IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දෙවැනි පෙළ සමාගම් ඉදිරියට පැමිණෙන කාලයක්

ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු මහ බැංකුවට පියැවිය යුතු ණය වාරිිකවලින් කොටසක් හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 2015 වසරේ සංචිතයෙන් භාවිත කරන ලද ප්‍රමාණයෙන් කොටසක් පියවා ඇති බව අනාවරණය වේ. ආර්ථික අර්බුදය කාල වකවානුවේ දී ආසියානු නිෂ්කාෂණ සංවිධානයට ඉන්දීය මහ බැංකුව පියවන ලද මුදලින් වාරිකයක් වන මෙම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 900 කි. මුල්‍ය අරමුදලට ගෙවන ලද ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 209 ක් බව දැක්වේ. මහ බැංකුව පසුගිය කාලයේ දී වාණිජ බැංකුවල එකතු වූ විදේශ මුදල්වලින් ඇමරිකානු ඩොලර් බිලියනයක් මිල දී ගෙන තිබුණ අතර මෙම පියැවීම සඳහා එම ධනය ප්‍රයෝජනයට ගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර තැනකට කැඳවා ඇති අතර ක්‍රමයෙන් වර්ධනයක් කරා ගමන් කරන බව විශේෂඥ මතය වී තිබේ. මහ බැංකුවේ පුරෝකථන අනුව මෙම වසරේ දී සියයට 4.5 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරේ.  

නිතර ගනුදෙනු නොවෙන සමාගම්වල කොටස් මිල දී ගැනීමේ නැඹුරුව තවමත් පවතී. ආකර්ෂණීය සමාගම්වල කොටස් මිල උච්ඡාවචනය වෙමින් පවතින අතර වැඩිම ඉල්ලුමක් කරා යොමු වී නැත. ඒවායේ කොටස් මිල ඉහළටම පැමිණීම සාධකයක් වී ඇති බව පෙනේ. කෙසේ වෙතත් දිනයේ ගනුදෙනු අවසන්වන මොහොතේ ඉල්ලුම අධික වී දර්ශක වේගවත් වූ නමුත් එහි ස්ථාවරභාවයක් ඇති කරගත හැකි වූයේ නැත. තවමත් විදේශ විකිණීම් ඉහළය. ඊයේ විකිණීම් රු. මිලියන 282 ක් වූ අතර මිල දී ගැනීම් රු. මිලියන 143 කි. 

ඊයේ (අගෝ 28) ගනුදෙනුවල දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,800.26 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 47.05 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,045.77 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 16.67 ක පහළ යාමක් සේ වාර්තා වේ. මෙම සමාගම්වල කොටස් මිල ඉහළටම පැමිණීම හේතු කොටගෙන ඉල්ලුම අඩු වී ඇත. දෛනික පිරිවැටුම රු. බිලියන 7.46 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 47,388 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 295.40 ක් විය. සමාගම් 151 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 90 කි. 

නිරීක්ෂක



අදහස් (0)

දෙවැනි පෙළ සමාගම් ඉදිරියට පැමිණෙන කාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site