
(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉකුත් සතියේදී 194 සීමාව ඉක්මවා ගිය රුපියල මේ වනවිට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (1) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 189.80ක් ලෙස දැක්වුණු අතර ගැනුම් අගය රුපියල් 184.90ක් ලෙස දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පසුගිය සතියේදී 194 සීමාව ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෙසැම්බර් 24 වැනිදා නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 194.66ක් දක්වා පහළ ගියේය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අනුව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.6කින් අවප්‍රමාණය වී ඇත.
COMMENTS
මේ අර්ථකථනය වැරදියි. මේ තියෙන්නේ මැටියෙන් අඹපු ඩොලරයක්. ලංකා ආර්ථිකයට සාපේක්ෂව තියෙන නිවැරදි විනිමය අනුපාත නොවේ. මේ කෘතිම ඩොලර් අනුපාත දිගටම හදන එකේ විපාක ඉතාම බිහිසුණුයි. ඉදිරි මාස 6 ලංකාවට ඉතාම තීරණාත්මකයි.
සුපුරුදු සූදුව පටන් අරන් වගේ...
කබ්රාල්ගේ පරණ සෙල්ලම පටන් අරන් වගේ... අපේ හාමුදුරුවනේ... ?
200 පැනලා ස්ථාවර වුණොත් තමයි හොඳ...
මේ පරණ පුවත් තාම තියාගෙන ඉන්නේ රජයට සුදුහුණු ගාන්නද? දේශපාලුවන්, අමනයන් කිරීමේ වැඩි වගකීම ගතයුත්තේ මාධ්‍යයයි.