලිවලට ප්‍රසිද්ධ අම්බලන්ගොඩ ගම්මාන වෙයි. වෙසක් පහන් සැරසිලි නිෂ්පාදනය කිරීම මේ ගම්මානවල ඇත්තන්ගේ බඩවියත රැකගත් කර්මාන්තයක් විය. ඔවුන් සිය දිවි දෙවැනි කොට මේ කර්මාන්තයේ නිරතවූවේ කරුණු කාරණා දෙකක් මුල් කරගෙනය. එකක් බඩ වියත රැකගැනීමය. අනෙක ලංකාවේම අයට සම්මා සම්බුදු තෙමඟුල සමරන්න තමන්ගේම සුරතින් නිර්මාණය කරන වෙසක් පහන් සැරසිලි දායාද කිරීමේ අවංක චේතනාවය. මේ හේතු දෙක නිසාම අම්බලන්ගොඩ ගම්මාන කිහිපයකම අය එදා වෙසක් පහන් සැරසිලි ජයටම කරගෙන ගියහ. ඔවුහු ඉතාම තෘප්තිමත්ව මේ කර්මාන්තයේ නිරත වූහ. එමගින් ඔවුන් ලැබූ සතුට, සන්තෝෂය මෙතෙකැයි ලියා නිම කළ නොහැකිය. මේ නිසාම මේ ගම්මානවල වෙසක් පහන් සැරසිලි නිර්මාණය නොකෙරුණු නිවසක් නැති තරම්ය.
ඒ එදාය. අද තත්වය ඊට ඉඳුරාම වෙනස්ය. නොඑසේනම් වෙනස් කර තිබේ. එයටද හේතු සාධකවූ කරුණු කාරණා ගණනාවකි. මේ කරුණු කාරණා නිසා අම්බලන්ගොඩ වෙසක් පහන් සැරසිලි නිර්මාණ කර්මාන්තය අද ඇත්තේ කොට උඩය. එදා ගම්මාන රැසකම ගෙයක් ගෙයක් ගානේ කරගෙන ගිය මේ කර්මාන්තය අද මේ ගම්මානවල නැති තරම්ය. ගිලිහී යාමට නොදී මේ කර්මාන්තය මේ ආකරයටවත් රැකගැනීම අගයකළ යුතුය.
අම්බලන්ගොඩ වෙසක් පහන් සැරසිලි නිර්මාණය කරන්නන්ගේ ගැටලු හඳුනාගෙන කරුණු වාර්තා කිරීමා අපි එම ගම්මානවල සංචාරයක නිරතවූවෙමු. මේ කර්මාන්තයේ පවතින තත්වය බලධාරීන්ගේ අවධායට ලක්විව යුතුය. මේ එම කර්මාන්තකරුවන් අප සමග දැක්වූ අදහස්ය.
ජී.ඩබ්ලිව්. දිලුප්ප්‍රිය මහතා මේ කර්මාන්තය පිළිබදව කීවේ මෙවන් අදහසකි.
වෙසක් පහන් සැරසිලි නිර්මාණ අපේ ගම්මානවල කෙරීගෙන යන්නේ කර්මාන්තයක් හැටියටයි. එම කර්මාන්තයෙන් දිවි ගැට ගහගන්නා පවුල් තවමත් ඉන්නවා. එදා අපේ ගම්මානවල මේ කර්මාන්තයෙන් දිවිගෙවූවන් බොහෝමයක්ම සිටියා. දැනට ඒ අය අතරින් ඉන්නේ ඉතා සුළු පිරිසක්. ඒ අයත් මේ කර්මාන්තයේ යෙදෙන්නේ කලකිරීමෙන්. කරන්න දෙයක් නැති නිසා. මේකට හේතු කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් ප්‍රධානම එකක් තමයි චීනයෙන් වගේ රටවල්වලින් වෙසක් පහන් සැරසිලි නිර්මාණ ආනයනය කිරීම. අනෙක් කාරණය තමයි බොහෝ අය සම්මා සම්බුදු තෙමගුලේ සැරසිල්ල පිටරටින් ගෙන්වන බල්බ් සෙට් එකකට ලගු කිරීම. එහෙම නැත්නම් සීරියෙල් සෙට් එකකින් වසා ගැනීම.
අපේ වෙසක් පහන් සැරසිලි නිර්මාණ අනිත්‍යය පෙන්වන කැඩපතක් බඳුයි. අපේ නිර්මාණවලින් වෙසක් පොහොයට නිවස හෝ ආයතනය, මහ පාර සැරසීමට පිරිසක් අවශයයි. ඒ සැමගේ සාමූහීකත්වය මේ උතුම් පෝදා පෙන්වාදීමටත් අපේ නිර්මාණවලින් හැකිවෙනවා.
අනෙක අපේ වෙසක් පහන් නිර්මාණවලින් පරිසරය දූෂණය වෙන්නෙත් නැහැ. ඒවා දිරාපත් වෙනවා. බල්බ් සෙට් එකක් නැත්නම් චීනයෙන් ආනයනය කරන සැරසිලි බොහෝවිට නොදිරන හෝ දිරීමට කාලයක් යන පොලිතීන්වලින් නිර්මාණය කෙරුණු ඒවා. බල්බ් සෙට්වල බල්බ් ඇතුළු වයරුත් නොදිරන ඒවා.
කොහොමත් අපේ රටේ පරිසරයට හානියක් නොවන දේශීය කර්මාන්ත රැකගැනීම ආණ්ඩුවල වගකීමක්. රටක් දියුණු වන්නේ දේශීය කර්මාන්ත වැඩි දියුණු කළොත් පමණයි. එතන අපේ කර්මාන්ත ටික රැකෙනවා. අපේම මිනිසුන්ට රැකියා ලැබෙනවා. ආනයනය නතර කරලා දේශීය කර්මාන්තවලට පණ දුන්නොත් රට ගොඩ. මේවා පිළිබඳව රජයේ බලධාරීන් කල්පනා කළ යුතුයි.
