IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘තේ වගාව සඳහා පස පුනරුත්ථාපනය කිරීමට නව මානා වර්ගයක්‘

(අජිත්ලාල් ශාන්තඋදය)
පහතරට තෙත් කලාපයේ නැවත තේ වගා කිරීමේ දී වසරක කාලයක් තුළ  පස පුනරුත්ථාපනය වන වැඩි දියුණුකළ සී ඕ 3  හෙවත් දොළොස් මහේ මානා නම් තෘණ වර්ගය හඳුන්වා දීම තුළින් තේ ගොවීන්ට අඩුකාලයක් තුළ නැවත වගාවෙන් ආදායම් ලැබිය හැකි බව පහතරට තේ පර්යේෂණායතනයේ ප්‍රධානී සහ ප්‍රධාන තේ පර්යේෂණ නිලධාරී ආචාර්ය එම්. ඒ විජේරත්න මහතා අවධාරණය කරයි.
 
වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියත්මක කුඩා තේ සහ රබර්වතු පුනර්ජීවන ව්‍යාපෘතිය හෙවත් ස්ටාර් ව්‍යාපෘතිය මගින් මෙසේ නැවත තේ වගාකරන තේවතු හිමියන්ට හෙක්ටයාර් එකකට රුපියල් හයලක්‍ෂ පනස් දහසක මුදලක් ආධාර වශයෙන් ලබාදිමට ද නියමිතයි.
 
 රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ජනගහණයෙන් 40%කට වැඩි පිරිසකගේ ආර්ථිකය රඳා පවතින්නේ තේ ආදායම මතය. අක්කර භාගයේ සිට අක්කර පහ දහය තෙක් ප්‍රමාණයෙන් තේ වගා කරන පිරිස් සිටිති. තේ වගාව පැරණි වන විට අස්වනු අඩුවී යයි. වසර විස්ස ඉක්මවු පසු  පරණ වගාව ගලවා ඉවත් කර නැවත තේ වගා කිරිම සිදුකිරීමෙන් අස්වනු ඉහළ නංවා ගැනීමට හැකිය.
 
 තේ නැවත වගා කිරීමේදී පැරණි වගාව ඉවත් කිරිමෙන් පසු භූමියේ මානා වගා කර පස පුනරුත්ථාපනය කළ යුතු බව ආචාර්ය එම්.ඒ. විජේරත්න මහතා පවසයි. මෙතෙක් කල් වගා කළ ගෝතමාලා හෝ පැඟිරි මානා වර්ගය වසර දෙකක කාලයක් තිබිමෙන් පසු ගලවා ඉවත්කර නැවත තේ ගලවා කළ යුතුය.
 
පහතරට තේ පර්යේෂණායතනයේ ප්‍රධානී සහ ප්‍රධාන තේ පර්යේෂණ නිලධාරී ආචාර්ය එම්. ඒ විජේරත්න මහතා:

සීඕ 3 හෙවත් දොළොස් මහේ මානා නේපියර් තෘණ වර්ගයට අයත්. දීර්ඝ කාලයක් අපි පරීක්‍ෂණ පවත්වලයි සීඕ 3 නැවත තේ වගාවට පෙර පස පුනරුත්ථාපනය සඳහා සුදුසු බවට හඳුන්වලා දුන්නේ. දෙමුහුන් තෘණ වර්ගයක් නිසා ස්වභාවිකව ව්‍යාප්තවීමක් සිදුවන්නේ නෑ.
 
මෙතෙක් කල් නැවත තේ වගාවට පෙර ගෝතමාලා හො පැඟිරි මාලා කියන මාන වර්ගය තමයි වගා කළේ. අවුරුදු දෙකක් ඒවා වගා කරලා තිබිලා ගලවලා නැවත තේ වගාකර වසර දෙකක් යනකම් අස්වැන්න ලබාගන්න බලා ඉන්න ඕනෑ. මේ නිසා වසර කිහිපයක් ආදායම් ගන්න බලා ඉන්න වුණා. නමුත් සීඕ 3 හෙවත් දොළොස් මහේ මානා වගාකර නැවත තේ වගා කලොත් ආදායම් ලබන්න එච්චරකල් ඉන්න ඕනෑ නෑ.
 
මේ තෘණ වර්ගය සුදුසු පහතරට කලාපයටයි. කිරිඇල්ල කුරුගම්මෝදර ප්‍රදේශයේදී අපි දින කිහිපයකට පෙර මේ මානා වගාව හඳුන්වාදීම සිදුකළා ආචාර්ය විජේරත්න මහතා පැවසුවේය.
 
 කුඩා තේ රබර්වතු පුනර්ජීවන ව්‍යාපෘතිය හෙවත් ස්ටාර් ව්‍යාපෘතියේ  රත්නපුර දිස්ත්‍රික් කළමනාකාර අසේල වික්‍රමසිංහ මහතා පැවසුවේ යල්පැනගිය තේ වගාව ගලවා නැවත වගා කිරිමට කුඩා තේවතු හිමියන් මැළිකමක් දක්වන බවයි.
 
 විදේශ විනිමය ලැබීමේ දී කුඩා තේවතු හිමියාගෙන් ලැබෙන දායකත්වය ඉතා ඉහළ බවද පැවසුවේය.
 
මේ නිසා අස්වැන්න අඩුවෙන් ලැබෙන අවුරුදු විස්ස ඉක්මවූ තේ වගාව ඉවත්කර නැවත තේ වගාව සඳහා හය ලක්‍ෂ පනස් දහසක සහනාධාරයක් ලබාදෙන්නේද ගොවීන් දිරිමත් කිරිමට බවද අසේල වික්‍රසිංහ මහතා පැවසීය. මෙහිදී නැවත තේ වගා කරන ඉඩමේ පස් සාම්පත් ලබාගෙන තේ පර්යේෂණායතනය මගින් පරීක්‍ෂාකර පාංශු දත්ත වර්තාවක් ගෙන ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීම කළ යුතු බවද අවධාරණය කළේය.



අදහස් (1)

‘තේ වගාව සඳහා පස පුනරුත්ථාපනය කිරීමට නව මානා වර්ගයක්‘

සරත් හෙට්ටිආරච්චි Tuesday, 23 June 2020 01:20 AM

මෙම කටයුත්ත සමගම වැඩි අස්වැන්නක් සහිත තේ වර්ග හඳුන්වා දීමටත් දැනට කුඩා ‍තේ ඉඩම් හිමියන් වගාකර අඩු ආදායම් නිසා පාඩු සිදුවන තේ වර්ග ඉවත්කිරීමට කටයුතු කිරීමත් එවැනි අඩු අස්වැන්නක් සහිත තේ පැළ විකිණීම තහනම් කිරීමටත් කටයුතු කරනවා නම් සුදුසුයි. මම හිතනවා සමහර අස්වනු අඩු තේ ඉඩම් හිමියන් දළු නෙලීම නොකර පැල සැකසීම පමණක් කරනවා කියලා. (මම මේ අදහස ඉදිරිපත් කලේ මමත් අක්කර භාගයක තරම් තේ වගාවක් කර අත් දැකීම් ඇතිවයි. මම සිටෙව්වේ එක් පැළ වෙළෙන්දෙකුගෙන් ලබාගත් තේපැල වලින්... නමුත් ඒවායින් දළු නෙලීමට හැකි වන්නේ දින 10කට හෝ 12කට වරක් පමණයි. මේ නිසා සතියකට වතාවක්වත් දළු නෙලීමට නොහැකි තේ වර්ග ඉවත් කිරීමට අවධානය යොමුවේවා...!!! 

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site