IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ශ්‍රී ලංකන් කාගෝ දකුණු ආසියාවේ ප්‍රථම වරට IATA ලිතියම් බැටරි සහතිකකරණය හිමිකරගනී



‍විමුක්ති එස් රොද්‍රිගු 


ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo) පසුගියදා CEIV ලිතියම් බැටරි සහතිකකරණය (Center of Excellence for Independent Validators –  Lithium Batteries) හිමි කරගැනීමට සමත් විය. මෙම සහතිකකරණය පිරිනමනු ලබන්නේ ජාත්‍යන්තර ගුවන් සේවා සංගමය International Air Transport Association (IATA) මගිනි. 

ඒ අනුව දැන් ශ්‍රීලංකන් ගුවන් සේවය ලොව ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි ප්‍රවාහනය සම්බන්ධයෙන් මෙම විශිෂ්ටතා තත්ව සහතිකය හිමිකරගත් ප්‍රධාන පෙළේ ගුවන් සේවා හා සේවා සම්පාදක සමාගම් අතරට එක් වී සිටී. දකුණු ආසියානු කලාපයේ ගුවන් සේවාවකට මෙම සහතිකකරණය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. 

දැඩි පරීක්ෂණ හා විගණන ක්‍රියාපටිපාටියකින් අනතුරුව මෙම සහතිකකරණය ශ්‍රීලංකන් කාගෝ වෙත පිරිනමන ලදි. එය හිමි වීම මගින් තහවුරු වන්නේ, සංවේදී ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි ඇතුළුව සියලු‍ම කාණ්ඩයන්ට අයත් ගුවන් භාණ්ඩ විශිෂ්ට ලෙස හැසිරවීම සඳහා ශ්‍රීලංකන් කාගෝ සේවාවට හැකියාව ඇති බවයි. 

“මෙය ශ්‍රීලංකන් කාගෝ සේවාවේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක්. මෙමගින් අපට ලිතියම් හා සෝඩියම් අයන් බැටරි මෙන්ම බැටරි භාවිත වන භාණ්ඩ සුරක්ෂිත ලෙස හැසිරවීමට හැකියාව ඇති බව තහවුරු වෙනවා. එමෙන්ම මෙම සහතිකකරණය හිමි වීමත් සමග මෙබඳු භාණ්ඩ ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට තිබූ බාධා ඉවත් වන නිසා, ක්‍රමයෙන් වර්ධනය වන විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයෙන් උපරිම ප්‍රයෝජන ලබමින් නව ආදායම් මාර්ග නිර්මාණය කරගැනීමටත් අපට හැකියාව ලැබේවි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසීය. 

“ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි රටවල් අතර ප්‍රවාහනය කිරීම ඉහළ යමින් පවතින පසුබිමක් තුළ, ඒවා සුරක්ෂිත සහ කාර්යක්ෂම ලෙස ප්‍රවාහනය කිරීමේ වැදගත්කම අන් කවරදාටත් වඩා දැඩි ලෙස ඉස්මතු වී තිබෙනවා. IATA හි CEIV Lithium Batteries වැඩසටහන සැලසුම් කර ඇත්තේ සැපයුම් දාමය පුරාවටම නිසි රෙගුලාසිවලට අනුකූලව එම කටයුතු සිදු වන බව තහවුරු කරගැනීමේ අරමුණින්. CEIV Lithium Battery සහතිකකරණය හිමිකර ගැනීමට සමත් වීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වෙත අපගේ උණුසුම් සුබපැතුම් මෙසේ පිරිනමනවා. මෙමගින් ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි සුරක්ෂිත ලෙස ප්‍රවාහනය කිරීමට ශ්‍රීලංකන් කාගෝ සතු හැකියාව හොඳින් තහවුරු වන නිසා එය ඔවුන්ගේ පාරිභෝගිකයන් තුළ ඇති විශ්වාසය වැඩිදියුණු කරන ප්‍රධාන සාධකයක් බවට පත් වේවි.” IATA හි ගෝලීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශ ප්‍රධානී බ්රෙන්ඩන් සලිවන් මහතා පැවසීය. 