ජී. ගුණසේන මහතා කීවේ මෙවැනි කතාවකි.
දේශීය නිෂ්පාදන පිළිබඳව රටේ ජනී ජනයා දැනුම්වත් කිරීමට වැඩපිළිවෙළක් ඉතා අවශයයි. එහිදී මේ අපේ වෙසක් පහන් සැරසිලි නිර්මාණ පිළිබදව ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් වෙනවා. අපි දැකලා තියෙනවා රජයේ කාර්යාලවල පවා සම්මා සම්බුදු තෙමගුලට අපේ රටේ නිෂ්පාදනය කෙරෙන වෙසක් පහන් සැරසිලි නිර්මාණ ප්‍රයෝජනයට නොගෙන පාට පාට බල්බ් සෙට් එකකින් සරසලා. මේක අපි තරයේ හෙළා දකිනවා. දේශීයත්වය අගය කළයුතු වන්නේ ඉහළ තැන්වලිනුයි. ඉහළ තැනුත් සම්මා සම්බුදු තෙමඟුල සැමරීම බල්බ් සෙට් එකකට,සීරියෙල් සෙට් එකකට ලගු කරනවානම් අපේ දේශීය නිර්මාණ ගැන කවර කතාද?
දේශීය වෙසක් පහන් සැරසිලි නිර්මාණ සහ ඉටිපන්දම් අතර ඇත්තේ ලොකු සම්බන්ධයකි. ඉටිපන්දම් මිල ඉහළයාමත් අපේ කර්මාන්තයට වැදුණු හෙණ පහරක්. අඩු තරමින් සම්මා සම්බුදු මංගල්‍යය කාලයටවත් බෞද්ධයන්ට සහනයක් ලෙස ඉටිපන්දම් මිල අඩු කරනවනම් ඒක ඉතා වටිනවා.
දැන් දැන් ජනතාව බකට් ගන්නවා හොරයි. ඒ නිසා අපි නිෂ්පාදනය කරන බකට් විශාල තොග තියෙනවා අලෙවි කර ගන්න බැරිව. මුදල් වියදම් කරලා නිෂ්පාදනය කරපු බකට් තොග ගොඩ ගහලා තියෙනවා. ණයට මුදල් අරගෙන තමයි මේවා නිෂ්පාදනය කරන්නේ. ඒ ගත්තු ණයවත් බේරගන්න බැහැ බකට් අලෙවි නොවුණහොත්.
ජී.ඩබ්ලිව්. දිලූපා මහත්මිය:-
නිවෙස්වල ඉඳගෙනම කරන්න පුළුවන් කර්මාන්තයක් නිසා අපි තවමත් මේ කර්මාන්තයේ නියැලිලා ඉන්නවා. එදා අපේ ගම්මානවලම වෙසක් පහන් සැරසිලි නිෂ්පාදනය කෙරුණා. දැන් දැන් ඒක අඩුවෙමින් පවතිනවා. තරුණ පරපුර මේ කර්මාන්තයට එන්නේ නැති තරම්. ඒ අය විදෙස් රැකියාවලට යනවා. සමහරු කොළඹ යනවා. මේ ආකාරයට ගියොත් මේ කර්මාන්තය අපේ ගම්බිම්වලින් සදහටම තුරන්වේවි. අපේ කාලය ඉවරවෙනකම්ම මේ කර්මාන්තයේ නිරතවෙනවා. අපේ පරම්පරාවෙන් පස්සේ මේ කර්මාන්තයට යන කලදසාව ගැන හිතෙනවිටත් බය හිතෙනවා.
වෙනදා මේ වනවිට විශේෂයෙන්ම වෙසක් පොහෝය කිට්ටු වෙනකොට විශාල වශයෙන් වෙසක් පහන් සැරසිලි නිර්මාණ සඳහා විශාල තොග ලැබෙනවා. ඇණවුම් අඩුවෙන් ලැබුණාම අපගේ නිෂ්පාදනයත් අඩු කරන්න වෙනවා. එතකොට අපිට ලැබෙන ආදායම අඩුවෙනවා.
කාන්තාවකට නම් කරදරයක් නැති කර්මාන්තයක්. ගෙදර ඉදගෙනම කරන්න පුළුවන්. මම කියන්නේ මේ වගේ දේශීය කර්මාන්ත රැකගන්න වැඩපිළිවෙළක් දියත් කරන්න ඕන. ඒක ඉතිං අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අදාළ බලධාරීන්ට කරන්න පුළුවන් වැඩක්. එහෙම වුණොත් තවත් කාලයක්ම මේ කර්මාන්තය පවතීවී. නැතිනම් විනාශවෙලා යාවී.
අෂ්ඨ මහා විහාරාධිපති කිරම දේවින්ද හිමි
ඇත්තටම මේ විදිහට ගියොත් අපේ ගම් පළාත්වල බකට් කර්මාන්තය නැත්තටම නැතිවෙලා යාවි. එහෙම වුණොත් කීදෙනකුගේ රැකියා නැතිවෙනවද? ඉදිරියේදී අපිට වෙසක් පොහොයට පත්තු කරන්න බකට් එකක් ගන්න චීනයට යන්න වේවි. අපේ වෙසක් පහන් සැරසිලි නිර්මාණවලට එදා හොඳ ඉල්ලුමක් තිබුණා. ඒ වගේම හොඳ වෙළෙඳ පොළකුත් තිබුණා.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දේශීය වෙසක් සැරසිලි කර්මාන්තයේ අවනඩුව