IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළේ ඉන්දියානු ආදර්ශය

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට නව උත්තේජනයක් ලබා දෙමින් මෙරට දේශීය සමාගමක් එකලස් කළ පරිගණක තොගයක් සිම්බාබ්වේ දේශය වෙත නැව්ගත කිරීම ඉකුත් දිනවල සිදුවිය. මෙම පරිගණක මෙරටදී නිෂ්පාදනය සහ එකලස් කිරීම සිදුකළ ප්‍රථම තොගය බව ප්‍රකාශ වී තිබීම නිසා මෙම ප්‍රවෘත්තිය වැදගත් බවක් උසුලයි. 
තොරතුරු තාක්ෂණ වෙළෙඳ පොළ ලෝක ආර්ථිකයේ අලුත් ආදායම් ඉසව් ගණනාවකට මගපාදා තිබේ. මෙම වෙළෙඳ පොළ හැකි තරම් ඉසව් ගණනාවකට මග පාදා තිබේ. මෙම වෙළෙඳපොළ හැකි තරම් වැඩිදියුණු කිරීම මගින් රටේ ආර්ථික වර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා ගත හැකි වනු ඇත. හම්බන්තොට වරාය ඉදිකිරීම ආරම්භ කළ සමයේ  පටන් එම වරාය කේන්ද්‍ර ගත කර ගනිමින් තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළ පුළුල් කළ හැකි බවට විවිධ ආණ්ඩු ගෙන ගිය ප්‍රචාර තවමත් සාර්ථක ඉදිරි පියරක් තබා නැත. හම්බන්තොට කලාපයේ ඇති හිස් ඉඩම් අක්කර දහස් ගණනක් විදේශීය තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ දැවැන්ත සමාගම් ගෙන්වා ගැනීම සඳහා යොදා ගන්නා බව එකල රාජපක්ෂ රජය සඳහන් කළත් මේ වන තුරුත් එය ඉටු නොවූ සිහිනයකි. ඒ අර්ථයෙන් ගත් විට සිම්බාබ්වේ වෙත පරිගණක තොගය යොමු කළ සමාගම රටට පෙන්වාදී ඇත්තේ නිවැරදි ආර්ථික මාවතකි. එවැනි සමාගම් තව තවත් දිරිමත් කරමින් හම්බන්තොට ආශ්‍රිතව තොරතුරු තාක්ෂණ කර්මාන්ත පුරයක් ඇරඹිය හැකි නම් රටට විදේශ විනිමය මෙන්ම උගත් තරුණ පෙළට රැකියා අවස්ථා දහස් ගණනක්ද ලැබෙනු ඇත.
තොරතුරු තාක්ෂණ වෙළෙඳ පොළේ දී අද ඉන්දියාව ලබා ඇති දියුණුව වසර තිහකට පමණ පෙර තැබූ මෙවැනිම කුඩා පියවරක යෝධ වර්ධනයකි. ඉන්දීය තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළේ අග්‍ර ශාඛාවක් හෝ හම්බන්තොට වරාය ආශ්‍රිතව ආරම්භ කළ හැකි වුවහොත් ඉදිරි වසර ගණනාව තුළ රටට විදේශ විනිමය අද්දවන ප්‍රධාන මාර්ගය එය බවට පත් කරගත හැකි වනු ඇත. ලී ක්වාන් යූ අගමැතිවරයා කන්ටේනර් ප්‍රති අපනයනයට තම රටේ ඉඩ ලබාදී ඩොලරයෙන් ඩොලරය එකතු කරමින් සිංගප්පූරුව ආර්ථික යෝධයකු බවට පත් කළ අයුරින්ම විසි වසරකට පෙර පරිගණක ක්ෂේත්‍රයේ කුඩා පියවරකින් ඇරඹූ ඉන්දීය තොරතුරු තාක්ෂණ කර්මාන්තය අද එරට ජාතික ආදායමෙන් සියයට 9ක් ලබාදෙයි. තොරතුරු තාක්ෂණ කර්මාන්තයෙන් 2021 වසර තුළ එරට ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 194කි. ලංකාවේ මුළු විදේශ වත්කම් සංචිතය වන ඇමරිකානු ඩොලර් බිලියන 6 සමග සසඳන විට ඉන්දියාව පරිගණක ආශ්‍රිත සේවාවලින් ලබා ඇති ජයග්‍රහණය අතිවිශාලය.
ඩිජිටල් ඉන්දියා, ටේක් ඉන් ඉන්දියා සහ ස්ටාර්ටප් ඉන්දියා වැනි ව්‍යාපෘති මගින් පෝෂණය වන ඉන්දියාවේ ඩිජිටල් ආර්ථිකය වේගයෙන් දියුණු වෙමින් තිබේ. මෙම වැඩ සටහන් ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැගීම නවෝත්පාදන ප්‍රවර්ධනය සහ පුරවැසියන් බලගැන්වීම කෙරෙහි අවධානය යොමුකරයි. 2021 වසර වන විට තොරතුරු තාක්ෂණ කර්මාන්තය තුළ සේවකයන් මිලියන 2.8ක සංඛ්‍යාවක් සේවයේ යෙදී සිටී මෙන්ම එරට ලබා ඇති දියුණුව සහ ආර්ථිකයට ලැබෙන දායකත්වය වටහා ගත හැකිය.
අප රටටද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දියුණුවක් ලබා ගැනීම සඳහා ඉන්දියානු කර්මාන්තයෙන් මග පෙන්වීමක් ලබාගත හැකිය.
සැම්සුන් කොරියානු දුරකතන සමාගම ඉන්දියානු වෙළෙඳ පොළට ඇතුළු වූයේ 1995 වසරේ දීය. එතැන් සිට වර්ධනය වූ සැම්සුන් ව්‍යාපාර ජාලය මේ වන විට සැම්සුන් නාමය යටතේ ඉන්දියාවේදීම නිෂ්පාදන බිහි කරයි. සැම්සුන්හි ඉන්දියාවේ නිෂ්පාදන කම්හල් දෙකක් ඇත. ඉන් විශාලතම කම්හල පිහිටා ඇත්තේ උත්තර් ප්‍රදේශ්හි ‘‘නොසිඩා’’ කාර්මික ප්‍රදේශයේය. මෙම කම්හල ලොව විශාලතම ජංගම දුරකතන නිෂ්පාදන කර්මාන්ත ශාලාව ලෙස සැලකේ. අනෙක් කම්හල පිහිටියේ චෙන්නායි අසල ශ්‍රී පෙරුම්බුදුර්හිය. මෙම කම්හල් ස්මාර්ට්පෝන් ටැබ්ලට්, ශීතකරණ සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය කරයි. 2018 දී ආරම්භ කළ ‘නොයිඩාහි’ සැම්සුන් කර්මාන්ත ශාලාව ඉන්දියාව ගෝලීය නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම අරමුණු කරගත් ‘‘මේක් ඉන් ඉන්දියා’’ ව්‍යාපෘතියේ ප්‍රධානතම කර්මාන්ත ශාලාවකි. සැම්සුන් සමාගමට ඉන්දියාවේ පර් යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන පහක් තිබේ. එම සමාගම් නොයිඩා සහ බැංගලෝර්හි විශාල ප්‍රදේශයක පැතිර තිබේ. ඉන්දියානු වෙළෙඳ පොළට සහ අසල්වැසි රටවලට දුරකතන නිෂ්පාදනය සහ අලෙවිය සිදුවන්නේ එහි සිටය. එසේ නිපදවන ජංගම දුරකතන ඉන්දියාව පුරා බෙදා හරින සිල්ලර වෙළෙඳසැල් ලක්ෂ දෙකට අධික සංඛ්‍යාවක් ද සැම්සුන් ජාලය සතුය.


