IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


තෝරාගත් රටවල් කිහිපයක සංචාරකයන්ට ගුවන් තොටුපළේදීම විසා

(අජන්ත කුමාර අගලකඩ)

තායිලන්තය සිංගප්පූරුව යුරෝපා සංගමය සහ ජපානය යන රටවල් වලින්  ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා මෙරටට ගුවන් තොටුපළේදීම විසා නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස මාස 6ක කාලයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

තායිලන්තයෙන් එන  සංචාරකයින්ට මෙරට ගුවන් තොටුපළේදීම විසා නිකුත් කළ යුතු බවට සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා කැබිනට් සංදේශයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඇමැතිවරුන් කිහිපදෙනෙකු මෙය තායිලන්ත සංචාරකයින්ට පමණක් නොව සිංගප්පූරුව ,ජපානය සහ යුරෝපා සංගමය යන රටවලටද දිය යුතු බව පවසා ඇත.

ඒ අනුව මෙම රටවල් වල සංචාරකයින් සඳහා මාස 6ක කාලයක් තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස යටතේ ගුවන් තොටුපළේදී විසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.



අදහස් (7)

තෝරාගත් රටවල් කිහිපයක සංචාරකයන්ට ගුවන් තොටුපළේදීම විසා

bandara Tuesday, 26 February 2019 02:07 PM

කොහොමත් on arrival වීසා ගන්න පුළුවන් නේද? එකම වෙනස පොඩ්ඩක් ගාන වැඩියි. රටවල් කීපයක් හැර. අනික් කරුණ මම දන්නා විදියට සිංගප්පූරු ජාතිකයන්ට ලංකාවට වීසා නොමිලේ ලබා ගන්න පුළුවන්. කවුරු හරි දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කරන්න..

:       55       16

ShanthaFriday, 01 March 2019 09:08 PM

දැනට ඇත්තේ රටට එන්න කලින් අන්තර්ජාලය හරහා ඉල්ලුම් කරලා ලැබෙන ලිපිය ගෙනාවම එයාර්පෝර්ට් එකේදී විසා දෙන්නේ අලුත් ක්‍රමයට කලින් ඉල්ලුම් කරන්න ඕන. වෙනඑකක් නැහැ. නමුත් අදාල ගාස්තුව ගෙවන්න වෙනවා මේක ලංකාවට අලුත් වුණාට ගොඩක් රටවල ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට නවසීලන්ත හෝ ඕස්ට්‍රේලියා ගමන් බලපත්‍රයට සමහර රටවල් නොමිලේ වීසා දෙන අතර සමහර රටවල් මුදල් එවෙලේ අයකරල වීසාදෙනවා.

:       0       1

bandaraTuesday, 05 March 2019 04:23 PM

දැනුත් ETA එක නැතුවත් ගුවන් තොටුපලේම (On Arrival ) ගන්න පුළුවන් නේද? හැබැයි ETA එකට වඩා වැඩියෙන් ගෙවන්න ඕනේ.

:       0       19

de silva berlin Wednesday, 27 February 2019 09:34 AM

යුරෝපයෙන් සහ සිංගප්පුරුවෙන් එන සංචාරකයන්ට කොහොමත් ගුවන් තොටේදී විසා ලැබෙනවා නේ,

:       0       17

anura Saturday, 02 March 2019 06:44 AM

තායිලන්තය ගැන විශේෂ කරුණාවක් පහළ වුනේ මොකද මන්දා?

:       0       16

rohan Sunday, 03 March 2019 05:42 AM

සිංගප්පූරුව හැරුණහම් අනික් කිසිම රටක් ලංකාවේ අපිට ගුවන් තොටුපළේදීම විසා දෙන්නේ නැහැ ඒගැනත් මේ ඇමතිවරු කතා කලානම් නේද හොද.

:       23       96

Mangal Thursday, 07 March 2019 11:17 AM

වෙන්න ඕන මෙකයි, සංචාරකයින් වැඩියෙන් එන රටවල් හදුනාගැනීම මුලින්ම කලයුතුයි. ඒ අනුව ඔන්ලයින් වීසා මාස 1, 2, 3 සහ 6ක් යන කාල සීමාවලට බෙදා ඒ ඒ කාල සීමා අනුව ගාස්තු අයකර ඔන්ලයින් වීසා නිකුත් කල යුතුයි. එවිට ආගමන විගමන අංශයේදී සහ කොළඔදී සංචාරකයින්ට වන රස්තියාදුව අවම කරගත හැකියි. වීසා නිකුත් කිරීමේදී එම රටවල් ලංකාවැසීන්ගෙන් අය කරන ගාස්තුවද සලකා බලා එම රටවලින් එන සංචාරකයින්ගෙන් සමාන මුදලක් ඔන්ලයින් ක්‍රමය තුලින්ම අයකල යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 726 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 890 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site