IMG-LOGO

2025 ජනවාරි මස 24 වන සිකුරාදා


ඩොලරය 192 ට නගී

හර්ෂණ තුෂාර සිල්වා

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙටර ඉතිහාසයේ පළමු වතාවට අද (30) 192 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (30) 192.50 ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192.50 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 187.40ක් ලෙසත් දැක්විණි.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් කොරෝනා වයිරසයේ බලපෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු හා ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සහන පැකේජ ලබාදී ඇත.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 27 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව දත්ත සඳහන් කරයි.

එම කාලයේදී ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.7කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 0.4කින් ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇත. 

එසේ වුවත් යූරෝ මුදල් ඒකකකයට සාපේක්ෂව 2.8 % කින් ද ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.2 %කින් ද අවප්‍රමාණය වී ඇත. 



අදහස් (9)

ඩොලරය 192 ට නගී

Dilan Monday, 30 March 2020 07:49 AM

?

:       1       4

Looka Monday, 30 March 2020 07:55 AM

බන්දුලට සතුටු ඇති කියලා හිතෙනවා.

:       2       93

SamanMonday, 30 March 2020 09:36 AM

කවුරු වුණත් දේශපාලන අන්ධ බාලයෙක්...

:       56       1

ass charyaTuesday, 31 March 2020 05:25 AM

පහුගිය ආණ්ඩුව කාලේ ඔහෙත් හොද අද බාලයෙක් තමයි.

:       0       0

ලුම්බිණි Monday, 30 March 2020 08:30 AM

දැන් කවුරුවත් රුපියල් ගැන කතා කරන්නේ නැහැ නේද? සියලුම දේශපාලකයන් අතුරුදහන් වෙලා.

:       2       132

kusalMonday, 30 March 2020 01:26 PM

හැම බෝක්කුවකම වැලි , කතාකොරගන්න බැරිතරමටම වැලි ..!

:       0       18

අසංග උඩහගේ Monday, 30 March 2020 08:36 AM

ඇමරිකානු ඩොලරයක හුවමාරු වටිනාකම ලෙස වෙනස් විය යුතුය..

:       7       4

lanka Monday, 30 March 2020 12:23 PM

ජාතික ප්‍රේමය ඉදිරියට දාලා මිනිස්සුන්ව පාලනය නොකර විදේශගත ලාංකිකයන්ව තරහ කරගත්තොත් ඕක කියට නැගලා නවතීද දන්නේ නැහැ .

:       0       55

mahinda Thursday, 02 April 2020 04:13 AM

පාස්කු ප්‍රහාරය කාලෙත් ඔහොම වුනා ඔස්තාර්ලා කිව්වේ ආණ්ඩුව මොටද මෙහෙම වෙනවනම් කියලා අද ඒ ඔස්තාර්ලා කොරෝන එත් පොදු මහජනයාට තේරෙනව රටේ ආර්ථිකය ගැන ඔය කිසි දෙයක් හරියට කරගන්න බැරි හුඟ දෙනෙක් ආචාර්ය ,මහාචාර්ය ල තමයි දෙපැත්තේම කුස්සියේ වැඩ කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අයිස් සමඟ දෙන්නෙක් මාට්ටු
2025 ජනවාරි මස 24 0 0

කළුතර සහ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීම සදහා යොදාගත් යතුරු පැදි පහක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨා


ඇමති වියදම් ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්
2025 ජනවාරි මස 24 184 0

රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා වි


පළාත් කීපයකට අදත් තද වැසි
2025 ජනවාරි මස 24 63 0

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මදුරන්කුලියේ වත්තක මුරකරුට වෙඩි තියලා
2025 ජනවාරි මස 24 176 0

මදුරන්කුලිය උනාවෙලිය හෙට්ටිවත්තට ආයුධ සන්නද්ධව කඩා වැදිනු පිරිසක් සිදුකල වෙඩි තැබිමකින් එම වතුයායේ මුරකරු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇ


ට්‍රම්පේ යෝජනාවට රුසියාවෙන් ප්‍රතිචාර
2025 ජනවාරි මස 23 4197 0

යුක්රේන යුද්ධය අවසන් කර සාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට කළ යෝජනාවට පළමුවරට ප්‍රතිචාර දක්වමින් සාම සාකච්ඡා


ට්‍රම්ප්, බයිඩන්ට දෙහි කපයි
2025 ජනවාරි මස 23 1880 0

ඇමෙරිකාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටිමින් ජනපති ට්‍රම්ප් හිටපු ජනපති ජෝ බයිඩන් විවේචනය කර ඇතැයි ව


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 13 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 519 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 637 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site