ලැයිස්තුගත සමාගම්වල කොටස් මිල දී ගැනීමට දක්වන උනන්දුව තවදුරටත් වර්ධනය කරන ලකුණු දක්වයි. කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී සියලු කොටස් මිල දර්ශකය සිය වාර්තා තවත් ඉදිරියට ගෙන ගිය අතර පිරිවැටුම ද ඉහළ මටට්මක තිබේ. අද දිනයේ දී ද විකිණීමේ ප්‍රවණතාව පාලනය කරගැනීමෙන් පසු ප්‍රමාණාත්මක වර්ධනයකට යා හැකි වනු ඇත.
ගනුදෙනු අවසන් වන විට (සැප්. 22) සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,226.87 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 141.78 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,059.91 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 63.75 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 8.06 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 42,614 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 276.3 ක් විය. සමාගම් 142 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 112 කි.
අමානා බැංකුව කොටසකට රු. 1.30 බැගින් ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. යුනියන් බැංකුව රු. බිලියන තුනක ණයකරයක් නිකුත්කරයි. රුපියල් සියයක ගුණාකාරවලින් කොටස් මිල දී ගත හැකිවේ. සිංගර් ෆිනෑන්ස් සමාගමේ කොටස් හිමියන් සඳහා වූ වරණීය කොටස් සඳහා ඉල්ලුමක් පවතින බව ගනුදෙනුවල දී නිරීක්ෂණය කළ හැකිය.
සියෙරා කේබල් රු. මිලියන 1,641 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 281 235, ජෝන් කීල්ස් රු. මිලියන 267, වැලිබල් වන් රු. මිලියන 236 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 197 ක්, හැටන් නැෂනල් නිෂ්ඡන්ද රු. මිලියන 174 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කොළඹ කොටස් හුවමාරුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය 2025 වර්ෂය සඳහා සංවිධානය කරන ලද ප්‍රාග්ධන වෙෙළඳ පොළ ප්‍රශ්න විචාරාත්මක තරගාවලයේ දී දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල සමස්ත ශූරයන් බවට පත් වූ අතර, කොළඹ රාජකීය විද්‍යාලය අනුශූරතාව දිනාගෙන ඇත. පාසල්වල ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ සියයක් පිහිටුවීමෙන් පසු අවබෝධය ඇති කිරීම සඳහා මෙම තරඟය පවත්වා ඇත.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දර්ශක තව දුරටත් වර්ධනය වන ලකුණු