භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දුලින්ද පෙරේරා මහතා පත් කර ගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මාර්තු 04 වැනිදා සිට ඒ මහතා විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කෙරී තිබේ. මෙහිදී ඒ මහතා එම සමාගමෙහි මව් සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙනුවෙන් එම සමාගම වෙත නම් කළ අධ්‍යක්ෂවරයා ලෙස මෙලෙස පත් කර තිබේ. දුලින්ද පෙරේරා මහතා සතුව දශයකට අධික කාලයක් පුරා සන්නාමකරණය, ඩිජිටල් අනුවර්තනය සහ මූල්‍ය පිළිබඳ අත්දැකීම් පවතින බවත් ඒ මහතා IKON Group of Companies හි නිර්මාතෘවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියාද වෙයි. දුලින්ද පෙරේරා මහතා අද වනවිට පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු මෙන්ම, හිල්ටන් කලම්බු හෝටලය හිමි හොටෙල් ඩිවලොපර්ස් ලංකා ලිමිටඩ් සමාගමේද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දුලින්ද පෙරේරා පීපල්ස් ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට