IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


ඩොලරය 192 ට නගී

හර්ෂණ තුෂාර සිල්වා

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙටර ඉතිහාසයේ පළමු වතාවට අද (30) 192 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (30) 192.50 ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192.50 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 187.40ක් ලෙසත් දැක්විණි.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් කොරෝනා වයිරසයේ බලපෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු හා ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සහන පැකේජ ලබාදී ඇත.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 27 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව දත්ත සඳහන් කරයි.

එම කාලයේදී ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.7කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 0.4කින් ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇත. 

එසේ වුවත් යූරෝ මුදල් ඒකකකයට සාපේක්ෂව 2.8 % කින් ද ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.2 %කින් ද අවප්‍රමාණය වී ඇත. 



අදහස් (9)

ඩොලරය 192 ට නගී

Dilan Monday, 30 March 2020 07:49 AM

?

:       1       4

Looka Monday, 30 March 2020 07:55 AM

බන්දුලට සතුටු ඇති කියලා හිතෙනවා.

:       2       93

SamanMonday, 30 March 2020 09:36 AM

කවුරු වුණත් දේශපාලන අන්ධ බාලයෙක්...

:       56       1

ass charyaTuesday, 31 March 2020 05:25 AM

පහුගිය ආණ්ඩුව කාලේ ඔහෙත් හොද අද බාලයෙක් තමයි.

:       0       0

ලුම්බිණි Monday, 30 March 2020 08:30 AM

දැන් කවුරුවත් රුපියල් ගැන කතා කරන්නේ නැහැ නේද? සියලුම දේශපාලකයන් අතුරුදහන් වෙලා.

:       2       132

kusalMonday, 30 March 2020 01:26 PM

හැම බෝක්කුවකම වැලි , කතාකොරගන්න බැරිතරමටම වැලි ..!

:       0       18

අසංග උඩහගේ Monday, 30 March 2020 08:36 AM

ඇමරිකානු ඩොලරයක හුවමාරු වටිනාකම ලෙස වෙනස් විය යුතුය..

:       7       4

lanka Monday, 30 March 2020 12:23 PM

ජාතික ප්‍රේමය ඉදිරියට දාලා මිනිස්සුන්ව පාලනය නොකර විදේශගත ලාංකිකයන්ව තරහ කරගත්තොත් ඕක කියට නැගලා නවතීද දන්නේ නැහැ .

:       0       55

mahinda Thursday, 02 April 2020 04:13 AM

පාස්කු ප්‍රහාරය කාලෙත් ඔහොම වුනා ඔස්තාර්ලා කිව්වේ ආණ්ඩුව මොටද මෙහෙම වෙනවනම් කියලා අද ඒ ඔස්තාර්ලා කොරෝන එත් පොදු මහජනයාට තේරෙනව රටේ ආර්ථිකය ගැන ඔය කිසි දෙයක් හරියට කරගන්න බැරි හුඟ දෙනෙක් ආචාර්ය ,මහාචාර්ය ල තමයි දෙපැත්තේම කුස්සියේ වැඩ කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පළාත් සභා වාහන 2000ක් අතුරුදහන්
2025 ජනවාරි මස 14 311 0

පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ


අම්පාරට යළි ගංවතුර:ගල්ඔය ගඟත් අවදානමේ
2025 ජනවාරි මස 14 282 0

අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන


ඇමැති බංගලා කුලියට ගන්න පෞද්ගලික ආයතනත් පෝලිමේ
2025 ජනවාරි මස 14 1186 0

ඇමතිවරුන්ගේ බංගලා කුලියට ලබාගැනීමට පෞද්ගලික ආයතනත් දහයකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා


වැවිලි සමාගම් 23ක් කෝටි 59 ක් රජයට අහිමි කරලා
2025 ජනවාරි මස 14 386 0

රජයේ ඉඩම් බද්දට ගත් වැවිලි සමාගම් විසිතුනක් රුපියල් කෝටි 59 කට ආසන්න බදු මුදලක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳ


දිස්ත්‍රික්ක 5කට නාය අනතුරු ඇඟවීම්
2025 ජනවාරි මස 14 213 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑමේ පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට ජ


ජනපති- ෂී ජින් පිං හමුව හෙට
2025 ජනවාරි මස 14 398 1

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියම


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 205 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 551 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 298 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site