IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


තොරතුරු තාක්ෂණික උද්‍යාන සංකල්පය යල් පැනලා

  • රජය මෙන්ම පෞද්ගලික අංශයත් ඩිජිටල් පරිවර්තනයට සහාය දීම අවශ්‍යයි 

භානුක අමරසිංහ 


 

2026 අයවැය මගින් තොරතුරු තාක්ෂණය ඇතුළු ඩිජිටල් ආර්ථිකය වෙත වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් බවත්, විය යුත්තේ එම යෝජනා ක්‍රියාත්මකවීම බව WSO2 සමාගමේ නිර්මාතෘ සන්ජීව වීරවරණ මහතා පවසයි. 
 “මෙවර අයවැය හරහා රටේ තොරතුරු තාක්ෂණික හැකියාව තවදුරටත් වැඩිදියුණු කිරීමට වගේම ඩිජිටල් ආර්ථික අපේක්ෂා වෙත යෝජනා රැසක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ සඳහා වෙන් කර ඇති මුදල් වුණත් ප්‍රමාණවත්. ඒත් විය යුත්තේ මේ යෝජනා ක්‍රියාත්මක වීමයි.” 
වි‍ශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක හාන්ස් විජේසූරිය මහතාගේ නායකත්වයෙන් මෙම කටයුතු හොඳින් සිදුවන බවත්, පෙර අවස්ථාවලදී මෙන් බාධා ඇති නොවී කටයුතු සිදුවීම වැදගත් බවත් ඒ මහතා පෙන්වා දෙයි. 
 “මමත් අවුරුදු 15ක් තිස්සේ පැවති රජයන් සමගින් මේ තොරතුරු තාක්ෂණය පිළිබඳව දායකත්වය ලබා දී තිබෙනවා. ඒත් විවිධ හේතු නිසා ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වුණේ නෑ. රජයට වුණත් මේ සඳහා සම්පූර්ණයෙන් දායකත්වය දෙන්න බැහැ. පෞද්ගලික අංශයත් මෙයට ඉදිරිපත් විය යුතුයි.” 

මෙවර අයවැයට අනුව 2026දී රජය විසින් ඩිජිටල් ආර්ථික සංවර්ධනය වෙත සිදු කරන රුපියල් මිලියන 25,500 කට අධික ආයෝජනයක් කිරීමට සූදානමින් සිටියි. 
එහිදී GovPay පද්ධතිය ප්‍රචලිත කිරිම, 5G දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය, රජයේ ක්ලවුඩ් යටිතල පහසුකම් දියුණු කිරීම, තනි පියැසි ඩිජිටල් අතුරුමුහුණතක් සඳහා මෘදුකාංග නිර්මාණය, ඩිජිටල් ගනුදෙනු ව්‍යාප්ත කිරීම, QR ගෙවීම් කිරීම ප්‍රචලිත කිරීම, දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ආයෝජන ආකර්ෂණය, කෘත්‍රිම බුද්ධියේ කලාපීය ප්‍රමුඛයකු වීම, ආරම්භක සමාගම් සඳහා අරමුදලක් ස්ථාපිත කිරිම යනාදිය මෙම යෝජනා අතර පවතී. 
මේ අතර රජය මෙවර අයවැය හරහා ඉදිරිපත් කර තිබෙන තොරතුරු තාක්ෂණික උද්‍යාන ස්ථාපිත කිරීම පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කරන වීරවරණ මහතා එය යල් පැනගිය සංකල්පයක් බව පවසා සිටියි. 

 

 



අදහස් (0)

තොරතුරු තාක්ෂණික උද්‍යාන සංකල්පය යල් පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 7 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 855 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site