‘‘නොයිඩා’’ ඉන්දියාවේ නව කාර්මික නගරය
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ යමුනා ගඟ ආශ්‍රිතව බිහිකර ඇති ‘නොයිඩා’ නගරය ඉන්දියාවේ ‘මෘදුකාංග අගනුවර’ ලෙස හැඳින්වීමේ වරදක් නැත. පසුගිය කාලය තුළ නොයිඩා නුවර මයික්‍රොසොෆ්ට්, සැම්සුන්, ආර්ම් ගෝල්ඩින්යස් සහ බාර්ක්ලේස් වැනි මෘදුකාංග සහ ජංගම දුරකතන සංවර්ධන සමාගම් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. මෙම සමාගම් විදේශ විනිමය මත ඔවුන්ගේ මෘදුකාංග නිෂ්පාදන සංවර්ධන සහ සේවා අපනයනය සමග නගරයේ ආර්ථිකයට දායක වෙමින් සිටියි. සැම්සුන් සමාගම එහි ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 770ක් පමණ වේ. විදේශීය පරිගණක සහ මෘදුකාංග නිෂ්පාදන සමාගම් ගණනාවකම කර්මාන්ත ශාලා සහ කලාපීය මෙහෙයුම් මූලස්ථාන ‘‘නොයිඩා’’ කාර්මික නගරයේ පිහිටුවා ඇත. සුවිශාල දිල්ලි නගරයට යාබදව පිහිටා ඇති නොයිඩා ධනවතුන්ගේ නිවාස සහ ධනවත් සමාගම්වල මූලස්ථානවලින් යුතු ඉන්දියාවට ඩොලර් උපයන ප්‍රධානතම කාර්මික නගරයයි.


මයික්‍රොසොෆ්ට් ඉන්දියා
මයික්‍රොසොෆ්ට් ඉන්දියා සංවර්ධන මධ්‍යස්ථානය යනු ඇමෙරිකානු මෘදුකාංග සමාගමක් වන මයික්‍රොසොෆ්ට් කෝපරේෂන් හි අනුබද්ධිත ආයතනයකි. ඉන්දියාවේ හයිද්‍රාබාද් මූලස්ථානය කර ගෙන පිහිටි මෙම සමාගම එරට තොරතුරු තාක්ෂණ වෙළෙඳ පොළේ මුල් පෙළේ සමාගමක් බවට පත්ව ඇත. අහමදාබාද්, බෙංගලාරු, චෙන්නායි, හයිද්‍රාබාද්, කොල්කටා, පූනේ, මුම්බායි, නවදිල්ලි හා නොයිඩා ආශ්‍රිත නගර 10ක කම්හල් සහ කාර්යාල ඇත.
හම්බන්තොට වරාය වැනි බහාලුම් කර්මාන්තයට විශාල ශක්තියක් වන වරායක් තිබිය දී රාජ්‍ය මැදිහත්වීමක් තොරතුරු තාක්ෂණ කර්මාන්තයට ලබාදෙන්නේ නම් බංකොලොත් වූ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට මාර්ගයක් පාදා ගත හැකි වනු ඇත.

 



අදහස් (0)

තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළේ ඉන්දියානු ආදර්ශය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site