ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයන් සවිබලගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද ''SPARK 2023'' තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා පවත්වන ලදී.
ලෝක ව්‍යවසායකත්ව දිනයට සමගාමීව පවත්වන ලද මෙම වැඩසටහනේ දී ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින වයස අවුරුදු 15-24ත් අතර නව දැනුම හා ආකල්පවලින් සන්නද්ධ වූ නවෝත්පාදකයන්, ගැටලු විසඳන්නන් මෙන්ම චින්තකයන් සිය අදහස් සහ නිර්මාණ ප්‍රදර්ශනය කරමින් අවසන් මහ තරගයේ දී SPARK 2023 සම්මානය වෙනුවෙන් තරග වැදුණි.
මෙහිදී SPARK 2023 තරගාවලියේ ජයග්‍රාහිකාව වශයෙන් මිහින්දි මිනුපමා බණ්ඩාර තේරී පත් වූ අතර, සිය ජයග්‍රහණය පිළිබඳව ඇය මෙසේ අදහස් පළකළාය. SPARK තරගය ජයග්‍රහණය කිරීමට හැකිවීම පිළිබඳව මම බෙහෙවින් සතුටට පත්වෙනවා. විශේෂයෙන්ම අපි වැනි තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් මෙබඳු අවස්ථාවක් සංවිධානය කිරීම පිළිබඳව මම මගේ ගෞරවනීය ස්තුතිය පුදකරනවා. අප සතුව පවතින නව අදහස් බෙදාගැනීමට හැකිවීම, මඟපෙන්වීම වගේම අපගේ දැනුම හා කුසලතා වර්ධනය කරගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි. මෙවැනි වැඩසටහනක් සංවිධානය කරමින් අපව ඉදිරියට ගෙන එමට කටයුතු කළ සියලුදෙනාට ස්තුතියි පුදකරන අතර, ඉදිරි අනාගතයේදීත් මෙබඳු වැඩසටහන් සංවිධානය කිරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරනවා.”
දිවයින පුරා සිටින තරගකරුවන්ගේ 400කට අධික අයදුම්පත් ප්‍රමාණයක් අතරින් තෝරාගත් අවසන් අයදුම්කරුවන් 05 දෙනා සිය නවෝත්පාදන ව්‍යාපාරික අදහස් විද්වත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ප්‍රදර්ශනය කරන ලදී.
මෙරට ක්‍රියාත්මක පරිසර හිතකාමී හා තිරසර සමාගම් කිහිපයක් සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරන ලද SPARK තරගාවලියේ සුවිශේෂිත්වය වනුයේ එය මෙරට තාරුණ්‍ය ඉලක්ක කරගනිමින් සංවිධානය විමයි. එසේම මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගී වූ තරගකරුවන් තුළ ව්‍යවසායකත්ව මානසිකත්වය පෝෂණය කිරීම හා ඔවුන් නඟාසිටුවීම ප්‍රධාන අරමුණ විය. තරගාවලියෙහි පළමු වටයේ දී තෝරාගත් තරගකරුවන් 100 ක් පමණ ඇතුළත්ව විවිධ පුහුණු වැඩසටහන් පවත්වන ලද අතර, අවසන් තරගකරුවන් 35ක් සඳහා දින දෙකක් පුරාවට නේවාසික අධ්‍යාපනික කඳවුරක් ද සංවිධානය කරන ලදී.
595
ලංකා බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 15ක අරමුදල් රැස් කරගැනීමකට සූදානමින් සිටින බව පවසයි.
මේ දිනවල බිස්නස් කටයුතු පිළිබඳව දැන ගැනීමට අපි නාවල බලා ගියෙමු. නාන කාමර උපාංග සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය උපාංග අලෙවිසැලක් වු නිව් ටොප් සෙරමික් වෙ
“මහා මාර්ගයේ ඝාතකයෙක් ඉන්නවා... ඔබ මේ මිනිහට රිය පැදවීමට ඉඩ දුන්නොත්, ඉන් ආදරණීය පවුලක් මියයාවි” - රයිඩර්ස් ඔන් ද ස්ටෝම්, ජිම් මොරිසන් ඇන්ඩ් ද ඩෝර්ස්, 1971.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo) පසුගියදා CEIV ලිතියම් බැටරි සහතිකකරණය (Center of Excellence for Independent Validators – Lithium Batteries) හිමි ක
ලාෆ්ග් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් පවර් පීඑල්සී යන සමාගම්වල නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස රවීන්ද්‍ර ප්‍රභාත් එදිරිසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසය
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජෙගදීසන් දුරෙයිරත්නම් මහතා පත් කරගත්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තරුණ ව්‍යවසායකයන් සවිබලගන්වමින් SPARK 2023 අවසන්වේ