මෙම සහතිකය පිරිනැමීම සඳහා සිදු කළ විගණනයේදී ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය විසින් භාණ්ඩවල ප්‍රමිතිය සහ ආරක්ෂාව උදෙසා අනුගමනය කරනු ලබන විධිවිධාන, කාර්ය මණ්ඩලයේ දැනුම, පුහුණු කිරීමේ ක්‍රියාවලි, ලිපිලේඛන භාවිතය, යටිතල පහසුකම්, උපකරණ, පාරිභෝගික කළමනාකරණය සහ මෙහෙයුම් කටයුතු ඇතුළු සියල්ල පරීක්ෂාවට ලක්කෙරිණි. ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමේ සහ ගබඩා කිරීමේ හැකියාව ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය සතු බව එමගින් සනාථ විය. 

මෙම සහතිකකරණය මගින් ශ්‍රීලංකන් කාගෝ සේවාවේ හැකියාව සම්බන්ධයෙන් විදේශ භාණ්ඩ ප්‍රවාහන සහ කාර්ය සම්පාදන සමාගම් සතු විශ්වාසය තවදුරටත් තහවුරු වනු ඇත.

එමෙන්ම මෙමගින් දැඩි ප්‍රමිතීන් හා සම්මතයන් සහිත, විවිධ පාර්ශ්ව අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය අතිශයින් තීරණාත්මක වන ගෝලීය බැටරි සහ බැටරි භාවිත වන නිෂ්පාදන සැපයුම් ජාලය තුළ සිය තරගකාරීත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට ශ්‍රීලංකන් කාගෝ සේවාවට හැකියාව ලැබේ. මෙම නිෂ්පාදනවලට ජංගම දුරකථන, ලැප්ටොප්, ජංගම ඉලෙක්ට්‍රොනික උපාංග, දුරස්ථ පාලක උපාංග, සංචාරක උපාංග සහ සෙල්ලම් බඩු වැනි භාණ්ඩ වර්ග රාශියක් ඇතුළත් වී ඇත. 

මෙම සහතිකකරණය මගින් ශ්‍රීලංකන් කාගෝ කාර්ය මණ්ඩලයේ දැනුම හා පුහුණුව වර්ධනය වීම සහ නව සහයෝගීත්වය නිර්මාණය වීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආදායම සහ කාර්යක්ෂමතාවද ඉහළ යනු ඇති අතර, එය මෙරට ආනයන හා අපනයන ක්ෂේත්‍රයන්ටද බෙහෙවින් හිතකර ලෙස බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ. 

ශ්‍රීලංකන් කාගෝ මේ වන විට යුරෝපය, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව   කලාප රාශියක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සපයයි. රටවල් 21 ක ගමනාන්ත 30 කට වැඩි සංඛ්‍යාවක් ආවරණය කරන සෘජු සේවා ජාලයක් සහ ලොව තවත් නගර සිය ගණනක් වෙත විහිදෙන හවුල්කාරීත්ව සේවා ජාලයක්ද එය සතු ය. තම හවුල්කරුවන් සමග එක් වී ගොඩබිම් ප්‍රවාහන පහසුකම්ද පිරිනමමින්, ශ්‍රීලංකන් ගුවන් සේවාවේ සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන රටවලින් ඔබ්බට පවා භාණ්ඩ ප්‍රවාහන සේවා සැපයීමට ශ්‍රීලංකන් කාගෝ සමත් වී ඇත. එමෙන්ම විශිෂ්ට තලයේ ගබඩා පහසුකම් සහ අතිනවීන භාණ්ඩ හැසිරවීමේ යන්ත්‍රෝපකරණද සමගින් ශ්‍රීලංකන් කාගෝ, ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට අදාළ සියලු‍ම සේවා එකම ස්ථානයකින් ලබාදෙන සේවා සම්පාදකයකු ලෙස ඇගයීමට ලක් වී තිබේ. 



අදහස් (0)

ශ්‍රී ලංකන් කාගෝ දකුණු ආසියාවේ ප්‍රථම වරට IATA ලිතියම් බැටරි සහතිකකරණය හිමිකරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 29 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 18 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 12 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 19 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 9 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 10 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 22 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site