IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඩර්ඩන්ස් බහුවිධ සුවතා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ‘%Revive by Durdans’ එළිදක්වයි

ඩර්ඩන්ස් රෝහල විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ සුවතා සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන Revive by Durdans නිල වශයෙන් එළිදක්වා තිබේ. මෙය එක් එක් පුද්ගලයන් සඳහා විශේෂයෙන් සකස් කළ ප්‍රතිකාරවලින්, නවතම සහ වඩාත්ම දියුණු චිකිත්සක ක්‍රමවලින් සහ රෝගවලට ප්‍රතිකාර කිරීම අභිබවා යමින් ශාරීරික සහ මානසික සෞඛ්‍ය්‍ය රැක ගැනීමට අවශ්‍ය පහසුකම්වලින් සමන්විත වේ. 
මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ වැදගත් සංධිස්ථානයක් වන අතර, විශේෂඥ වෛද්‍යවරුන් සහ සුවතා වෘත්තිකයන් කණ්ඩායමක මගපෙන්වීම යටතේ ජාත්‍යන්තර මට්ටමේ පුනරුත්ථාපන සේවා රැසක් එකම ස්ථානයකින් ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දෙයි.
උසස් පුනරුත්ථාපන ක්‍රමවේද සහ නවීන ජීවන රටාවට ගැලපෙන සුවතා ප්‍රතිකාර ඒකාබද්ධ කිරීමෙන්, Revive by Durdans සුවපත් වීම යන සංකල්පයට නව අරුතක් එක් කරයි. මෙම මධ්‍යස්ථානය දිගුකාලීන සුවපත්භාවය සහ සෞඛ්‍ය්‍ය රැක ගැනීම සඳහා අවශ්‍ය සියලු‍ සේවා ඒකාබද්ධ කරගනිමින් රෝගියාටම සුවිශේෂී වූ ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කරයි. තවද භෞත චිකිත්සාව, ස්නායු, හෘද සහ අස්ථි පුනරුත්ථාපනය, මනෝවිද්‍යාත්මක සහාය, පෝෂණ උපදෙස්, යෝග්‍යතා පුහුණුව, යෝග සහ සිහිය පදනම් කරගත් ප්‍රතිකාර ඇතුළු සේවා රැසක් මෙහිදී පිරිනැමේ.
ඩර්ඩන්ස් රෝහලේ වසර 80 ක විශ්වාසනීය සෞඛ්‍ය සේවා උරුමය සමගින් Revive, ශ්‍රී ලංකාවේ බහුවිධ පුනරුත්ථාපනය සඳහා වූ වර්ධනය වන අවශ්‍යතාව සපුරාලයි. එය ශල්‍යකර්ම, තුවාල හෝ නිදන්ගත තත්වයන්ගෙන් සුවය ලබන පුද්ගලයන්ට මෙන්ම සෞඛ්‍ය යහපැවැත්ම නැවත ලබා ගැනීමට හෝ අඛණ්ඩව පවත්වා ගැනීමට අපේක්ෂා කරන අයට ද සිය සේවය සපයයි.
ඩර්ඩන්ස් රෝහලේ සභාපති අජිත් තූඩාවේ මහතා මේ පිළිබඳ සිය අදහස් මෙසේ පැවසීය: “ඩර්ඩන්ස් රෝහලේ අපගේ ඉලක්කය සැමවිටම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ප්‍රමිතිය ඉහළ නැංවීමයි. Revive එළිදැක්වීමත් සමගින්, සායනික පුනරුත්ථාපනය, ජීවන රටාව කේන්ද්‍ර කරගත් සුවතාව සමග ඒකාබද්ධ කරමින් අපි එම කැපවීම තවදුරටත් ශක්තිමත් කරමු. මෙම මධ්‍යස්ථානය රෝගී සත්කාරයේ අපගේ අඛණ්ඩ නවෝත්පාදනය පිළිබිඹු කරනවා පමණක් නොව, ස්වයං අධිෂ්ඨානයකින් යුතුව සුවය ලැබීමේ ගමනක් ආරම්භ කරන අයට බලාපොරොත්තුවේ පහනක් ද වේ.”‍
