ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් දරුණු කඩා වැටීමකට ලක්ව ඇත.
ඒ අනුව බොරතල් බැරලයක මිල ඍණ අගයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
තෙල් නිෂ්පාදනය කරන්නන් තෙල් මිලදී ගන්නැයි ඉල්ලමින් මිලදී ගන්නන්ට මුදල් ගෙවීම බොරතල් බැරලයක මිල ඍණ අගයකට පත්වීම යන්නෙන් අදහස් කෙරේ.
තෙල් නිෂ්පාදකයන්ගේ ගබඩා පහසුකම් ද මේ වනවිට සම්පූර්ණයෙන් භාවිතයට ගෙන ඇති අතර මැයි මාසයේදී නිෂ්පාදනය කරන තෙල් ගබඩා කිරීමට ද නොහැකි වනු ඇතැයි පැවසේ.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන ‘ලොක්ඩවුන’ හෙවත් රටම වසා දැමීමේ ක්‍රියාමාර්ග සහ දැඩි සීමා හේතුවෙන් තෙල් සඳහා ඇති ඉල්ලුම සීග්‍රයෙන් පහළ ගොස් ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස අතිරික්ත තෙල් සැපයුම ගබඩා කිරීම සඳහා තෙල් ටැංකි කුලියට දීමට තෙල් සමාගම්වලට සිදුව ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් ඍණ අගයක් දක්වා පහත වැටීමට හේතු වූයේ එම තත්ත්තවයයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් මිණුම් තබන ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ වෙළෙඳපොළේ බොරතල් බැරලයක මිල දැක්වුණේ ඇමෙරිකානු ඩොලර් ඍණ 37.63ක් ලෙසය.
කෙසේ නමුත් අද (21) පස්වරු වනවිට බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් ඍණ 5කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
බී.බී.සී./ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයිලන්තේ තෙල් මිල කොහොමද? දැන් සැපද?
මක්කටෙයි ඔහෙල බලාඉන්නේ. තිරිකුනාමලේ තියෙනවා කියන තෙල් ටැංකිටික සුද්දකොරල පුරෝගත්තොත් නරකයැ.
මොන ටැංකිය පුරවගන්නත් මුදල් නැහැනේ. ලාබෙට තෙල් ගත්තොත් ගාන කපාගන්න බරිවෙනවා නේද? තිකුණාමලයේ ටැංකිවල බොරතෙල් පිරෙව්ව්වොත් එම තෙල් නැවත සපුගස්කන්දට ගෙන්න වෙනවා. මේ දිනවල බොර තෙල් දෙන්නේ නොමිලෙලු.
තෙල් මිල සත පහකින්වත් අඩු කරන්න එපා. මේ වෙලාවෙ ගෙදෙට්ට වෙලා ඉන්නෙ නැතුව ගේ වටේ 8 ගහන්නද තෙල් පුරෝගෙන? එහෙම නැත්තන් ගිය ආණ්ඩුවේ එජාප පාලනයෙන් හදපු අය ඉන්න වගේ අයට නන්නත්තාරෙ යන්නද ?
පුළුවන් කමක් තියෙනවනම් ස්ටොක් කරගන්නවානම් හොදයි.
ඕනම බොරතෙල් වර්ගයක් මිල කරන්නෙ මේ marker crudes වලට සාපේක්ෂව. උදාහරණයක් විදියට ඇමෙරිකාවෙ කොහේ හරි තෙල් ළිදකින් ගන්න තෙල් වල ගුණාත්මක WTI crude එකට වඩා වැඩිනම් අපි ඒක මිල කරන්නෙ WTI 1.5 වගේ. ඒකෙ අදහස WTI බොරතෙල් බැරල් එකක මිල $40 නම්, අපි කතා කරපු අනිත් බොරතෙල් බැරල් එකක මිල $41.5 කියන එක. දැන් ඍණ අගයක් වෙලා තියෙන්නෙ ඔය කියන WTI crude එකේ අනාගත මිල එක. බොරතෙල් වෙළඳපොල ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා spot market සහ futures market කියලා. Spot market කියන්නෙ අපි කඩේකට ගිහින් බඩුවක් ගන්නවා වගේ. ඒකෙදි වෙන්නෙ අද දවසෙ බොරතෙල් බැරල් එකක මිලට on the spot බොරතෙල් ප්‍රමාණයක් මිලට ගන්න එක. Futures එකක් කියන්නෙ ගිවිසුමක්. ඒකෙදි කරන්නෙ අනාගතේ යම් කිසි දවසක එකග වෙච්ච බොරතෙල් බැරල් ගාණක් මිළට ගන්නවා කියන එක. ලංකාව තෙල් ගන්නේ ගොඩක් වෙලාවට spot market ක්‍රමයට
තෙල් මිල අඩු වුනහම ප්‍රවාහන ගාස්තු අඩු වෙනවා. මුහුදේ ඉන්න මාලු අල්ලන්න යන්නත් ඩිසල් භූමිතෙල් හෝ පැට්‍රොල් අවශ්‍ය වෙනවා, ගොවිතැන් කරන යන්ත්‍ර සුත්‍ර වලට ඉන්ධන අවශ්‍ය වෙනවා. ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න ඉන්ධන අත්‍යවශ්‍ය වෙනවා, පසුගිය සතියේ අපේ පළාත්වල ඇදිරිනීතිය ලිහිල් කරලා තිබුන නිසා, ධීවරයෝ මුහුදු ගියා, ගොවිතැන් සහ වෙනත් ව්‍යාපාර කරන මිනිස්සු එම කටයුතු කරගත්තා, මේ වෙලාවේ තෙල් මිල අඩු වුනොත් ආර්ථික වර්ධනයට විශාල රුකුලක් වේවි
තෙල් බැරලය ඩොලර් 10 කාලේ අපේ රටේ පෙට්රල් ගැලුම රැ. 2.96යි. සුපිරි 3.26. ලීටරය ශත 65යි. 72යි. දැන් ඊටත් වඩා බැහැලා. දෙයිද? දුක නෑ සංස්ථාව මංකොල්ල කෑවානම්.... දැන් ඉන්දියන් කාරයොත් අපිව මංකොල්ල කාලා ඉන්දියාවට අරන් යන එකයි දුක. ත්‍රිකුණාමලේ ටැංකි ටික මේකාලේ පුරවා ගන්නකෝ. කෝ ඒකට මොලේ තියන අය ටිකක් පත් කර ගන්න එපායැ. කරුමේ!