නිමල කොඩිතුවක්කු
ත්‍රිපෝෂ සමාගම ඈවර නොකර රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ. මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් ත්‍රිපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
කඳාන පිහිටි ත්‍රීපෝෂ සමාගමේ වත්මන් තත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් 'සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේය.
ත්‍රිපෝෂ සමාගමේ අමුද්‍රව්‍ය ගබඩාව, පුර්ණ සහ අවසන් නිෂ්පාදන කටයුතු, යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකාරීත්වය සහ ඇසුරුම් කටයුතු, තත්ව කළමනාකරණ කටයුතු මෙන්ම සමාගමේ නව නිෂ්පාදන ද මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පරීක්ෂාවට ලක්කළේය. ත්‍රිපෝෂ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, නව නිෂ්පාදන හඳුන්වාදීම හා ප්‍රවර්ධනය පිළිබඳවද එහිදි අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය.
ත්‍රීපෝෂ සමාගම රටේ ජනතාවගේ උන්නතිය සහ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ලාභ ලබන ආයතනයක් බවට පත් කරමින් විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ රජය සතු දියුණු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ත්‍රිපෝෂ සමාගම ඈවර නොකරන තීරණයක්