ඩර්ඩන්ස් රෝහලේ විධායක අධ්‍යක්ෂ රක්ෂිත තූඩාවේ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය: “Revive by Durdans නිර්මාණය කරන ලද්දේ සැබවින්ම පෞද්ගලීකරණය කරන ලද සහ උසස් පුනරුත්ථාපන සේවා සැපයීම සඳහායි. නවීනතම පහසුකම්, ශාරීරික සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සහ විශේෂඥයන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහන්වලින්, සුවය ලැබීමේ ක්‍රියාවලිය ශාරීරිකව මෙන්ම චිත්තවේගීයව සහ මානසිකව ද සුවිශේෂී අත්දැකීමක් බවට අපි පත් කරන්නෙමු.”‍
දේශීය හා විදේශීය රෝගීන් දෙපාර්ශ්වයටම සැලසුම් කර ඇති Revive, ශ්‍රී ලංකාව වෛද්‍ය පුනරුත්ථාපනය සහ සුවතාව සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කරයි. මෙහිදී ක්‍රීඩා ආබාධයකින්, හෘද රෝගයකින්, ස්නායු රෝගයකින් සුවය ලබන, නැතහොත් යමක් වැළැක්වීමට සෞඛ්‍ය විසඳුම් සොයන, ඕනෑම අවශ්‍යතාවකින් යුතු රෝගියකු සඳහා වෛද්‍යවරුන්, භෞත චිකිත්සකවරුන්, මනෝවිද්‍යාඥයන්, පෝෂණවේදීන් සහ සුවතා පුහුණුකරුවන්ගෙන් සමන්විත බහුවිධ කණ්ඩායමක් විසින් සකස් කරන ලද පෞද්ගලීකරණය කරන ලද සත්කාර සැලැස්මක් හිමි වේ.
මෙම මධ්‍යස්ථානය සුවපත් වීමේ ක්‍රියාවලියේ සෑම අදියරකදීම එනම්, වේදනා කළමනාකරණය, ඉරියව් නිවැරදි කිරීම, අස්ථි හා ක්‍රීඩා ආබාධ පුනරුත්ථාපනය, ස්නායු හා හෘද පුනරුත්ථාපනය සහ ශල්‍යකර්මයෙන් පසු සුවය ලැබීම ඇතුළු සියලු‍ අදියර සඳහා අවශ්‍ය සහාය ලබාදීමට පුළුල් පරාසයක සේවා සපයයි. තවද යෝග, භාවනා, ක්‍රියාකාරී පුහුණුව, මනෝවිද්‍යාත්මක උපදේශනය සහ ආතති කළමනාකරණය වැනි සුවතා ප්‍රතිකාර මගින් රෝගීන්ගේ සුවපත් වීමේ ගමන තවදුරටත් ශක්තිමත් කරයි. සෑම වැඩසටහනක්ම පෞද්ගලීකරණය කරන ලද පෝෂණ සහ ජීවන රටා උපදෙස් මගින් සමස්ත සුවතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන්ම සකස් කර ඇත. 
ඩර්ඩන්ස් රෝහල, මෙම එළිදැක්වීමෙන් සුවපත් වීමේ ක්‍රියාවලිය උසස්, පෞද්ගලීකරණය කරන ලද සහ සියලු‍ සේවා එකට එක්කර ලබා දිය හැකි බව සනාථ කරමින් ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපනය පිළිබඳ මහජන මතයට නව අරුතක් එක් කිරීමට අපේක්ෂා කරයි. Revive by Durdans යනු පහසුකමකට එහා ගිය, එක් එක් පුද්ගලයාගේ සම්පූර්ණ සුවතාවය වටා සත්කාර කේන්ද්‍රගත කරන දර්ශනයකි.

 



අදහස් (0)

ඩර්ඩන්ස් බහුවිධ සුවතා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ‘%Revive by Durdans’ එළිදක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 183 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 391 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 167 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site